මැලේරියාව සහ දරුණු ආත්රයිටිස් තත්වයන් සඳහා ලබාදෙන ක්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ්-19 අසාදිතයන්ට සඳහා ලබා දීමට සුදුසු බවට ඇමරිකානු ඖෂධ පාලක අධිකාරිය (FDA) විසින් නිර්දේශ කර තිබේ.
කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය වෙනුවෙන් අදහස් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව හෙළි කළේය.
පසුගිය සඳුදා දිනයේ ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා සඳහා ම සුවිශේෂී වූ එන්නතක් අත්හදා බැලීම ද ආරම්භ කළේය. නමුත් එම සායනික අත්හදාබැලීම් අවසන් වී, එම අත්හදාබැලීම් සාර්ථක වුවහොත් එය මහජනතාවට ලබාගත හැකි වන්නේ මාස 18කට පසුව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
ඒ අනුව, දැනට භාවිතය සඳහා නිර්දේශ කර ඇති ඖෂධ අතරින් කොවිඩ්-19 සමග සටන් වදින ඖෂධයන් තෝරාගැනීමේ බරපතළ කාර්යයට ඇමරිකාව එළඹුණු අතර, ක්ලෝරොක්වීන් සහ හයිඩ්රොක්සි ක්ලෝරොක්වීන් ඒ සඳහා සුදුසු බව සොයාගැනුණේ ඒ අනුව ය.
- රසී වීරසිංහ
- Hits: 669