Divaina - සුවය ලැබූ කොරෝනා අසාදිතයන්ගේ ගණන 1,526 දක්වා ඉහළට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු අද  (22දා ) දිනයේ සම්පුර්ණ සුවය ලබා රජයේ රෝහල්වලින්  පිටව යාමත් සමගම මෙතෙක් සම්පුර්ණ සුවය ලබා  රෝහල්වලින් පිටව ගොස් ඇති එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1526 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අනුව දැනට මෙරට කොරෝනා ආසාදිතයින්ගේ  සුව වීමේ අනුපාතය සියයට 76.82 ක් වේ .මෙරටින් දෛනිකව  වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා දෛනිකව සුවපත් වී රෝහල්වලින් නික්ම යන එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසු ගිය  දිනවල ඉහල යාම හේතුවෙන් ඉකුත් සතියේ ලොව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ 100 වැනි ස්ථානයේ පසු වූ  ශ්‍රී ලංකාව අද වන විට ලැයිස්තුවේ  104 වැනි ස්ථානය දක්වා පහල බැස තිබේ.

අද  දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු සුවපත් වී රෝහල්වලින් පිටව යාමත් සමගම  මේ වන විට එම ආසාදිතයින් 413 දෙනෙකු  රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.

ඒමන්ති මාරඹේ 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles