විගස පුවත්
- Hits: 42
අද (24දා) තවත් කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ මරණ 04ක් වාර්තාවිය.ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 457ක් තෙක් ඉහළ ගොස් ඇත.මේ අතර අද හමුවූ අලුත් ආසාදිතයින් 192ත් සමග මුළු ආසාදිතයින් ගණන 81,201ක් විය.සුවය ලැබූවන් 672ක් රෝහල් වලින් පිටව ගොස් ඇත.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොවිඩ් ආසාදිතවූ පිරිස 76,514කි.
- Hits: 62
අද (24දා) පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයෙන් නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්විය.
- Hits: 84
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කොට එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත.
රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරේ.
ශේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු ලෙස පත්ව සිටිති.
- Hits: 107
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙක සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම අද (25 වැනිදා) සවස 3.30න් අවසන් විය.
වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතා සහ කේ මතිවානන් මහතා සභාපති ධුරය වෙනුවෙන් පාර්ශව දෙකක් නියෝජනය කරිමින් අද නාම යෝජනා භාර දුන් අතර ස්වාධීන පාර්ශ්වයක් නියෝජනය කරමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියෝ උප සභාපති ධුරය වෙනුවෙන් නාම යෝජනා භාර දුන්හ.
- Hits: 52
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ.
කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ.