Divaina - ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 217 දෙනෙක් කටුනායකට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 
1920
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ,ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
 මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා , ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ , එතැන් සිට මෙසේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.
 
 ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අද   අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී  පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.
 
කටුනායක ටී.කේ.ජී.කපිල 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles