Divaina - මා පේමන්ට් දේශපාලනයක් කළේ නෑ... පේ‍්‍රමලාල්ගේ ප‍්‍රකාශය හෙළා දකිනවා.... තලතා මැතිසබයේදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන
 
talatka135 පේ‍්‍රමලාල් ජයසේකර මහතාට මරණ දණ්ඩනය ලබාදීම සඳහා අධිකරණ අමාත්‍ය ධුරයේ බලතල භාවිතා කිරීමට තරම් පහත් පෙළේ ‘පේමන්ට්’ දේශපාලනයක් තමන් සිදුකර නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා* ප‍්‍රකාශ කළාය.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08 වැනිදා* කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරිය එසේ කීවාය.
 
 ඔහුට මරණ දඬුවම ලබා දීමට නොහැකි වුවහොත් වත්තේ දලූ කැඞීමට යන බවට එවකට අධිකරණ ඇමැතිවරිය ප‍්‍රකාශ කළා යැයි පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය පිළිබඳව කනගාටු වන බවත් අතුකෝරළ මහත්මිය කීවාය.
 
 තේ වතුවල අයිතිය තිබුණත් තමාට තේ දලූ කැඞීමට නිපුණතාවක් හෝ දක්‍ෂතාවක් නැති බවත් තමාව ඒ තත්ත්වයට පත් කරන්නට නොහැකි බවත් මන්ත‍්‍රීවරිය එහිදී පැවසුවාය.
 
 විනිසුරුවන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමා මේ නඩුව සම්බන්ධයෙන් කතා කර නැති බවත්, සාක්‍ෂිකරුවන් 42
 
 දෙනකුගෙන් සාක්‍ෂි විමසා පේ‍්‍රමලාල් මහතාට මරණ දඬුවම දී ඇති බවත් මන්ත‍්‍රීවරිය කීවාය.
 
 මරණ දඬුවම නියමව සිටින අයෙකුගේ මානසික තත්ත්වය පිළිබඳව තමාට සිතා ගත හැකි බවත් එහෙත් මෙවැනි චෝදනා එල්ල කිරීම හෙළාදකින බවත් මන්ත‍්‍රීවරිය තවදුරටත් පැවසුවාය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles