Divaina - මුදල් විශුද්ධිකරණ නඩුවට නාකොටික් 9 ක් යළි ඇතුළට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 15මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනු කර ඇති නඩුවකට සැකකරුවන් ලෙස නම් කෙරුණු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නවදෙනකු යළි මේ මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. අයි. කේ. කාහින්ගල මහත්මිය ඊයේ (14 දා) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නඩුවට අදාළ එක්තරා රාජ්‍ය බැංකුවක පවතින ගිණුමක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි.

එමෙන්ම මෙම සැකකරුවන් සතුව තිබූ රුපියල් 505,000 මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම මුදල් නඩුවේ ගිණුමට බැර කරන ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වන සමන් කුමාර ජයසිංහ, රුවන් පුෂ්පකුමාර, ලයනල් ජයවර්ධන හා ත‍්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත සිටින උදාර චතුරංග, සුමේධ වීරසිංහ, උපාලි රත්නායක, නිරෝෂ් මදුසංක ද සිල්වා, ශනිල් අප්පුහාමි හා රුවන් අල්විස් යන අයයි.

කශුනි රෙබෙකා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles