Divaina - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඊළඟ සැලසුම පැහැදිලි කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සාර්ථක ප්‍රතිපල අත් කර ගැනීමට නම් දැනට ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන කොරෝනා මර්දන වැඩපිළිවෙල ලිහිල් නොකර තවදුරටත් එලෙසම පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි .මෙම වැඩපිළිවෙල යම් අයුරකින් ලිහිල් කළහොත් පවතින යහපත් තත්ත්වය වෙනස් විය හැකි බව වෛද්‍ය ජාසිංහ කියයි.

විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මගින් ජනතාවට  ලබා දී ඇති  සමාජ දුරස්ථභාවය ඇතුළු කොරෝනා  වෛරසය පැතිරීම පාලනය කිරීමේ උපදෙස් තවදුරටත් අනුගමනය කළ යුතුව ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනට ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් පවතින අතර එම පරීක්ෂණ ප්‍රමාණයන් වැඩි කරන තරමටම රෝගීන් හමු නොවීම යහපත් ප්‍රවණතාවයක් බව අවධාරණය කර සිටී .

"ඉලක්කගත සමාජ කණ්ඩායම් සඳහා සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කරමින් පවතී .වර්තමානයේ ඉතාලියේ සිට පැමිණි අය නිසා සිදු වූ ගැටලුව අවසාන අදියරට පැමිණ තිබේ .එමෙන්ම ඉන්දුනීසියාව ඉන්දියාව ,ඩුබායි වැනි රටවලින් පැමිණි පුද්ගලයින් සමග සබඳතා පැවැත්වීම නිසා කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන් හමුවෙමින් පවතින බව ද හෙතෙම සඳහන් කර සිටී .

         ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles