Divaina - මසුන් ඇල්ලීමට ගිය ධිවර කාර්මිකයා දියේ ගිලී මරුට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඊයේ (08) පස්වරුවේ රත්ගම කළපුවේ මසුන් ඇල්ලීමට ගිය ධිවර කාර්මිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇති අතර අනික් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති බැව් රත්ගම මහහැගොඩ හදිසි මරණ පරික්ෂ බි.එම්. ඒ. සාගරිකා නිල්මිණි මහත්මිය පැවසුවාය.

ධිවර කාර්මිකයින් තිදෙනා ඔරුවකින් මසුන් ඇල්ලිම සදහා යමින් සිටියදි කළපුවේ කටුදම්පේ ප්‍රදේශයට ආසන්නයේ දි දියවැලකට හසුවිමෙන් ඔරුව පෙරලි ගොස් ඇති බව හදිසි මරණ පරික්ෂකවරිය සදහන් කළාය. මියගිය පුද්ගලයාට ඔරුකදේ එල්ලි සිටින ලෙස පවසා අනික් දෙදෙනා ගොඩබිමට පිහිනා ඇත. ඒ සමග ඕරුකදේ එල්ලි සිටි ධිවර කාර්මිකයාද පිහිනා ගොස් ඇත. ඔහු පිහිනමින් සිටියදි දියේ ගිලි තිබේ. පසුව ගම්වැසියකු මොහු බේරාගෙන රත්ගම පුනන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ. අනික් ධිවර කාර්මිකයින් දෙදෙනා ගම්වැසියන් විසින් බේරාගෙන ඇත.
මියගොස් ඇත්තේ කොරළගේ සුනන්ද (50) නැමති රත්ගම දෙවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය හෙට කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත.

ලලිත් චාමින්ද

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles