Divaina - ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මුදල් කපා දමන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොරෝනා  වසංගතය පිළිබඳව සෑම අංශයකින්ම වැරදි චිත්‍රයක් මවා පෙන්වුයේ යැයි පවසමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඊයේ (07දා )බැණ වැදී තිබේ .මෙම තත්ත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා දෙන අරමුදල් කපා හරින බවටද ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

"අප අපගේ දේශසීමාවන් වසා දැමීම වැළක්වීම  සඳහා  මෙතෙක් සෞඛ්‍ය සංවිධානය අපට ලබා දුන්නේ වැරදි උපදෙස්,ඔවුන් වසංගතය සම්බන්ධයෙන් පැවසු සැම දෙයක්ම වැරදියි "ට්‍රම්ප්  වොෂින්ටන්  හි පිහිටි ධවල මන්දිරයේ පෙරේදා (07දා) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබේ.

"ලෝක සෞඛ්‍ය සංවිධානය අපට මෙම වසංගතය පිළිබඳව ලබා දී තිබු  උපදෙස් පියවරෙන් පියවර විමසා බැලීමේදී ඔවුන් මුලින්  පැවසුයේ මෙය ලොකු ප්‍රශ්නයක් නොවන බවයි .පසුව මා චීනයට සංචාරක සම්බාධක පැනවූ විට එය කිරීම අවශ්‍ය නොවන බව ඔවුන් පැවසුවා .මා විසින් සිදු කළ වැරද්දක් ලෙස එම පියවර හුවා දැක්වුවා "ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ආවේගශීලී ලෙස සඳහන් කර තිබේ .ට්‍රම්ප් විසින් චීනයට සම්බාධක පනවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ විදේශීය රටවල් අතර වෙළඳ හා සංචාරයන් සම්බන්ධව සම්බාධක පැනවීම අනවශ්‍ය ක්‍රියාවක් බවයි .එමෙන්ම ට්‍රම්ප් විසින් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වුවත් ඔහු කොරෝනා වයිරසය  "චීන වයිරසයක් යනුවෙන් හැඳින්වීමේදී  සෞඛ්‍ය සංවිධානය එසේ කිරීම අනවශ්‍ය බවත් වයිරසයකට දේශ සීමා හා සමේ පැහැය අදාළ නොවන බවත් පවසමින් ට්‍රම්ප්ගේ එම හැඳින්වීමට එරෙහිව අදහස් පළ කර තිබිණි.

ජනාධිපති ට්‍රම්ප් විසින්  ප්‍රවෘත්ති සාකච්ජාවේදී දැඩි සේ කියා ඇත්තේ මෙම තත්ත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානයට සපයන ඇතැම් අරමුදල් අත්හිටුවීමට කටයුතු කරන බවයි .එහෙත් එය සිදු කරන ආකාරය ඔහු පැහැදිළි කර නොමැත .ඇමරිකානු කොංග්‍රසය විසින් දැනටමත් මෙම මුදල් වර්ෂය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 122 ක මුදලක් ලෝක සෞඛ්‍ය සංවිධානයට සැපයීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුලින්ම කොරෝනා වයිරස් වසංගතය පිළිබඳව අනතුරු අඟවා සිටියේ ජනවාරි මස මැද  භාගයේ වන අතර එය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් බවට ප්‍රකාශ කරන ලද්දේ රටවල් 18කින්  කොරෝනා වයිරස් ආසාදිතයින්  8200 දෙනෙකු වාර්තා වූ පසු ජනවාරි මස 30 වැනිදාය,

 

ඒමන්ති මාරඹේ 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles