Divaina - කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
අද(26)  සවස් කාලයේදී   ආසාදිතයින් දෙදෙනකු වාර්තා වූ අතර මේ මෙහොතේදී තවත් දෙනකු වාර්තා වීමත් සමඟ අද දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇත.

ආසාදිත පුද්ගලයින් 97 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 7 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ. රෝගීන් අතරින් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
P

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (අංගොඩ උණ රෝහල )වෙත ඇතුළත් කර සිටි තවත් කොරෝනා වයිරස් ආසාදිතයෙකු අද (26දා)  සවස සම්පුරණ සුවය ලැබ රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන අතර මේ අනුව මේ වන විට සුවය ලබා රෝහලින් නික්ම ගොස් ඇති මුළු කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 04 දෙනෙක්බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 තවත්  රෝහල්ගත කර සිටි කොරෝනා වයිරස් ආසාදිතයෙකු අද දිනයේ  විද්‍යායතනයේ  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර මේ අනුව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ  අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් තිදෙනෙකු දැනට ප්‍රතිකාර ලබමින් සිටි.


මේ අතර අද සවස වන විට රජයේ රෝහල් 22ක කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 254 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියහ.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින් 106 දෙනාගෙන්  බහුතරය එනම් සියයට 68 ක්ම පිරිමින් වන අතර සියයට 32ක් කාන්තාවන් බව වසංග විද්‍යා අංශය පවසයි .වයස් කාණ්ඩ අනුව ගත් විට රෝගීන්ගෙන් බහුතරය වන සියයට 33.3 ක ප්‍රතිශත වයස අවුරුදු 41-50 කාණ්ඩයට අයත් වේ .වයස අවුරුදු 21-30 හා 31-40 වයස් කාණ්ඩවලට අයත් වුවන් සියයට 16.7 ක් බැගින් වාර්තා වී තිබේ .වයස අවුරුදු 51-60 වයස් කාණ්ඩයට අයත් වුවන්ගේ ප්‍රතිශතය සියයට 15.7 ක.

මෙරට වයස අවුරුදු 81-90 වයස් කාණ්ඩයට අයත් වුවන් අතර මෙතෙක් රෝගය ව්‍යාප්ත වීමක් දක්නට නොලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙතෙක් දිනක් තුළ මෙරටින්  වාර්තා වී තිබෙන වැඩිම කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මාර්තු 17 හා 19 යන දිනවලදී වන අතර එම සංඛ්‍යාව රෝගීන් 13 දෙනෙකු බැගිනි.

                    ඒමන්ති  මාරඹේ 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles