Divaina - ට්‍රම්ෆ් නිර්දේශ කළ මැලේරියා පෙත්ත කොරෝනා රෝගීන්ට මාරකයක්: පර්යේෂණයකින් හෙළි වේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මහාද්වීප 06ක රෝහල්ගත කර සිටින කොරෝනා වෛරස් ආසාදිතයින් 96,000ක් යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සොනරෝ විසින් කොරෝනා ආසාදිතයින්ට ලබා දෙන ලෙසට දිරි ගන්වනු ලබන මැලේරියා බෙහෙතක් වන "හයිඩ්රොක්සික්ලොරෝක්වින් " ලබා දුන්  ආසාදිතයින් ඒවා ලබා නොදෙන  ආසාදිතයින්ට වඩා මිය යාමේ අවදානම ඉතාමත් වැඩි බව අනාවරණය වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පළ වන " ද වොෂින්ටන් පෝස්ට් " පුවත්පත පවසයි.

ලොව ප්‍රකට  "ලැන්සෙට් " වෛද්‍ය සඟරාවේ ඊයේ (22දා ) පළ කර ඇති මෙම අධ්‍යයනයට අනුව මැලේරියා බෙහෙත් වන "හයිඩ්‍රෝක්සික්ලොරෝක්වින් "මෙන්ම "ක්ලොරෝක්වින් "පවා  ආසාදිතයින්ට ලබා දීමෙන් ඔවුන් තුළ අසාමාන්‍ය හර්ද ස්පන්දන රටාවක් ඇති වන "ඇරිත්මියා " නමැති හෘද රෝග තත්ත්වය වර්ධනය වී හදිසි හෘදයාබාධයකට ගොදුරු වී  මිය යාමේ හැකියාව පවතී .මෙයට පෙර කුඩා අධ්‍යයනයන් හරහාද  මෙම මැලේරියා බෙහෙත් කොරෝනා ආසාදිතයින්ට යෝග්‍ය නොවන බව තහවුරු කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති දැවැන්තම අධ්‍යයනය මෙය බව පැවසේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැලේරියා රෝගීන්ට ලබා දෙන "හයිඩ්රොක්සික්ලොරෝක්වින් "බෙහෙත ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින්ට ලබා දීම පසු ගිය  කාලයේ දිගින් දිගටම නිර්දේශ කළ අතර  ඔහු විසින් එම බෙහෙත හඳුන්වා දී තිබුනේ "තරඟය වෙනස් කරන "(ගේම් චේන්ජර් )  බෙහෙතක් ලෙසයි .බ්‍රසීල ජනාධිපති ජයිර් ද පශුගියදා එරට සිටින  සියලු කොරෝනා වෛරස් ආසාදිතයින්ට "ක්ලොරෝක්වින් " හා "හයිඩ්රොක්සික්ලොරෝක්වින්" යන බෙහෙත් වර්ග ලබා දෙන ලෙස නිර්දේශ කර තිබිණි.

               ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles