Divaina - සිප වැළඳගෙන ජායාරූප ගත් ඉරාන ක්‍රීඩක යුවළ අත්අඩංගුවට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඉරානයේ ජනප්‍රිය අවදානම් සහිත කායික  ක්‍රියාකාරකම්වල  යෙදෙන මළල ක්‍රීඩකයෙකු (පාර්කර් ඇත්ලීට් )වන අලි රේසා ජපලගි හා ඔහුගේ සහාය ක්‍රීඩිකාව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක වහලය මත සිප වැළඳ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටෙහෙරාන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍යයන් පෙන්වා දෙන ආකාරයට මෙම ක්‍රීඩක දෙපළ  අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ ක්‍රියාත්මකව පවතින ෂරියා නීතියට හා සම්ප්‍රදායයන්ට පටහැනි ආකාරයේ සම්ප්‍රදායික නොවන හැසිරීම් රටාවක් හේතුවෙනි.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට මග පාදා ඇත්තේ ඉහත කී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ගොඩනැගිල්ලක වහලය මත සිප වැළඳ ගන්නා ජායාරුප සමාජ මාධ්‍ය ජාලවලට ක්‍රීඩක අලි රේසා විසින්ම මුදා හැරීමේ සිද්ධියකි . ඉරානයේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන අලි රේසා ව මෙසේ අත් අඩංගුවට  ගැනීමත් සමගම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් ඉරානයේ දැඩි නීතිරීති විවේචනය කිරීමට පටන් ගෙන ඇති අතර තවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නන් පිරිසක් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙයට පෙරද අලි රේසා විසින් මේ හා සමාන ජායාරුප අතීතයේ පළ කර ඇතත් මෙම අවස්ථාවේ පමණක් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් සිය මතභේදයට තුඩු දුන්   ජායාරුප සමග පළ කර ඇති සටහන හරහා ඉරානයේ මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් නිළධාරීවරයෙකු වන ඔහුගේ පියාගේ අතුරුදන් වීම පිළිබඳව ප්‍රශ්න  කිරීම නිසා බවයි. සිය පියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බළධාරීන්ට නිසි පරිදි පරීක්ෂන කිරීමට නොහැකි වී ඇති බව අලි සිය සටහනෙන් චෝදනා කර තිබී ඇත.

ටෙහෙරානයේ සයිබර් පොලිසිය විසින් අලි රේසාව පසුගියදා අත් අඩංගුවට ගැනීමට පෙර  ඔහුට පොලිසියට පැමිණෙන ලෙස  දැනුම් දීමක් කර තිබු අතර  පසුව පොලිස් නිළධාරීන් විසින්ම පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති  බව විදෙස් මාධ්‍ය පවසයි ,ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් දිනකට පසු  නම සඳහන් නොකළ ඔහුගේ සහාය ක්‍රීඩිකාවද  අත් අඩංගුවට ගෙන තිබේ.

අලි රේසා ගොඩනැගිල්ලකින් ගොඩනැගිල්ලකට පනිමින් ජීවිත අවදානමක් සහිත කායික ක්‍රියාකාරකම්වල යෙදෙන ක්‍රීඩකයෙක් වශයෙන් ප්‍රකටය.

    ඒමන්ති මාරඹේ  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles