Divaina - පළාත් සභා එපා කියන්නේ ජනතාවට සහන ලබාදීමට එරෙහි අයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 සිරිමන්ත රත්නසේකර
 
 palathsaba135පළාත් සභා ක‍්‍රමය එපා යැයි යම් අයකු පවසන්නේ නම් ඔහු ජනතාවට සහන ලැබීමට එරෙහි වූවෙක් බව පළාත් සභා සංසදයේ නියෝජිත ජනක වැලිවත්ත මහතා පැවැසීය.
 
 එහෙයින් පළාත් සභා වහා පවත්වා ජනතාවගේ සහන සැපයීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු යැයිද හෙතෙම කීවේය.
 
 පළාත් සභා සංසදයේ නියෝජිත ජනක වැලිවත්ත මහතා පසුගියදා (11 වැනිදා* එම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සංසදයේ නියෝජිත ජනක වැලිවත්ත මහතා මෙසේ කීවේය.
 
 පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න ජනතාව විශාල කුතුහලයක ඉන්නවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පළාත්සභාවට ඇති බලතල කුමක්ද යන්න පැහැදිලිව සඳහන් වෙනවා. පළාත් සභා ක‍්‍රමය හරහා ජනතාවට එදිනෙදා කටයුතු සඳහා විශාල පහසුවක් ලැබී තිබෙනවා.
 
 ජාතික රෝහල් හැර අනෙක් සියලූ රෝහල් පවතින්නේ පළාත් සභා යටතේයි. ජාතික පාසල් තුන්සීයක් පමණ හැරුණු කොට අනෙක් පාසල් පවතින්නේ පළාත් සභා යටතේ. ඒ වගේම අනෙකුත් බොහෝ සේවා පවතින්නේ පළාත් සභා සතුවයි.
 
 කවුරු හරි කියනවානම් පළාත් සභා අහෝසි කරමු කියලා එය ජනතාවට සපයන සේවාවට කරන බාධාවක් බව කියන්න ඕනෑ. පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ආයතනවල සේවකයන් හාරදහසක් පමණ සිටින බවයි. එතුමා මෙය කරුණු හරිහැටි දැන කරන ප‍්‍රකාශද කියලා හිතනවා. ඒ පළාත් සභා අහෝසි කළහොත් ඒ පිරිස සේවයෙන් ඉවත් කරන්නවත් සේවා සපයපු ගොඩනැඟිලි එතැනින් ඉවත් කරන්නවත් බැහැ.
 
 ඒ පළාත් සභා ක‍්‍රමය අවලංගු වුවත් මේ සේවක පිරිස සේවය කරන්න ඕනෑ. පළාත් සභා සුදු අලියෙක් කියන කාරණය අප පිළිගන්නේ නැහැ. මේ ක‍්‍රමය අප රටට ගැලපෙන්නේ නැත්නම් එය ඉවත් කළාම අපට ප‍්‍රශ්නයක් නැහැ. එය කළ යුත්තේ නව ව්‍යවස්ථාව මගිනුයි.
 
 ආණ්ඩුකාරවරු පළාත් සභා පාලනය කිරීම වැරදියි. ඔවුන් හරහා මුදල් වෙන්කිරීම වැරදියි. එහෙයින් මේ සම්බන්ධයෙන් අප අධිකරණය හමුවට පවා ගොස් තිබෙනවා. එහෙයින් පළාත් සභා මැතිවරණය පවත්වන්න යැයි අප ඉල්ලා සිටිනවා. පළාත් සභා එපා කියන සරත් වීරසේකර මහතා පළාත් පාලන ආයතනයන් හෝ පාලනය කළ අයෙක් නෙමෙයි. අපේ වියදම් වැඩියි කියනවානම් ඔහුට තමන් පාර්ලිමේන්තුවේ ගන්නා වරප‍්‍රසාද නොගෙන ආදර්ශයක් දෙන්න පුළුවන්.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles