Divaina - වැලිකඩ බන්ධනාගාර සිද්ධියට ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කිරීමට කිසිම අයුරකින් කටයුතු කළේ නැහැ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 මට දේශපාලන බලපෑම් ආවෙත් නැහැ මම බලපෑම් කළෙත් නැහැ

- හිටපු අධිකරණ ඇමැති තලතා අතුකෝරළ
 
ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 talatka135තමා ඇමැතිවරිය ලෙස සිටියදී හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ සිදුවීමට සම්බන්ධ කිරීමට කිසිම ආකාරයකින් කටයුතු නොකළ බව හිටපු අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය කීවාය.
 
 එම චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බවද එය තමා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරන බවද තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (14 දා*
 
 පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙමින් කීවාය.
 
 හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු වූ එමිල් රංජන් ළමාහේවා මහතා විසින් මෙම කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි දීම සඳහා ඊයේ දිනයේ හිටපු අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරිය මෙම කොමිසම හමුවට කැඳවා තිබිණි.
 
 තමා කිසිම දේශපාලන බලපෑමක් මත කටයුතු නොකළ බවද එසේම තමාට කිසිම දේශපාලන බලපෑමක් නොතිබුණු බවද හිටපු ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
 
 කොමිසම ඊයේ (14 දා* උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ඒකනායක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන රැුස්විය. කොමිසම හමුවේ අසන ලද හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ඇමැතිවරිය තමාට ඉදිරිපත්වී ඇති චෝදනාවලට පිළිතුරු දෙමින් මේ බව කීවාය.
 
 නීතිඥ- ඔබ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරිය ලෙස කටයුතු කළා නේද?
 
 සාක්‍ෂිකාරිය- ඔව් කටයුතු කළා.
 
 නීතිඥ- ඔබ මහර බන්ධනාගාරයට වරක් ගියා නේද?
 
 සාක්‍ෂිකාරිය- නෑ මම කිසිම අවස්ථාවක මහර බන්ධනාගාරයට ගිහින් නැහැ. වැලිකඩ, බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට මම ගිහින් තිබෙනවා.
 
 නීතිඥ- ඔබ වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවකදී බන්ධනාගාර අධිකාරිවරයකු වන ජගත් චන්දන වීරසිංහ මහතා හමුවෙලා තියෙනවද?
 
 සාක්‍ෂිකාරිය- විශේෂ හමුවීමක් ගැන කියන්න අපහසුයි. සාමාන්‍යයෙන් මම යන බන්ධනාගාරයේ අධිකාරි හමුවෙනවා.
 
 නීතිඥ- ජගත් චන්දන මහතා බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සංගමයේ ලේකම් බව ඔබ දන්නවාද?
 
 සාක්‍ෂිකාරිය- මම කිසිම දිනක බන්ධනාගාර අධිකාරී සංගමය හමුවී නැහැ. වෙනත් සංගම් හමුවී තිබෙනවා.
 
 නීතිඥ- ඔබ බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා හමුවුණා කියල මම යෝජනා කරනවා.
 
 සාක්‍ෂිකාරිය- මා එය ප‍්‍රතික්‍ෂේප කරනවා.
 
 නීතිඥ- ඔබ ජගත් චන්දනට කියල තියෙනවා අණ දුන්නු කෙනා කියන්න කියල දැනුම් දෙන්න කියලා?
 
 සාක්‍ෂිකාරිය- මා සම්පූර්ණයෙන්ම ඒ කතාව ප‍්‍රතික්‍ෂේප කරනවා.
 
 නීතිඥ- ඒ කාලයේ අමාත්‍යාංශ ලේකම් ලෙස ආර්.ඞී.ඞී. මීගස්මුල්ල කටයුතු කළාද?
 
 සාක්‍ෂිකාරිය- මා සිටි කාලයේ ලේකම්වරු   4 දෙනෙක් පමණ සිටියා.
 
 සභාපති- ඇයි ලේකම්වරු 4 දෙනෙක් සිටියේ?
 
 සාක්‍ෂිකාරිය- එක එක්කෙනා සමග කටයුතු කරනවා. අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති ලේකම්වරයා විසිනුයි.
 
 නීතිඥ- එමිල් රංජන් මහතාගේ අභියාචනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු නොකළේ ඔබගේ බලපෑම නිසයි?
 
 සාක්‍ෂිකාරිය- මම කිසිම දවසක කිසිම බලපෑමක් කළේ නෑ. එහෙම බලපෑමක් කරලත් නෑ. එහෙම කරන්න උත්සාහ කරන්නෙත් නෑ. මම බොහොම විශ්වාසයෙන් ඒ ගැන ප‍්‍රකාශ කරනවා.
 
 නීතිඥ- වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් නේද?
 
 සාක්‍ෂිකාරිය- 2012 වර්ෂයේදී වූ සිදුවීමක්.
 
 නීතිඥ- මේ සිදුවීමට හිටපු බන්ධනාගාර අධිකාරිවරයෙකුත් රිමාන්ඞ් භාරයට පත්වුණා.
 
 සාක්‍ෂිකාරිය- ඒ ගැන දන්නවා.
 
 කොමිසම හමුවේ ඊයේ එවකට බන්ධනාගාර සහකාර කොමසාරිස්වරියක් ලෙස කටයුතු කළ ධම්මිකා චතුරංගනී වික‍්‍රමසිංහ මහත්මියද සාක්‍ෂි දුන්නාය. මුලින් ඇය කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන බව ප‍්‍රකාශ කළත් කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද විමසුමකට පසු ඇය සාක්‍ෂි ලබාදෙන බව පවසා සාක්‍ෂි දීමට ඉදිරිපත් වූවාය.
 
 එහිදී ඇය ප‍්‍රකාශ කළේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එමිල් රංජන් මහතාගේ වාහන බලපත‍්‍රයක් පිළිබඳ ඉල්ලීමක් තමාට ඉදිරිපත් නොවූ බවයි.
 
 මෙම පැමිණිල්ලට අදාළව ඊයේ, දැනට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද කොමිසම හමුවට කැඳවා තිබුණි. එහෙත් ඔහුගෙන් සාක්‍ෂි ලබාගැනීම වෙනත් දිනයකට නියම කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles