Divaina - එක් දිනකදී අසාදිතයන් එක්ලක්‍ෂ අසූ තුන් දහසක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 

download

කොරෝනා වෛරසය පැතිරීම ඇරඹීමෙන් පසු  ලොව පුරා රටවලින් දිනකදී වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් එක් ලක්ෂ අසු තුන්දහස් විස්සක්   (183,020)  ඊයේ (22දා ) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .මෙම සංඛ්‍යාවෙන් බහුතරය වන 54 ,771 දෙනෙකු බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයෙන්  කොරෝනා ආසාදිතයින් 36,617 ක්ද ,ඉන්දියාවෙන් 15,400 කට අධික සංඛ්‍යාවක්ද ඊයේ දිනයේ වාර්තා වී තිබේ .ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙසේ දිනක් ඇතුළතදී වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වීමට කරුණු ගණනාවක් බලපා ඇති අතර ඒවා අතර රටවල්වල සිදු කෙරෙන කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම  පුළුල් මට්ටමින් කොරෝනා ආසාදනය පැතිරීම  යන සාධක පවතී.

ඊයේ දිනයේ ගත වූ පැය 24 ක කාලය තුළදී ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිත මරණ  හාරදහස් හත්සිය හතලිස් තුනක්  (4,743) වාර්තා වී ඇති බවද සෞඛ්‍ය සංවිධානය පවසයි .

මේ අතර ලොව කොරෝනා ආසාදනයෙන් දරුණු  ලෙස  බැට කමින් සිටින රට වන ඇමරිකා  එක්සත් ජනපදයේ පමණක් මේ වන විට මිලියන 25 ක් පමණ දෙනා කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂනයට ලක් කර තිබීම නිසා එරටින් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් සොයා ගැනීමට හැකි වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

 ඒමන්ති මාරඹේ 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles