Divaina - කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1068 දක්වා ඉහළට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඊයේ (22ද) දිනයේ තුළදී  සිදු කරන ලද කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ වාර්තාගත "පී.සී.ආර්" පරීක්ෂන 1970 ක් මගින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .මෙම ආසාදිතයින් 13 දෙනා  සමගම මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1068 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම අංශය කියයි.

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 13 දෙනාගෙන් 11 දෙනකු නාවුක හමුදා භටයින් වන අතර එක් අයෙකු මැලේසියාවෙන් හා අනෙක් අය කුවේට් රාජ්‍යයෙන් මෙරට පැමිණ නීරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයින්  බව එම අංශය කියයි.

මේ වන විට මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 439 දෙනෙකි ,ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 16 දෙනකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබු අතර මේ වන විට එම ආසාදිතයින් 620 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම  ගොස් තිබේ.

ඊයේ සිදු කරනු ලැබූ "පී.සී.ආර් " පරීක්ෂණ 1970 මෙතෙක් දිනක් ඇතුළත මෙරට සිදු කරන ලද වැඩිම එම පරීක්ෂණ සංඛ්‍යාව වේ .මෙයට පෙර දිනකදී සිදු කරන ලද වැඩිම  "පී.සී.ආර්" පරීක්ෂණ සංඛ්‍යාව වුයේ ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා සිදු කරන ලද පරීක්ෂන 1869ක සංඛ්‍යාවයි .ඉකුත් පෙබරවාරි 18 වැනිදා මෙරට සිදු කිරීම ඇරඹු මෙම පරීක්ෂණය මේ වන විට සිදු කර ඇති සංඛ්‍යාව  51,094 කි  

පෙරේදා (21දා ) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු මෙරටින් වාර්තා වී  තිබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු ඩුබායි සිට මෙරට පැමිණ නීරෝධායනය වෙමින් සිටි ශී ලාංකිකයින් පිරිසකි .11 දෙනෙකු නාවුක හමුදා භටයින් වූ අතර  එක්  අයෙකු කුවේට් රාජ්‍යයෙන් මෙරට පැමිණ නීරෝධායනය වෙමින් සිටි පිරිසකි.

                              ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles