Divaina - කොවිඩ් - 19 පරික්ෂණ ජාලය පුළුල් කෙරේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

පවතින ඇඳිරි නීති තත්ත්වය  යටතේද  බොරැල්ල  වෛද්‍ය පර්යේෂණායතනය (එම් .ආර් .අයි )විසින් දෛනිකව කොරෝනා වයිරසය (කොවිඩ් -19)  සම්බන්ධ "පී සී ආර්  "පරීක්ෂණය  සාමාන්‍ය පරිදි සිදු කරන අතර එම ආයතනයට අමතරව අනුරාධපුර මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ද මෙම පරීක්ෂණය මේ වන විට සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පිරිස් රෝහල් වෙත  පිවිසිමේ දී ඔවුන් ඇතුළත් කිරිම සදහා විශේෂිත ආරක්ෂිත ප්‍රවේශ හා  ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති අතර, ඔවුන් සදහා විශේෂිත වැසිකිළි පහසුකම් දී සළසා දී ඇති බවද අමාත්‍යංශය කියයි .

මේ අතර පවතින තත්ත්වය යටතේ වෛද්‍ය,  හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය  සෞඛ්‍ය සේවා කටයුතු  පවත්වාගෙන යන අතර රෝහල්වල නේවාසික රෝගී ප්‍රතිකාර සේවාවන් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන අමාත්‍යංශය  කොරොනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විශේෂිත  ආරක්ෂිත ක්‍රමවේද  රෝහල් තුළ  ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කර සිටී . සියලු රෝහල් කාර්ය මණ්ඩල ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිටී.

- ඒමන්ති මාරඹේ

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles