Divaina - ඉන්දියානු කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙකි ඉන්දියනු ජාතික කම්කරුවන් නෞකාවේ ඇති ක්ලින්කර් බාජ් උපයෝගිකරගෙන ගොඩබානු ලබන කම්කරුවන් පිරිසක් බවද පොලිසිය පවසයි. මොවුන් දැනට වසරකට පමණ කාලයක් තිස්සේ මෙරට රැදි සිටින අය බවද පොලිසිය පවසයි. නෞකාවේ ක්ලින්කර් ගොඩබා අවසන් විමෙන් පසු නෞකාව වරයෙන් පිටත්ව ගොස් ඇත.ඒ අනුව මෙකි කම්කරුවන් 14 දෙනා ගාල්ල වරායේ වෛද්‍ය නිලධාරිවරිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත යොමු කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධනයට ලක්කල බව පොලිසිය පවසයි.

මකුළුව ප්‍රදේශයේ නිවසක නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.


ලලිත් චාමින්ද

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles