Divaina - කොරෝනා කාලේ මුහුණු දෙකේ පූසෙක් උප දී

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ  නැගෙනහිර ඇල්බනි ප්‍රදේශයේ පවුලක හැදී වැඩෙන පුසියක විසින්  ඉකුත් බදාදා (20දා ) මුහුණු දෙකකින් යුතු පුස් පැටවෙකු බිහි කර ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ගොවිපල ආශ්‍රිත නිවසක වෙසෙන කයිලා කින්ග්  ගේ  පවුලේ හැදී වැඩෙන අවුරුද්දක් වයසැති පුසියක් විසින් ඉකුත් බදාදා පැටවුන් හය දෙනෙකු බිහි කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මෙසේ මුහුණු දෙකක් සහිතව උපත ලබා තිබේ ,මෙසේ මුහුණු දෙකක් සහිතව ඉපදී ඇති පුස් පැටවාට එක මුහුණක දෙකක් බැගින් වූ ඇස් හතරක්  ,නාස් දෙකක් හා කටවල් දෙකක් පිහිටා ඇති අතර පැටවාගේ ස්වභාවය වෙනස් වීම නිසා පුස් මව පැටවාට කිරි දීම ප්‍රතික්ෂේප කරන බව කයිලා කින්ග් ප්‍රකාශ කර තිබේ.

මෙම අරුම පුදුම පුස් පැටවා ට "බිස්කට්ස් හා ග්‍රේවී" යන නම තබා ඇති අතර කෙටියෙන් "බිස්කට්" යන නමින් පුස් පැටවාව ආමන්ත්‍රණය කරන බව  කයිලා කියා සිටින්නීය ,මෙම පුස් පැටවා ට කිරි දීම පුස් මව විසින් ප්‍රතික්ෂේප  කිරීම නිසා කයිලා ගේ පවුලේ සාමාජිකයින්ට  පැටවා අතේ තබා ගෙන කිරි පෙවීමට  සිදුව තිබේ ,මෙම පුස් පැටවා මුහුණු දෙකකින් උපත ලැබීමට හේතු වී ඇත්තේ "ඩිප්රෝසෝපස් "නමැති උපත් ආබාධ තත්ත්වය වන අතර මෙවැනි පුසන් "ජානුස් "පුසන් ලෙසද හැඳින්වෙනුයේ  අතීතයේ පුරාණ රෝමයේ සිටි මුහුණු දෙකකින් යුතු වූ ජානුස් දෙවියන් උපමා කරගෙන බව පැවසේ.


මෙම පුස් පැටවා  දිගු  කලක් ජීවත් වීමට තරම් නිරෝගී බවකින් යුතුද යන්න පිළිබඳව පුර්ණ පශු වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව කයිලා කින්ග් පවුල පවසයි ,මෙම අරුම පුදුම පුස් පැටවාගේ උපත සැළ වූ පසු අති විශාල පිරිසක් පැටවාව හදා වඩා ගැනීමට ඉදිරිපත්ව ඇතත් කින්ග් පවුල පවසනුයේ පුස් පැටවාව කිසිවෙකුට නොදෙන බවත් තමන්  ඔහුව හදා වඩා ගන්නා බවත්ය.

සාමාන්‍යයෙන් මෙවැනි පුසන් දින කිහිපයකට වඩා ජීවත් නොවන බව වෛද්‍ය මතය වී තිබේ ,කෙසේ වුවද ඔවුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වුවහොත් මෙම පුසන්ට දිගු කලක් ජීවත් වීමේ අවස්ථාව ලැබෙන බව  හෙළි වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසේට්ස් ප්‍රාන්තයේ උපත ලැබූ  "ෆ්‍රෑන්ක් හා ලුවී " නමින් හැඳින්වූ ජානුස් වර්ගයේ පුසා එසේ වසර 15ක් ජීවත් වෙමින් ගිනස් ලෝක වාර්තා පොතටද සිය නම ඇතුළත් කර ගෙන තිබිණි.

ඒමන්ති  මාරඹේ


පින්තූර බලන්න
https://youtu.be/uoEFoxqQqVE

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles