Divaina - වැඩිහිටි ,ආබාධිත  හා වකුගඩු දීමනා ගෙවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මෙරට වැඩිහිටි ආබාධිත හා වකුගඩු දීමනා ප්‍රතිලාභීන්ගෙන්  සියයට 83කට  වැඩි ප්‍රතිලාභීන් පිරිසකට එම දීමනා ගෙවීමට හැකි වූ බව සෞඛ්‍ය කාන්තා  ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වනනිආරච්චි මහත්මිය පවසන්නීය .
මේ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා  ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි, වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 (තුන්දහස් පණස් හතක)  මුදලක් ගෙවා  ඇත .
ඒ් අනුව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 488243 කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2441 (මිලියන දෙදහස් හාරසීය හ ස් එකක්) ගෙවා ඇත.

මේ අතර වකුගඩු දීමනාව ලෙස සියළුම දිස්ත්‍රික්ක  ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙලෙන 32417 දෙනෙකු සදහා රු.මිලියන 162 (මිලියන ඒකසිය හැට දෙකක්) ක මුදලක් ද විවිධ ආබාධිත වලින් පෙලෙන පුද්ගලයින් 90870 දෙනෙකු සදහා රු.මිලියන 454 ක (හාරසිය පණස් හතරක්)  මුදලක්ගෙවා ඇති බවද ආබාධිත මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

              ඒමන්ති මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles