Divaina - මුම්බායි නගරයේ "මාස්ක්" පැළඳීම අනිවාර්ය කෙරේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ඉන්දියාවේ  මුල්‍ය  අගනගරය වන මුම්බායි නගරයේ  වෙසෙන සියලු දෙනා ප්‍රසිද්ධ /පොදු ස්ථානවලට  යාමේදී මුහුණු ආවරණයක් (මාස්ක් ) පැළඳීම අනිවාර්යය කිරීමට නගරය පාලනය කරනු ලබන 'බ්‍රිහාන් මුම්බායි මහ නගරසභා සංස්ථාව විසින් පියවර ගෙන තිබේ .මේ අනුව මුම්බායි වැසියන් සිය නිවසෙන් පිටතට රෝහලට,කාර්යාලයට,වෙළඳපලට ඇතුළු කුමන ස්ථානයකට ගියද මුහුණු ආවරණය පැළඳීම අනිවාර්යය කර ඇති අතර මෙම නියෝගය කඩ කරන අයට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 188 වැනි වගන්තිය යටතේ දඬුවම් පැනවෙන බව බලධාරීහු නිවේදනය කර තිබේ.

නව නීතිය යටතේ ඕනෑම අයෙකුට ඔසුසලේ  පවතින මුහුණු ආවරණ හෝ නිවසේදී සකස් කර ගත් එම ආවරණ පැළඳිය හැකි වේ .නිවසේදී සකස් කර ගන්නා මුහුණු ආවරණ නම් හොඳින් සෝදා විෂබීජ නාශනය කිරීමෙන් පසුව පැළඳිය යුතුව තිබේ.

මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති උද්දව් තකාරී විසින් ජනතාවගෙන්  මුහුණු ආවරණ පළඳින ලෙසට කරන ලද ඉල්ලීමක් අනුව යමින් මෙම මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැළදීමේ නීතිය හඳුන්වා දී තිබේ.

     ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles