Divaina - අයි. පී. නිශාන්ත ද සිල්වා මගේ නඩුවක තොරතුරු රන්ජන් රාමනායක සමග දුරකථනයෙන් කතා කරලා.... නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



ශ්‍යාම් නුවන් ගනේවත්ත

nishantha135අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ප‍්‍රධානි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මට විරුද්ධව අධිකරණයේ විභාග වෙමින් පැවතුණ නඩුවකට අදාළ තොරතුරු දුරකථනයෙන් පසුගිය රජයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක මහතා සමග සාකච්ඡා කර ඇති බව නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඊයේ (15 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර එම හඬපටියට අදාළ පරිවර්තිත උධෘතයක් ද ඊයේ කොමිසම හමුවට ඉදිරිපත් කොට එය කොමිසමේ ලේඛනයක් ලෙස සලකුණු කරන ලදී.

එම දුරකථන සංවාදය ඇසුරින් අසන ලද ප‍්‍රශ්නවලටද ද සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.

සභාපති - මෙහි සීඞී එක කොමිසමට දුන්නාද?

සාක්ෂිකරුගේ නීතිඥ - ඔව්. ලබාදුන්නා.

අදාළ දුරකථන සංවාදයේ පරිවර්තිත උධෘතයට අවධානය යොමු කළ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඔහුගේ උසස්වීමකට අදාළ ලේඛන සකසා ඇති බවක් පැහැදිලි වනවා නේදැයි විමසීය.

එය තහවුරු කරමින් සාක්ෂිදුන් සාක්ෂිකරු ප‍්‍රකාශ කළේ අධිකරණයේ විභාග ෙමින් පැවැති නඩුවකට අදාළ විමර්ශන ලේඛන සමග තොරතුරු තුන් වන පාර්ශ්වයකට ලබාදීමක් ගැන මේ දුරකථන සංවාදයෙන් අසන්නට ලැබෙන බවයි.

නීතිඥ - මෙහි රන්ජන් රාමනායක මහතා ඔබ ගැන ප‍්‍රශ්නයක් අහනවද?

සාක්ෂිකරු - එහෙමයි.

නීතිඥ - ඔබ සම්බන්ධ පරීක්ෂණයට අදාළ කරුණු නේද රන්ජන් රාමනායක මහතා එම දුරකථන සංවාදයෙන් විමසන්නේ?

සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - 11 දෙනා පැහැර ගැනීමට අදාළ වාර්තාව රන්ජන් රාමනායක ඉල්ලනව නේද පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාගෙන්.

සාක්ෂිකරු - ඔව්. එය ඒ වනවිට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් උසාවියේ විභාග වන නඩුවක්. මෙම නඩුවට අදාළ විමර්ශන ලේඛන තුන්වන පාර්ශ්වයක් සමග සාකච්ඡා කරනවා. ඒවා දේශපාලන පුද්ගලයකුට ලබාදීම ගැන මෙහි සාකච්ඡා වෙනවා.

නීතිඥ - මේ සිදුවීම නිසා ඔබ කොපමණ කලක් රක්ෂිත බන්ධනාගාරගත වී සිටිනවද?

සාක්ෂිකරු - මාස 11 ක් පමණ සිටිනවා. මට ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වුණා. ඒ කාලයේ මගේ නැන්දම්මා සියදිවි නසා ගත්තා. මා ලක් වූයේ විශාල දේශපාලන පළිගැනීමකට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන මහත්වරු සාක්ෂි විකෘති කරලා සාක්ෂි හංගලා වැරදි විදියට අපව නඩුවලට පැටලූවා. මේ සියල්ල සලකා බලා අපට සාධාරණය ඉටු කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ අගතියට පත් පැමිණිලිකරු ඉල්ලා සිටින සහනය ගැන ද කොමිසම විමසීමක් සිදු කරන ලදී. ඒ පිළිබඳ තම සේවාදායකයා සමග සාකච්ඡා කර කොමිසමට ප‍්‍රකාශ කරන බව කමාන්ඩර් සුමිත් රණසිංහගේ නීතිඥවරයා කොමිසමට කියා සිටියේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles