Divaina - ඊයේ දිනය තුළ ලංකාවෙන් අසාදිතයකු වාර්තා වී නැහැ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

  ඊයේ    දිනය තුළදී  සවස 6 වන විටද ශ්‍රී ලංකාවෙන්  කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වූ කිසිදු අලුත් රෝගියෙකු වාර්තා වී නොතිබූ අතර එම වයිරසය ශරීරගත වූ බවට සැක කෙරෙන රෝගීන් 255 දෙනෙකු  රජයේ රෝහල් 21 ක   ප්‍රතිකාර ලබමින් සිටියහ.

රෝහල්ගත කර ඇති කොරෝනා වයිරසයෙන් ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ගෙන් බහුතරය එනම් රෝගීන් 100 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (උණ රෝහල ) වෙත ඇතුළත් කර සිටි අතර ඔවුන්ගෙන් 98 දෙනෙකු ශ්‍රී  ලාංකිකයින්ද 02 දෙනෙකු විදේශිකයෝද වුහ.

මේ අතර කොරෝනා වයිරසයෙන් ආසාදිතව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර සිටි  එංගලන්තයේ සිට මෙරට පැමිණි සිසුවෙකු    සම්පුරණ සුවය ලබා  අද දහවල් රෝහලින් නික්ම ගොස් තිබේ .මේ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගත් රෝගීන් 03 දෙනෙකු සම්පුරණ සුවය ලබා රෝහලින් නික්ම ගොස් තිබේ.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 22 දෙනෙකි .කළුතර දිස්ත්‍රික්කයෙන්  රෝගීන්  14 දෙනෙකුද ගම්පහ දිස්ත්‍රික්කයෙන්  රෝගීන් 10 දෙනෙකුද වශයෙන් සෙසු වැඩිම රෝගීන්ගේ සංඛ්‍යාවන් වාර්තා වී  තිබේ .නීරෝධායන  මධ්‍යස්ථානවලදී  තහවුරු කර ගෙන ඇති  කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 34 දෙනෙකි.

ඒමන්ති මාරඹේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles