Divaina - මේ වසරේ මුල් මාස කිහිපයේ ණය බර බිලියන 1021කින් වැඩිවෙලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කුෂාන් සුබසිංහ - අකිත පෙරේරා - පාර්ලිමේන්තුව (09)

harshada135කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

ඉකුත් මැයි 01 දා සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට පාර්ලිමේන්තුවෙන් කිසිම අනුමැතියක් දීලා නැහැ.

ඇමැති බන්දුල ගුණවර්ධන

විසර්ජන පනතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී 155 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව වියදම් කරලා තියෙනවා.

හර්ෂ ද සිල්වා

155 වගන්තියේ එහෙම කිසිම සඳහනක් නැහැ. ජනාධිපති ගැන සඳහනකුත් නැහැ. ජනාධිපතිට හිතුමතේ මුදල් වැය කරන්න බැහැ. සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. කෝ මේ අයට මුදල් වැය කිරීමට තිබූ අවසරය. කවුද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා නම් ජනපතිට බලය තියෙනවා නම් පෙන්වන්නැයි අභියෝග කරනවා. ඇත්ත කියන්න. පසුගිය මාස තුනට දැන්වත් පනතක් ගෙනත් සම්මත කරගන්න.

බන්දුල ගුණවර්ධන කියන විදිහට රට සංවර්ධනය වුණානම් රටේ කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. 2013 වනවිට සියයට 3.7 ට ආර්ථිකය වැටුණා. මහින්ද රාජපක්‍ෂ යුගයේ බදු අයකළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 යි. එවිට රටක් කරගෙන යන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සියයට 20 ක් පමණ අයකරනවා.

මේ වසරේ මුල් මාස 06 ට රුපියල් බිලියන 1021 කින් ණය බර වැඩි වෙලා. අපේ වසර 05 කින් ටි‍්‍රලියන 05 කින් බදුබර වැඩි කළා කියලා පසුගිය අවසන් මාස 06 දී ටි‍්‍රලියනයකින් වැඩිවුණා.

පාර්ලිමේන්තුව අද (10 වැනිදා* පෙ. ව. 10.30 ට යළි රැුස්වේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles