Divaina - ප‍්‍රහාරයක් එල්ල වන බව පල්ලිවලට දැනුම් දීම මගේ වගකීමක් නොවෙයි.. හිටපු ආරක්‍ෂක ලේකම් සමග දුරකථන සංවාදයේදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ කියලා...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කොමිසමේදී හෙළිවෙයි

එරික් ගාමිණී ජිනපි‍්‍රය

nilanthajayaපල්ලිවලට ගොස් ප‍්‍රහාරයක් එල්ල වන බව දැනුම් දීම තමන්ගේ වගකීමක් නොවන බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂවරයා වූ නිලන්ත ජයවර්ධන මහතා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සමග දුරකථන සංවාදයක යෙදෙමින් ප‍්‍රකාශ කර ඇත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ජයවර්ධන මහතා මීට පෙර අවස්ථාවක දී සඳහන් කර සිටියේ තමා සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක් පටිගත කර තිබෙන බවත් අවශ්‍ය වුවහොත් පමණක් එය ඉදිරිපත් කරන බවත්ය.

එහෙත් ඊයේ (14දා* නිලන්ත ජයවර්ධන මහතා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේ කොමිෂන් සභා පනතින් ලැබී ඇති බලතල අනුව එම පටිගත කිරීම කොමිෂන් සභාව හමුවේ ප‍්‍රචාරය කරන ලෙස නියෝග කරන බවයි.

2019 අපේ‍්‍රල් මස අග හෝ මැයි මස මුල සිදුවී ඇති එම දුරකථන සංවාදය මෙසේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ, නිලන්ත ජයවර්ධන - මේ ගැන ජනාධිපතිට, අගමැතිට කිව්වේ නැහැ කියන එක දේශපාලන ප‍්‍රකාශයක්නේ. අගමැතිතුමාට කිව්වා කියලා අගමැතිතුමා පාරේ බැරියර් දාන්නෙයි. සර් ජනාධිපතිතුමා හමු වුණා ද?

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු - ඉතාම සුහදව කතා කරලා ඊට පසුදා සිට  ගහනවනේ.

හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන - මෙච්චර එකක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා කියපු එකෙන් සර් කිව්වේ නැහැ කියලා ඔප්පු වෙනවා.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු - මම කිව්වේ නෑ ඇත්තනේ.

නිලන්ත ජයවර්ධන - ඔහොම යන්න දෙන්න. දැන් කරන්න දෙයක් නෑ. මට  ගහනවා මම ජනාධිපතිතුමාගේ ගෝලයා කියලා. මම අයින් කරන්න බැහැ.

හේමසිරි ප‍්‍රනාන්දු - මම සිසිරට කියලා තියෙනවානේ. එයා පොලිස්පතිට කියනවා.

නිලන්ත ජයවර්ධන - මහේෂ් සේනානායකත් දන්නේ නැහැ කියලා කිව්වනේ. 16 න් පසුව මම රිපෝට් තුනක්  ගැහුවා. 16 වැනිදා පුපුරුවා හැරීම ඩ‍්‍රයිරන් එකක් කියලා කිව්වා. 20 වැනිදාත් ගහනවා කියලා කිව්වා. 21 වැනිදා උදෙත් කිව්වා. මට කිව්වා පංචිකාවත්ත, මරදාන බලන්න කියලා. හෝටල් වලටත් ගහනවා කියලා කිව්වා. ඒ නිසා ඒ අය දන්නේ නැහැ කියලා කියන්න බැහැ. මම ඒ අයට කියන්න බැඳිලත් නැහැ.

හේමසිරි ප‍්‍රනාන්දු - ඔයා මට කිව්ව නම් පොලිස්පතිට මෙන්න මේවා කියන්න කියලා.

නිලන්ත ජයවර්ධන - මට කිව්වේ නැහැනේ කොළඹට ගහනවා කියලා. මිනිහෙක් බේරගන්න එක අපේ යුතුකම. සර් කියන්න ඕනි නැහැ පොලිසියට බැරියර් දාන්න කියලා. එස්. එම්. එස්. එක එව්වට පස්සේ වෙල් රිසිව් (හොඳයි ලැබුණ* කියලා එව්වා. 20 රෑ 9.00 වෙනකොට එවලා තියෙනවා. ජනපතිව දැනුවත් නොකළ එක අල්ලන් කියනවා. කිව්වයි කියලා බෝම්බ ගහන එක වලක්වන්න බැහැ.

හේමසිරි ප‍්‍රනාන්දු - අපේ තියන හිතවත්කමට කිව්ව නම් මට අරක කියන්න කියලා.

නිලන්ත ජයවර්ධන - එයාපෝට් එකට ගහනවා නම් අපි කියන්නේ එයාපෝට් එකට ගහනවා කියලා. ඊට පසුව ඒ අය ප්‍රොටෝ කෝල් (ධූරාවලිය එකට අනුව කටයුතු කරන්න ඕනි.

සර් පල්ලිවලට ගහනවා කියලා කිව්වා. පස්සෙ පල්ලියට ගිහින් කියන එක අපේ වගකීම නොවෙයි. ටොප් සීක‍්‍රට් (අතිශය රහසිගතයි* කියලා දැම්මට පස්සේ තව මොකද්ද?

හේමසිරි ප‍්‍රනාන්දු - හෝටල් පරීක්‍ෂා කරද්දිත් බෝම්බ කීයක් ගියා ද?

නිලන්ත ජයවර්ධන - 9 වෙනි දායින් පසුව අපි ගත්ත ඇක්ෂන් මදි. වන සතුන් ගැන තිබුණු මීටින් එකේදී මම කිව්වා මෙහෙම එකක් තියෙනවා කියලා. හමුදාවේ අයට මම කිව්වා අපේ කට්ටිය එක්ක කතා කරන්න කියලා.

අපි වෙපන්, එක්ස්ප්ලෝසිව් සොයා ගත්තා. මම ඒ ගැන සිකියුරිටි කවුන්සිල් එකකදී කිව්වා. පුපුරව ගන්න කලින් උන් කියනවා බල්ලෝ අපේ පස්සෙන් පන්නනවා කියලා. සර් පොලිස්පති ඉල්ලා අස්වුණා ද දන් නෑ නේද?

හේමසිරි ප‍්‍රනාන්දු - දන් නෑ.

නිලන්ත ජයවර්ධන - මට කියන්න තියෙන්නේ මම හිරේ දාන්න බැහැ. අනිත් අය කළ දේ මම දන්නේ නැහැ. සර් කියන්න 20 පොලිස්පතිට කිව්වා කියලා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles