Divaina - විගස පුවත්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී, කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැපැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06 ) දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


මෙම නාවිකයන් පිරිස අද ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.


මෙම ගුවන් මගීන්  පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.


එම පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බවද වාර්තා වේ.


කටුනායක ටී.කේ.ජී.කපිල

දිනෙන් දින වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින ඉන්දියාව අද (06 දා ) වන විට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ  07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානයට පත්ව තිබෙන බව " වර්ල්ඩෝ මීටර් " වෙබ් අඩවිය සඳහන්  කරයි.

ඉන්දියාව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ  එක් ස්ථානයකින් ඉදිරියට ගොස් ඇත්තේ මෙතෙක් ඉහළින් සිටි ඉතාලිය 07 වැනි ස්ථානයට පත් කරමිනි. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 236,781 දෙනෙකු වාර්තා වී ඇති අතර කොරෝනා මරණ 6,649 ක් සිදුව තිබේ. අද උදැසන වන විට එරටින් අලුතින් කොරෝනා ආසාදිතයින්  597 දෙනෙකු වාර්තා වී තිබිණි.

මේ අතර මෙතෙක් කොරෝනා ආසාදිත ලැයිස්තුවේ පහළින් සිටි එංගලන්තයද අද වන විට එම ලැයිස්තුවේ 05 වැනි ස්ථානයට පත්ව සිටි අතර ලැයිස්තුවේ ඉතාමත් පහළින් සිටි දකුණු ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යය මෙතෙක් 08 වැනි ස්ථානයේ සිටි ජර්මනිය 09 වැනි ස්ථානයට ඇද දමමින් 08 වැනි ස්ථානයට පත්ව සිටි ,තවමත් කොරෝනා ආසාදිත ලැයිස්තුවේ පළමුවැනි ස්ථානයේ පසු වනුයේ ඇමරිකා එක්සත් ජනපදයයි ( ආසාදිතයින් 1,965,708 ක් හා කොරෝනා මරණ   111,390 ක් ) දෙවැනි ස්ථානයේ බ්‍රසීලයත් ( ආසාදිතයින් 646,006 ක් හා කොරෝනා මරණ 35,047 ක් )  තෙවැනි ස්ථානයේ රුසියාවත් ( ආසාදිතයින් 449,834 ක් හා කොරෝනා මරණ 5,528) පසු වේ.

මේ වන  විට කොරෝනා වෛරස් ආසාදනය පැතිර ගොස් ඇති රටවල් හා ස්වාධීන කලාප සංඛ්‍යාව 213 කි.

   ඒමන්ති මාරඹේ 

ඉකුත් මාර්තු මාසයේදී අගුලු දැමු ඉන්දියාව දිනෙන් දින කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වැඩි වෙමින් පැවතියදී ලබන සඳුදා (08දා ) සිට එරට වසා දමා තිබෙන  කාර්යාල ,සාප්පු මධ්‍යස්ථාන, ආගමික සිද්ධස්ථාන  හා හෝටල් දැඩි නීතිරීති හා සීමාවන් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව  සීමා කරන ලද කාර්යාල වේලාවන් යටතේ කාර්යාල සේවාවන්ද  ,වැඩි දෙනෙකු රැස් නොවන සේ ආගමික සිද්ධස්ථාන ,හා හෝටල්  විවෘත  කෙරෙන අතර ආයතනවල ක්‍රියාත්මක කරන සියලු වායු සමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 24ක අගයකින් පවත්වා ගෙන යා  යුතු  බව රජය විසින් නිර්දේශ කර තිබේ .විවෘත කෙරෙන සියලු ආයතනවල පවත්වාගෙන යා යුත්තේ අත්‍යවශ්‍ය කාර්යයන් පමණකි.

ගැබිණි මවුවරුන් ,විශේෂ රෝගාබාධ වලින් පෙළෙන්නන්  හා වැඩිහිටි ජනතාවට තවදුරටත් නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් නිකුත් කර ඇති අතර ආගමික සිද්ධස්ථාන විවෘත කෙරුනද ආගමික කටයුතුවලට අදාළ ද්‍රව්‍ය බැතිමතුන්ට ලබා දීම ,ශුද්ධ වූ ජලය ඉසීම ,ආගමික පොත්පත් අන් අයට ස්පර්ශ කිරීමට ඉඩ නොදීම මෙන්ම ආගමික වතාවත් සඳහා සීමිත සංඛ්‍යාවක් සහභාගී කිරීම අනිවාර්යය කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා පල්ලිවල ගීතිකා හා සංගීත කණ්ඩායම්   සජීවී  ගායනාවන් සඳහා සහභාගී වීම අත්හිටුවා ඇති අතර පටිගත කරන ලද සංගීත ඛණ්ඩ හා ගීතිකාවන් වාදනය කිරීමට ඉඩ සලසා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ලබන සඳුදා විවෘත කෙරෙන හෝටල්වල සමාජ දුරස්ථභාවය යටතේ අසුන් පැනවීම හේතුවෙන් අසුන් ගැනීමට ඉඩ ලැබෙනුයේ නියමිත  අමුත්තන්ගෙන් හරි අඩකට පමණක් වන අතර ආහාර පාර්සල් පාරිභෝගිකයින්ට ඍජුවම ලබා දීම අත්හිටුවීමටත්  හෝටල්වල ආහාර නොගෙන ආහාර ගෙන යාමේ සේවාවන් (ටේක් අවේ )  පවත්වාගෙන යන ලෙස හෝටල්වලට දැනුම් දීමටත් ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

විශාල සාප්පු සංකීර්ණයන් විවෘත  කිරීමේදී ඒවායේ පවතින සිනමා ශාලා ,තරග පැවැත්වෙන ස්ථාන ක්‍රීඩා කරන මධ්‍යස්ථාන වසා දමන ලෙසට උපදෙස් දී තිබේ.

   ඒමන්ති මාරඹේ 

අගලවත්ත වැවිලි සමාගමේ කලමනාකාරිත්වය විසින් නෑබඩ  ක්ලෝඩන් වත්තේ නිරෝධනයට ලක්වු කේෂ්ත්‍ර නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කිරීමට විරෝධය පලකරමින් ලංකා වතු සේවා සංගමයෙන් කප්පාදු කල වැටුප එම නිලධාරීන් වෙත ලබාදීම පසුගිය දා සිදු කෙරිණි.

නෑබඩ, ක්ලෝඩන් වත්තේ සේවය කරනු ලබනා ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයන් වන කේ.ජී.දර්ශන දුශ්ෂන්ත, එස් .එච් .එම් .ලක්මාල් , ඊ.එල් .එච් .ඩී.සමරසිංහ  හා  කේ.එච් .අසංක ජයලත් නැමැති කේෂ්ත්‍ර නිලධාරීන් තිදෙනා කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ ආහාර සපයාගැනීම හා අනිකුත් ප්‍රශ්න පිළිබඳ වතු අධිකාරි වරයා දැනුවත් කර තම ස්ථිර පදිංචි රත්නපුර දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් ඇත.

එහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ අදාල ප්‍රදේශයන්හි සෙෘඛ්‍ය බලධාරීන් විසින් කළුතර දිස්ත්‍රික්කයේ පැවති අවදානම් තත්ත්වය මත එම නිලධාරීන් සිව්⁣දෙනා දින දාහතරක් (14) ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඉන්පසු එම නිලධාරීන් සිව්⁣දෙනාට නිරෝධන සහතිකයක් ද ලබාදී ඇත.

පසුව එම නිලධාරීන් සිව්⁣දෙනා තම සේවා ප්‍රධානියා වන අගලවත්ත වැවිලි සමාගමේ ක්ලෝඩන් වතු අධිකාරිවරයා   එම තත්ත්වය පිලිබඳව දැනුවත් කර නිරෝධනයට අදාල සහතිකපත් ඉදිරිපත් කර ඇතත් මාර්තු මස වැටුපෙන් නිරෝධනයට ලක්වු කාලයට වැටුප් කප්පාදු කර ඇත.

මෙම වැටුප් කප්පාදු කිරීමට විරෝධය පලකරමින් ලංකා වතු සේවා සංගමයේ ලේකම් නාත් අමරසිංහ , සභාපති චතුර සමරසිංහ , භාන්ඩාගාරිික නිශාන්ත වන්නිආරච්චි යන මහතුන් ප්‍රමුඛ සාමාජිකයන් ක්ලෝඩන් වතු කාර්යාලය ඉදිරියේ දී  කප්පාදු කල වැටුප් තම සාමාජිකයන් සිව්⁣දෙනා වෙත ප්‍රදානය කරමින් නිරෝධයන නීනීරීතිවලට අනුගතව විරෝධතාවය පලකෙරිනි.

 එහිදී ලංකා වතු සේවා සංගමයේ ලේකම් නාත් අමරසිංහ මහතා හා සභාපති චතුර සමරසිංහ මහතා ප්‍රකාශ කලේ තම සාමාජිකයන් කෙතරම් අර්බුදකාරී අවස්ථාවදී වුවද ලාංකිය ආර්ථිකය කඩාවැටීමකට ලක්වීමට ඉඩනොදී කටයුතු කරද්දි වතු සමාගම් මෙලෙස නින්දිත ආකාරයෙන් ලාභ ඉපයීමේ අරමුනින් වැටුප් කප්පාදුව හෙලා දකිනා අතර මීට එරෙහිව නිතිමය පියවර ගනු ලබනා බවයි.

මතුගම විශේෂ   -  අනුර ජයසේකර 

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා සාමාන්‍ය නිරෝගී ජනතාව  මුහුණු ආවරණ (මාස්ක් ) පැළඳිය යුතු නැති බවට මෙතෙක් ප්‍රකාශ කරමින් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (06දා ) මහජනතාව පොදු ස්ථානවලට යාමේදී  වෛරසය ශරීරගත වීමෙන් වැළකීම සඳහා රෙදිවලින් මැසූ  මුහුණු ආවරණයක් (ෆැබ්රික් මාස්ක් ) පැළඳිය යුතු බව නිර්දේශ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධනයේ  තාක්ෂනික කටයුතු පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය මරියා වැන්  කර්කොව් විසින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ  මහජනතාව කොරෝනා වෛරසය ශරීරගත වීමේ අවදානමක් පවතින ප්‍රදේශවලට යාමේදී  වෛද්‍යමය නොවන  (නන්  මෙඩිකල් මාස්ක් ) "රෙදි " මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

අලුතින් ලැබී ඇති තොරතුරුවලට අනුව මෙවැනි මුහුණු ආවරණයක් පැළඳීමෙන්  කොරෝනා වෛරස් ආසාදිතයෙකුගෙන් පිටවන වෛරස් අංශු  වෙනත් අයෙකුගේ ශරීරගත වීම වැළක්වීමට හේතු වන බව වෛද්‍ය කර්කොව් පවසා තිබේ .වෛද්‍යමය  මුහුණු ආවරණ (මෙඩිකල් ෆේස් මාස්ක්ස් ) පැළඳිය යුත්තේ  රෝගී පුද්ගලයින් හා රෝගී පුද්ගලයින් රැක බලා ගන්නා අය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය බව ඇය සඳහන් කර තිබේ.

"අප ලොව පුරා රජයන්ට  උපදෙස් දෙනවා මහජනතාවට අප විසින් නිර්දේශ කර ඇති ආකාරයේ මුහුණු ආවරණයක් පළඳින  ලෙස උනන්දු  කරන්න කියලා .විශේෂිත රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ට වැඩි අය අනිවාර්යයයෙන්  හොඳ තත්ත්වයේ වෛද්‍යමය මුහුණු ආවරණයක් පැළඳිය යුතුයි .සෙසු ජනතාව රෙදි මුහුණු ආවරණයක් පැළඳ පොදු ස්ථානවලට යා යුතුයි  .අප මෙම මුහුණු ආවරණ පළඳින්න නිර්දේශ සකස් කළේ එම ආවරණ පිළිබඳව පසු ගිය සති කිහිපයේදී සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුවයි " වෛද්‍ය කර්කොව් කීවාය.

කෙසේ වුවද මුහුණු ආවරණයක් පැළඳීම පමණක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බව මහජනතාව මතක තබා ගත යුතු බව  පෙන්වා දෙන වෛද්‍ය කර්කොව් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම මෙන්ම දැත්  සබන් යොදා හොඳින් සෝදා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත්ද ඒ සමගම අනුගමනය කළ යුතු බව අවධාරණය කර සිටි.

පසු ගිය  මාස කිහිපයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙසේ එළිමහනට යාමේදී සාමාන්‍ය නිරෝගී ජනතාව මුහුණු ආවරණයක් පැළඳීම අනවශ්‍යය යන මතයෙහි සිටීම නිසා මෙරට  ඉහළ පෙළේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම මෙසේ ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම අනවශ්‍ය බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක්ම මේ වන විටත් එළිමහනට යාමේදී මුහුණු ආවරණයක් පැළඳීම මහජනතාවට අනිවාර්යය කර තිබේ.

   ඒමන්ති මාරඹේ    

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles