Divaina - 20 ගැන අධ්‍යයනයට අගමැති පත් කළ කමිටුවේ වාර්තාව හෙට කැබිනට් හමුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 7විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රකාශ වී තිබෙන මත හා අදහස් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ හා නිගමන ඇතුළත් වාර්තාව හෙට (16දා) නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එමෙන්ම අද (15දා) එම වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන බවද හෙතෙම පැවැසීය.

මේ සඳහා අගමැතිවරයා විසින් තමාගේ සභාපතිත්වයෙන් යුත් නවදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, එම කමිටු සාමාජිකයින් ලෙස ඇමැතිවරුන් වන අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, එස්. වියලේන්ද්‍රන් හා මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා හා පේ‍්‍රමනාත් දොළවත්ත යන මහත්වරුන් කටයුතු කරන බවත් කමිටුව ඊයේ පස්වරුවේ රැුස් වූ බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම කමිටුව රැුස්වී විසිවන සංශෝධනය සමස්තයක් ලෙස ගෙන වගන්තියෙන් වගන්තිය ගැඹුරින් විශ්ලේෂණය කරන බව පැවසූ ඇමැතිවරයා වාර්තාව අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රමවේද පිළිබඳ අවසන් තීරණය ගන්නා බව ද සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

අනුර බාලසූරිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles