Divaina - කෝටි 10 ක රන් රට පන්නන්න හැදූ සැකකරු රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
golds135 රුපියල් නවකෝටි අසූ දෙලක්‍ෂයක් වටිනා රන් කැබලි 50 ක් නීති විරෝධීව ශ‍්‍රී ලංකාවෙන් පිටමං කිරීමට තැත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කල්පිටියේදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරු මේ මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා ඊයේ (9 වැනිදා* අලූයම නියෝග කළේය.
 
 කල්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවටගත් සැකකරු රේගුවට භාරදීමෙන් අනතුරුව රේගුව මගින් සැකකරු වැඩබලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා හමුවට පමුණුවා තිබිණි. එහිදී ඉදිරිපත්වූ පැමිණිල්ලේ මෙසේ සඳහන්ය. පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක යොදා කල්පිටිය තලවිල දේවස්ථානයට යන මාර්ගයේ පාලන්කුඩා හන්දියේදී 8 දා මෙම වැටලීම සිදුකර ඇත. මෙම සිද්ධියට අදාළ මෝටර් රථය නවතා පරීක්‍ෂා කළ අවස්ථාවේ මෝටර් රථයේ සඟවා තිබූ රන් කැබලි 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රන් කැබලිවල බර ග‍්‍රෑම් 9592.9 ක් වන අතර එහි වටිනාකම රුපියල් නව කෝටි අසූඑක්ලක්‍ෂ පනස්තුන්දහස් හයසිය තිස් හයකි.
 
 එම සැකකරු කටුනායක නයිකන්ද රේගු නිවාරණ උප කර්යාලය මගින් අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
 
 මෙහි සැකකරු වන පුත්තලම කන්දකුලිය අස්වර් නගර්හි පදිංචි පාළු මොහොමදු සාරුක් ඛාන් නමැත්තා සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර පැමිණිල්ල වෙනුවෙන් රේගු අධිකාරි එන්. පී. පී. රත්නායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වෙයි. මෙම රන් කැබලි මුහුදු මගින් ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ ඒවා බව පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles