Divaina - ඉඩම් පනත කඩිනමින් සංශෝධනය කරනවා- රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

re9 1ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට බාධාවක් වී ඇති ඉඩම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ගම්පොල ආසනය තුළ ඇති ඉඩම්වල ගැටලූ හඳුනා ගැනීම වෙනුවෙන් පැවැති ජංගම සේවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ගම්පොල ආසනයේ පමණක් ඉඩම් ගැටලූ වලින් පීඩිතව සිටි පන්දහසක් පමණ මෙම ජංගම සේවයට පැමිණ සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් රට පුරා සිදුකළ සංචාරවලදී එතුමාට වැඩියෙන්ම ලැබී ඇත්තේ ඉඩම් ගැටලූයි.

ඒ නිසාම එතුමා තීරණය කර තිබෙනවා මෙරට සෑම පුරවැසියෙකුගේම ඉඩම් අයිතිය තහවුරු කිරීමට යැයිද රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පැවසීය.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා

මෙරට ඉඩම් අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ජනතාව හැමදාම දුක් වින්දා. අවුරුදු 40 - 50 ගිහිල්ලත් ඒවා විසඳාගන්න බැරි වෙලා. මේ නිසාම නඩුහබ වලට පැටලිලා. කල කෝලාහලවලට මැදිවෙලා ඒ අය පීඩනයට පත්වෙලා.

අපේ ඉඩම් අණපනත්වල තියෙන දුර්වලතා නිසා මේ කටයුත්ත කිරීම අපහසු වෙලා. අපට තියෙන්නේ 1935 සිට ඇති අණපනත්. ඒවාට අපි හිරවෙලා.

ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ මේ ඉඩම්  ගැටලූව හඳුනාගෙන ඒවා විසඳා ඒ අයිතිය තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ අණපනත් සංවර්ධනය කර ඒ කටයුත්ත කිරීමට අප පියවර ගෙන තිබෙනවා.

ගම්පොල - සුරංග දිලහාන්

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles