Divaina - මිලියනකට අඩුනම් මාස 03යි; වැඩිනම් මාස 02යි - ණය වාරික ගැන මහ බැංකුව පැහැදිලි කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා  මාස තුනක් ණය වාරික සහනය රු. මිලියනය  දක්වා වන බැංකු ණය  ගැනුම්කරුවන්ට  ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙක් ' දිවයින " ඊයේ (08 ) පැවසීය.

මාර්තු මාසයේ බැංකු විසින් අදාළ ණය වාරිකය ගනුදෙනුකරුවන්ගේ ගිණුමින්  අඩු කරගෙන තිබිණි.

 මේ නිසා එය නැවත ගිණුම් හිමියන්ට ලබා නොදෙන්නේ නම් රු. මිලියනයට අඩු ණය  ගැනුම්කරුවන්ට රජය ලබා දුන්  ණය වාරික සහනය අප්‍රේල් මස සිට මාස තුනක්  දක්වා ණය වාරික අය නොවන බවද ඔහු සදහන් කළේය.

මේ සහනය ලබා ගැනීම සදහා අදාළ ගනුදෙනුකරුවන්  තම ණය මුදල ලබා ගත්  බැංකුවෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු වේ.
කෙසේ වෙතත් පුද්ගලික අංශ සේවකයන්ගේ  මිලියනයට වැඩි ණය සදහා සහන  ලැබෙන්නේ මාස දෙකක්  දක්වා පමණකි. එනම් අප්‍රේල් සහ මැයි මාස දෙක සදහා පමණක් එම සහනය ලැබේ.
එසේම රාජ්‍ය සේවකයන්ගේ පුද්ගල ණය වාරිකවලට ද අප්‍රේල් මාසයේ  සිට  මේ සහනය ලැබේ.
ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ  අප්‍රේල් මාසයේ වැටුපෙන් එම ණය වාරික අඩු නොවනු ඇති බවද එම මහ බැංකු උසස් නිලධාරියා තවදුරටත් 'දිවයින' ට කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles