Divaina - පේ‍්‍රමලාල් පාර්ලිමේන්තු ගේන්න අධිකරණයට බලපෑම් කර නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 
 සුජීව තත්සර
 
 ggggg135රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් තමා හෝ අගමැතිවරයා අධිකරණයට කිසිදු බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 
 රාජ්‍ය ඇමැතිවරුන් සමග ඊයේ (10 දා* ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
 අදාළ සිද්ධයට බලපෑම් කළ යුතුව තිබුණේ නම් එය කළ යුතුව තිබුණේ මහාධිකරණ තීන්දුවේදී බවත් එවැන්නක් කිසිවිටෙකත් සිදු නොකළ බවත් අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ද එවකට ව්‍යවස්ථාදායක සභාව විසින් බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
 ව්‍යවස්ථා සභාවේ කටයුතු සිදු කළේ කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, තලතා අතුකෝරාළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් බවත් පැවසූ ජනාධිපතිවරයා විපක්ෂයට අධිකරණයේ එක් තීන්දුවක් හොඳයි, අනෙක නරකයි යනුවෙන් ද මෙහි දී කියා සිටියේය.
 
 අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේ ද එකී ව්‍යවස්ථාදායක සභාවම බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා විපක්ෂය මේ මොහොතේ අසත්‍ය ප‍්‍රචාරයක නිරතව සිටින බව ද සඳහන් කළේය.
 
 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගැනීම ඇතුළු ඇතැම් ලක්ෂණ එලෙසින්ම තබා ගනිමින් විසිවැනි ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථා සංශෝධනයට පිවිසීම ප‍්‍රධාන අරමුණ වී ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී රාජ්‍ය ඇමැතිවරුන් හමුවේ ප‍්‍රකාශ කළේය.
 
 විපක්ෂ නඟන චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට රට ඉදිරියට ගෙන යෑම බව ද පැවසීය.
 
 සියල්ල එකවර වෙනස් කළ නොහැකි බවත් ඊට විශාල කාලයක් ගතවන බවත් විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙන නිසා 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අවශ්‍යව ඇතැයි ද එහි මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යෑම බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles