Divaina - කොරෝනා වෛරසයට මුහුණ දීමට යුරෝපීයන්ගේ ප්‍රතිශක්තිය දුර්වලයි.

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොරෝනා වෛරසය  ළඟදීම තුරන් නොවන  වෛරසයක් බවත් යුරෝපයේ බහුතරයකට කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් නොමැති නිසා දෙවැනි කොරෝනා වසංගත රැල්ලකට මුහුණ දීමට  දැන් සිටම යුරෝපය සුදානම් විය යුතු බව රෝග නිවාරණය හා  පාලනය පිළිබඳ  යුරෝපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව වන වෛද්‍ය ඇන්ඩ්රියා අම්මොන් අනතුරු අඟවා තිබේ .

යුරෝපයේ කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ගිය රටවලින් එම  වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තියක් ඇත්තේ ජනගහනයෙන් සියයට 15කට වඩා අඩු පිරිසකට බවත් එම පිරිස කොරෝනා වෛරසයට ගොදුරැ වී සුවය ලැබූ අය වීම නිසා යුරෝපයේ ඉතා විශාල ප්‍රතිශතයක්  දෙවැනි කොරෝනා වසංගත රැල්ලට ගොදුරු වීමේ අවදානමකින් පසු වන බව වෛද්‍ය අම්මොන් පවසන්නීය.

"කොරෝනා වෛරසය දැන් මිනිසාට ඉතාමත් හොඳින් හුරු වී සිවීම  නිසා එය ලඟදි තුරන්ව යන්නේ නැතැයි "එංගලන්තයේ "ද ගාඩියන් " පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඇය පවසා තිබේ ,.මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති වෛද්‍ය අම්මොන් මෙසේද සඳහන් කර තිබේ ."යුරෝපයේ රටවලට දෙවැනි කොරෝනා වසංගත රැල්ලකට මුහුණ දීමට සිදු වනවා ,අපිට තිබෙන ප්‍රශ්ණය මෙම දෙවැනි වසංගත රැල්ල එන්නේ කවදාද ? හා එය කෙතරම් විශාල වනු ඇත්දැයි යන්නයි .මෙහිදී අපට ඇති බිය තමයි මෙම දෙවැනි කොරෝනා වසංගත රැල්ල ශීත ඍතුවේදී පැමිණ එම ඍතුවේදී ආරම්භ වන උණ වසංගතයන් සමග මෙය පැතිර යාදැයි යන්න පිළිබඳවයි ,එම කාලයේ කොරෝනා වසංගත රැල්ල පැමිණියහොත් උණ රෝගීන්ගෙන්  පිරෙන රෝහල් තවත් පිරී ඉතිරී ගොස් විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වනවා.

 ඉහළ පෙළේ වසංගත රෝග විශේෂඥයින් පවා යුරෝපීයයන්ට අනතුරු අඟවා  ඇත්තේ  යුරෝපය පුරා කොරෝනා වෛරසය පැතිරීමේ වේගයේ අඩුවක් දක්නට ලැබෙන බවට සංඛ්‍යා ලේඛන පෙන්වමින් එය සැමරීමට දැන්ම යොමු නොවන ලෙසයි ,එයට හේතුව තවමත් අප කොරෝනා වෛරසයට එරෙහි සටන ජයග්‍රහණය කර නොතිබීමයි .මේ වන විට සැම විද්‍යාඥයෙකුම පිළිගෙන ඇත්තේ  තවමත් එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති කොරෝනා වෛරසයේ දෙවැනි වසංගත රැල්ලක් නැවත එනු ඇති බවයි .ජනවාරි හා පෙබරවාරි මාසවලට වඩා කොරෝනා වෛරසය අප අවට සැරිසරමින් පවතිනවා .ඒ නිසා මෙය වෛරසය පැතිරීම අඩුවෙන් සිදු වන බව සිතා සැහැල්ලුවෙන් සිටිය යුතු කාලයක් නොවන බව කිව යුතුමයි "වෛද්‍ය අම්මොන් කීවාය .

ඇයට අනුව යුරෝපය තුළ කොරෝනා වෛරසය පැතිරවීමට මුල් වී ඇත්තේ නිවාඩු සමයේ හිම මත ක්‍රීඩාවල යෙදීම සඳහා සංචාරය කර  මාර්තු  මස මුලදී නැවත සිය රටවලට පැමිණි පිරිසයි ,"අනෙක් අතට කොරෝනා වෛරසය පැතිර යන අවස්ථාවේ  යුරෝපා රටවල රජයන් එයට ප්‍රතිචාර දැක්වුවේ ඉතා සෙමිනුයි. මේ නිසාම ඉතා විශාල පිරිසකට ජීවිත අහිමි වුණා .අප වෛරසය පැතිර යන මුල් අවස්ථාවේදී රටවල් අගුලු දමමින් විදෙස් සංචාරයන් තහනම් කළේ නම් කොරෝනා වෛරසය නිසා අහිමි වී ගිය විශාල  ජීවිත සංඛ්‍යාවක් බේරා ගැනීමට තිබුණේ යැයි "වෛද්‍ය අම්මොන් ප්‍රකාශ කළාය .

මේ අතර එංගලන්තයේ විශේෂඥයින්ද අධ්‍යයනයක් ඇසුරින්    අනාවරණය කර තිබුණේ   එංගලන්තය කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා  රට අගුලු දැමීම එය  සිදු කළ දිනට සතියකට පෙර සිදු කළේ නම් වෛරසය නිසා අහිමි වූ  මිනිස් ජීවිත 30,000 කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට තිබු බවය ,කොරෝනා වෛරසයට ගොදුරුව මේ වන විට එංගලන්ත වැසියන් 44,000ක් පමණ මිය ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය පවසයි.

       ඒමන්ති මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles