Divaina - සහරාන්ගේ ප‍්‍රහාරයක් ගැන රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා 2019 අපේ‍්‍රල් 08 දා දැනුම් දුන්නා... ජාතික බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 එරික් ගාමිණි ජිනපි‍්‍රය
 
sisirසහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුතු ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් නුදුරේදීම ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බව රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා විසින් තමන්ට 2019 අපේ‍්‍රල් 08 වැනි දින යොමු කළ ලිපියේ සඳහන් කර තිබූ බව එවකට ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පසුගිය (14 දා* පැවැසීය.
 
 ටොප් සීක‍්‍රට් යනුවෙන් සඳහන් කර යොමුකර තිබූ එම ලිපිය පිළිබඳව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ පළමු වරටය. මෙන්ඩිස් මහතාගෙන් සාක්‍ෂි විමසූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ තමන් කුමන ආගමික භක්තිකයෙක් ද යන්නයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙන්ඩිස් මහතා තමන් හොඳ බෞද්ධයකු වන අතරම තම බිරිඳ රෝමානු කතෝලික අයකු බවත් පැවසීය. ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ විශේෂ අවස්ථාවල දී සිය බිරිඳ දේවස්ථානය කරා රැුගෙන යන්නේද යන බවයි. මෙන්ඩිස් මහතා ‘ඔව්’ යනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වීය.
 
 එවැනි පසුබිමක් තුළ අපේ‍්‍රල් 8 වැනිදා ලද තොරතුරට අනුව පල්ලි ඉලක්ක විය හැකි බවට සඳහන්වී තිබියදී ඒ සම්බන්ධයෙන් කුමන පියවරක් ගත්තේ යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියාය.
 
 ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා ප‍්‍රකාශ කර සිටියේ තමන්ට අපේ‍්‍රල් 8 වැනි දින පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ ගන්නද ඔහු තමා යන විට දිවයිනට පැමිණ සිටි ඉන්දීය ආරක්‍ෂක ලේකම්වරයා සමග සාකච්ඡුාවක නිරත වී සිටිය බැවින් එම උත්සාහය ව්‍යාර්ථ වූ බවයි. එසේ වුවත් එදින පස්වරුවේ තමන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුවී රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් ලබාදී තිබූ තොරතුරු පිළිබඳව ඔහු දැනුවත් කළ බවත් මෙන්ඩිස් මහතා පැවැසීය. එම අවස්ථාවේදී මෙන්ඩිස් මහතා තමාට හෙට බුද්ධි සම්බන්ධීකරණ
 
 රැුස්වීමේදී මෙය ගන්න කියලා නිලන්තට කියමු යනුවෙන් පැවසූ බවත් පැවැසීය.
 
 එම අවස්ථාවේදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ බුද්ධි සම්බන්ධීකරණ රැුස්වීමේදී අදාළ තොරතුරු සාකච්ඡුාවට ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන්නේද යන්නයි. තමන්ට ඒ පිිබඳව දැනුම් දෙන්න අමතක වූ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ඔහු වෙත පළමුවෙන් ලද බුද්ධි තොරතුරු සාකච්ඡුාවට බඳුන් කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා සතු
 
 වගකීමක් වන බවයි.
 
 එහිදී ජනාධිපති කොමිසමේ විනිසුරුවරයකු සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ අපේ‍්‍රල් 09 වැනි දින පැවැති බුද්ධි සමාලෝචන රැුස්වීමේ න්‍යාය පත‍්‍රයට ඒ පිළිබඳව ඇතුළත් නොකළේ මන්ද යන්නයි.
 
 එම අවස්ථාවේදී මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කර සිටියේ බුද්ධි තොරතුරු ලද නිලධාරීන් තමන් සතු තොරතුරු බුද්ධි සම්බන්ධීකරණ රැුස්වීමේදී සාකච්ඡුාවට බඳුන් කිරීම සිදුවන බැවින් එම තොරතුරු විශේෂයෙන් න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොකළ බවයි.
 
 මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ අපේ‍්‍රල් 8 වැනි දින පස්වරුවේ නිලන්ත ජයවර්ධන මහතා විසින් සිසිර මෙන්ඩිස් මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේද යන්නයි.
 
 එදින පස්වරුවේ නිලන්ත ජයවර්ධන මහතා තමා දුරකථනයෙන් අමතා සහරාන් සම්බන්ධයෙන් එවූ වාර්තාව පිළිබඳව විමසූ බවත්, සහරාන්ව නීති විරෝධීව රටින් පිට කිරීමට දේශපාලනඥයෝ, සහෝදරයෝ සම්බන්ධ යැයි සඳහන් වීම නිසා එය දේශපාලන කරුණක් බවට පත්විය හැකි බව නිලන්ත ජයවර්ධන මහතා තමාට පැවසූ බවත් පැවසීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles