Divaina - බ්‍රසීලයේ කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව දසලක්ෂය ඉක්මවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 
barzil
 
ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති බ්‍රසීලයෙන් වාර්තා වන එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මේ අනුව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය  ඉක්මවූ දෙවැනි රට බවට බ්‍රසීලය පත්ව තිබේ. 
 
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගත වූ පැය 24 ක කාලය තුළදී  එරටින් වාර්තාගත අයුරින් කොරෝනා ආසාදිතයින් 54,000 කට අධික සංඛ්‍යාවක්  වාර්තා වී තිබේ. 
.
අද (20දා ) වන විට බ්‍රසීලයෙන් වාර්තා වී තිබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව  දස ලක්ෂ තිස් අටදහස්  පන්සීය හැට අටක් (1,038,568) වූ අතර  කොරෝනා මරණ  හතලිස් නවදහස් අනුවක් (49,090) වාර්තා වී තිබේ.
 
රට තුළ සිදු කෙරෙන අඩු කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව හා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත වාර්තා නොවීම යන කරුණු මත එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව  විදෙස් මාධ්‍ය පවසයි. 
 
බ්‍රසීලය තුළ තවමත් රට අගුලු දැමීමේ නීතිරීති ක්‍රියාත්මක වුවද  ඇතැම් ප්‍රාන්ත කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වුවද  පනවා ඇති අගුලු දැමීමේ නීතිරීති  ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.
 
ඒමන්ති මාරඹේ 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles