Divaina - 'ආර්.එම්.වී.' වන්ඩේ සර්විස්‌ රැසක්‌ අත්හිටුවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  කාණ්‌ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචිය ඇතුළු එක්‌ දින සේවාවන් රැසක්‌ අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.
 
 මෝටර් රථ කොමසාරිස්‌ ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ඉකුත් මස 25 වැනිදා සිට මෙලෙස එක්‌දින සේවාව යටතේ ගැනෙන සියලු කටයුතු අත්හිටුවීම නිසා 64, 65, 32, ජී. එච්. ඡේ. දක්‌වා අංක කාණ්‌ඩවලට අයත් සියලු වාහන සේවාවන් නවතා තිබේ.
 
 සියලු මෝටර් රථ පන්ති යටතට ගැනෙන රථ, සියලුම කැබ් රථ, ජීප් රථ, වෑන් ඇතුළු සියලුම ත්‍රිත්ව කාර්ය වාහන, සියලුම ලොරි රථවලටද මෙය අදාළ බව මෝටර් රථ කොමසාරිස්‌ ජනරාල්වරයා දන්වා තිබිණි.
 
 අදාළ තත්ත්වය යටතේ වාහනවල ලියාපදිංචිය සහ පැවරීමේ සහතික ලබා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇත.
 
 මේ සම්බන්ධයෙන් zදිවයිනZ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ඇතිව ඇති තත්ත්වය ඉතාමත් කෙටි කාලයකින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටිනා බවයි.
 
 
 සුජීව තත්සර

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles