Divaina - කොවිඩ් -19 වෛරසයේ ගෝලීය තත්ත්වය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

ලොව පුරා රටවල් සහ කලාප 198ක පැතිර යන කොරෝනා වයිරසයෙන් ආසාදිත වුවන්  471,417 (හාරලක්ෂ හැත්තෑ එක්දහස් හාරසිය දාහතක් ) දෙනෙකු හා එම ආසාදිත මරණ 21,295 (විසිඑක් දහස් දෙසිය අනූ පහක්)  අද (26දා ) උදෑසන වන විට වාර්තා වී තිබිණි

මෙම වයිරසය ආසාදිත වූ  114,642 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත්  335,480 දෙනෙකු තවමත් ආසාදිත තත්ත්වයේ පසු වන බව වාර්තා වී තිබේ .තවමත් වැඩිම කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ චීනයෙන් වන අතර එම සංඛ්‍යාව 81,285 දෙනෙකි .ලොව වැඩිම කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව වාර්තා වනුයේ  ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 7,503 කි.


මේ අතර ලොව වැඩිම කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව වාර්තා වී  තිබු චීනය තෙවැනි ස්ථානයට පත් කරමින් යුරෝපා රටක් වන  ස්පාඤ්ඤය කොරෝනා මරණ ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන් තිබේ,ස්පාඤ්ඤයෙන් අද සවස වන විට වාර්තා වී තිබු කොරෝනා වයිරස් ආසාදන මරණ සංඛ්‍යාව 3,647 දෙනෙකු විය.

මේ අතර ලොව ජනගහනයෙන්  හතරෙන් එකක් මේ වන විට කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීම සඳහා  බොහෝ රටවල් ක්‍රියාත්මක කර ඇති රටවල් හා නගර වසා දැමීමේ වැඩපිළිවෙල යටතේ සිය නිවෙස්වලට සීමා කර ඇති බව  වාර්තා වී තිබේ .මෙහිදී නිවෙස්වලට සීමා කර ඇති වැඩිම ජනගහනය වන බිලියන 1.3 ක සංඛ්‍යාව වාසය කරනුයේ අසල්වැසි ඉන්දියාවේය.

ඒමන්ති මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles