Divaina - කොරෝනා වගේ එන අභිරහස් රෝගයක් යුරෝපයේ හොල්මන් කරයි; දැනටමත් කුඩා දරුවන්ට හැදිලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

යුරෝපා රටවල් ගණනාවක හා උතුරු ඇමරිකානු රටවල  කුඩා ළමුන් හා යෞවනයින් ගණනාවක් කොරෝනා වෛරස් ආසාදනයට සම්බන්ධකම් කියන හඳුනානොගත් අභිරහස් රෝග තත්ත්වයකට ගොදුරැ වී රෝහල් දැඩි සත්කාර ඒකකවලට පසු ගිය දිනවල ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇති බව එම සංවිධානය නිවේදනය කර තිබේ.

එම සංවිධානය විසින් ඊයේ (22දා) නිවේදනය කර තිබුනේ  මෙසේ රෝහල්ගත කර ඇති  කුඩා ළමුන් හා යෞවනයින්ට වැලඳී ඇත්තේ මුළු සිරුරටම බලපාන ආසාදනයක් වන අතර එහි රෝග ලක්ෂණ දරුණු කොරෝනා ආසාදනය ,විෂ කම්පන රෝග තත්ත්වය හා කවසාකි යන රෝහවල රෝගලක්ෂණ හා සමාන වන බව අනාවරණය වී ඇති බවයි.

එංගලන්තයයේ සෞඛ්‍ය සේවාවට අනුව එරටින් වාර්තා වන මෙම අභිරහස් රෝගයට ගොදුරු වන රෝගී ළමුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ප්‍රංශය ,ඉතාලිය හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින්ද මෙම රෝගීන් වාර්තා වී තිබේ ,මෙම රෝගී ළමුන්ගෙන් ඇතැමෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර තවත් පිරිසක් තුළ කොරෝනා වෛරස් ප්‍රතිදේහ පවතින බව හෙළි වී තිබේ ,මෙම රෝග  තත්ත්වයට ගොදුරු වීමෙන් නිව්යෝර්ක් නගරයේ ළමුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

හඳුනානොගත් මෙම රෝගයේ රෝග ලක්ෂණයන් වන උණ ,ඉදිමීම ,අධි රුධිර පීඩනය හා කම්පනය යන රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන ලෙස  ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලින් ඉල්ලා ඇති අතර නිව්යෝර්ක් නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත්තේ උණ ,දිගු කලක් පවතින උදරයේ වේදනාව ,සමේ ආසාත්මිකතාවය ,ඇස් රතු වීම  යන රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ  යුතු බවයි.

මෙම රෝගය කොරෝනා ආසාදනයට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇතත් එය කවසාකි රෝගයට සම්බන්ධ බවට මෙතෙක් තොරතුරු අනාවරණය  වී නොමැති බව බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

    ඒමන්ති  මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles