Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

gami1ආචාර්ය ගාමිණී ෆොන්සේකා.. අප අතරින් වියෝවී හෙටට (සෙනසුරාදාට)අවුරුදු දහතුනකි. ගාමිණී වියෝ වුණේ 2004 වසරේ සැප්තැම්බර් 30 දාය. සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා 1936 මාර්තු 21 දා දෙහිවලදී උපත ලැබුවේය. මිය යද්දී ඔහුට වයස අවුරුදු 68 කි.

ratna1'සිනමාවේ වැඩිම දරුවෝ ඉන්න අම්මා මමයි'පාත්‍ර වූවාය. එදා වේදිකාවෙන් කලා ලොවට

අවතීර්ණ වු ඇය, අනතුරුව සිනමාවටත්, පුංචි තිරයටත් පිවිස රංගන දක්‍ෂතා එළිදක්‌වමින්, ඉනිදු නොනැවතී හඬ කවන්නියක සහ ලේකාවක ද වෙමින් සකල කලාවේම විකුම් පාන්නියක වූවාය. අද දශක ගණනාවක්‌ ගෙවා ඇති ඇගේ කලා දිවියේ කතාන්දරය ද අපූරු සිදුවීම් මාලාවකි.

raaaaaaaසෑම ඉරු දිනකම රැයේ දකින සිහිනයක්‌ ඇත. මේ සිහිනය ගැන සටහනක්‌ තබන්නට කලක පටන් අවශ්‍යතාවක්‌ පැවැතියද කුමන හෝ හේතුවක්‌ නිසා එය මඟ හැරී ගියේය. අවසන ඒ සටහන තබන්නට මේ අපි දකින සිහිනයට සම්මානයක්‌ ලැබෙන තුරු සිටීම ගැන එක්‌ අතකින් කනගාටු වෙමි. එහෙත් සතුටක්‌ ද ඇත. ඒ එම අවශ්‍යතාව කෙසේ හෝ මේ ආකාරයෙන් සම්පූර්ණ වීම ගැනය.
සිහින දකින්නට අකැමැති අය සිටිත්ද. අසුන්දර සිහින ගැන නොවේ අප මේ කියන්නේ සුන්දර රසවත් සිහින ගැනය. එවන් වූ සුන්දර සිහිනයක්‌ ගැනය මේ සටහන. ඉරිදා දිනවල රෑ 10.10 ට ජාතික නාළිකාවෙන් අප දකින ඒ "සිහිනයකි රෑ"ය.

ගඟුලක මිහිර විඳින්නට නම් ඒ දෙස බලා සිටීමෙන් ඵලක්‌ නැත. බැස පිsහිනය යුතුමය. "සිහිනයකි රෑ" නමැති ගී ගඟුල සුන්දරව ගලා යන අයුරු මෙතෙක්‌ කලක්‌ වින්දේ රූපවාහිනි තිරය ඉදිරිපස සිටය. එහෙත් ගී ගඟුලට බැස සුන්දරත්වය විඳීමේ දුර්ලභ අවස්‌ථාව අපට පසුගියදා උදාවිණි. ඇත්තෙන්ම එය වියළී ගීය සුභාවිත ගී කෙත අස්‌වද්දන්නට ජීවය දෙන සැබෑම ගඟුලකි.

දැන් අප මේ සිටින්නේ "සිහිනයකි රෑ" සජීවීව රූ ගත කරන මැදිරියේය. අපට මේ සිහිනය ගෙන එන සුන්දර නිවේදකයා... සිහිනයකි රෑ මෙහෙයවන්නා මහේෂ් නිශ්ශංක සුපුරුදු අසුනේ සිටී. "සිහිනයකි රෑ" නිෂ්පාදිකාව ජයමිණි ඉලේපෙරුම විසින් "සිහිනයකි රෑ" ඇරැඹීමේ සංඥව මහේෂ් වෙත ලබා දෙන්නට ඇත්තේ තව සුළු මොහොතකි.

අද ගීත තෝරන්නේත් ඒ ගී ගයන්නේත් සුවිශේෂී පුද්ගලයන් තිදෙනෙකි. වෙනදාට නිල ඇඳුමෙන් දකින මොවුන් අද ඊට හාත්පසින් වෙනස්‌ ඇඳුමකින් සැරසී සිටියි. ගීත තෝරන්නා පොලිස්‌පති පූජිත් ජයසුන්දරය. ඒ තෝරන ගී ගයන්නට හම්බන්තොට, මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් සහ පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ කාන්තා පොලිස්‌ නිලධාරිනී අනූෂා පෙරේරා සැදි පැහැදී සිටිති. කිත්සිරි ජයලත්... නියෝජ්‍ය පොලිස්‌පතිවරයා දක්‍ෂ ගායකයෙකි. මේ වන විටත් නැවුම් ගී රැසක්‌ ගයා ඇති ඔහුගේ ඒ ගීත එකතුව ළඟදීම එළිදැක්‌වීමටද සූදානම්ව සිටී. මේ ඔහු සහභාගි වන දෙවැනි "සිහිනයකි රෑ" වැඩසටහනය. අද තම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා තෝරන ගීත ගයන කිත්සිරි එදා ගැයුවේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විඡේසිංහයන් තේරූ ගීතය.

ශ්‍රී ලංකාවේ පොලිස්‌පතිවරයකු මෙවන් ආකෘතියේ වැඩසටහනකට සහභාගි වන ප්‍රථම අවස්‌ථාව ද මෙය බව සටහන් කිරීම වැදගත්ය.

එකසිය දහතුන් වැනි "සිහිනයකි රෑ" වැඩසටහන අරඹන්නට තව තත්පර කිහිපයකි. විශාරද අජිත් දර්ශන ජයවීර ඇතුළු වාදක මණ්‌ඩලය පසුබිම් සංගීතය ලබාදීමට තම තමන්ගේ වාද්‍ය භාණ්‌ඩ සුසර කරති.

ඒ සුන්දර රැයේ "සිහිනයකි රෑ" ඇරැඹිණි. මහේෂ් නිශ්ශංක සුපුරුදු පරිදි සහභාගී වන ආරාධිතයන් ප්‍රේක්‍ෂකයාට හඳුන්වා දේ. ඉන්පසු අපේ ගී කෙත අස්‌වැද්දූ සුභාවිත ගීත අතුරින් තමන් තේරූ පළමු ගීය ගැන පොලිස්‌පතිවරයා හඬ අවධි කරයි.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

මිනිසාමයි ලොව තිsරිසන් වන්නේ

නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ඉතා හැඟුම්බර ලෙස ගයමින් ගීයේ පළමු ගායකයා වන අල්හාඡ් මොහිදීන් බෙග් සූරීන්ට සාධාරණය ඉටුකරයි.

ගීත තෝරන සුවිශේෂී පුද්ගලයාට මහේෂ්ගෙන් ගැලවීමක්‌ නැත. ජීවිතයේ සුන්දර අත්දැකීම්, ප්‍රේමනීය අත්දැකීම් පවා හාරා අවුස්‌සා "සිහිනයකි රෑ" වඩාත් අර්ථවත් කරන්නට ඔහු රුසියෙකි.

පූජිත් ජයසුන්දර අතීත ප්‍රේමනීය අත්දැකීම් ආවර්ජනය කරන්නට පටන් ගත්තේ ඔහු තේරූ ප්‍රේම ගීය කිත්සිරි ජයලත් ගයන්නට කලිනි. ගීය ගැයෙද්දී පොලිස්‌පතිවරයාගේ හැඟුම් ඔහුගේ මුහුණින් කියා පෑවේය. ප්‍රේමය ගැන අතීත කතා ආවර්ජනය කරද්දී ඔහුගේ දෙනෙත් අවුරුදු විසිපහක තිහක තරුණයකුගේ මෙනි. දෙනෙතින් ප්‍රේමය වෑහෙනවා දුටිමි.

ඒ ගී වල රසය මැකී යන්නට මත්තෙන් අප හදවත් පවා හැඟුම්බර කරමින් පොලිස්‌පතිවරයා සිය මව ගැන හඬ අවදි කළේය. ඔහු පවුලේ එකම දරුවාය. වසර හතරකට පෙර මව මියගියේ තම දැත් මත බව ඔහු පැවැසුවේ දුක්‌බර හඬිනි. මවගේ වියෝව සිදුවෙද්දී ඔහු වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බවද කීවේය. ආදරණීය මවට උපහාර පිණිස ඔහු තේරූ ගීය කිත්සිරිද ඉතාම හැඟුම්බර ලෙස ගැයුවේය.

මේ ජීවනයේ... මුළු සංසාරේ...

මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ

උදාරයි... උදාරයි... උදාරයි ආදරේ...

ගීය ගයන අතර පූජිත් ජයසුන්දර දැඩි අපහසුතාවකට පත්වූ අයුරු දැකගත හැකි විය. ඔහුගේ දෙනෙතට ඉනූ කඳුළු කැට රූපවාහිනි කැමරාවෙන් සඟවා ගන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක විය. ඔහුට කතාකර ගන්නට පවා නොහැකි විය. පොලිස්‌පතිවරයා නොව ඒ නිල ඇඳුමට ආවරණය වී සිටින සංවේදී මිනිසා පූජිත් ජයසුන්දර හඳුනාගන්නට ප්‍රේක්‍ෂකයාට මෙය කදිම අවස්‌ථාවක්‌ වනු ඇත.

ඒ හැඟුම්බර මොහොත සැණෙකින් පලා ගියේ ඊළඟට ඔහු තේරූ ගීතය නිසාය. සඳ තනිවෙලා අහසේ.... කාන්තා පොලිස්‌ නිලධාරිනී අනූෂා සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ප්‍රේමනීය ලෙස ගයති. පොලිස්‌පතිවරයාද තොල් සොලවමින් ගීය මුමුණයි. වියෝ ගී, ප්‍රේම ගී, දේශාභිමානී ගී, මවු ගුණ ගී, පොලිස්‌පතිවරයා තෝරා ගත් ගීත දහය අතරය. ඒ එකිනෙක ගීත පිළිබඳ ඔහු දැක්‌වූ විවිධාකාරයේ විවරණ අසද්දී ගීතය ගැන,ගීත සාහිත්‍යය ගැන ඔහුගේ දැනුම සහ අවබෝධය කොතරම්ද යන්න හැඟේ. පොලිස්‌පතිවරයා පසුගිය කාලයේ වඩාත් කතා බහට ලක්‌වූයේ සමාජ මාධ්‍ය ඔස්‌සේය. ඔහු ගැන විවිධ අපහාසාත්මක දේ ප්‍රචාරය වෙද්දී මෙවන් සෞන්දර්යාත්මක හැඟුම් ඇති සංවේදී මිනිසෙකුට එවන් අපවාද නැඟීම කොතරම් අසාධාරණදැයි "සිහිනයකි රෑ" නරඹද්දී ප්‍රේක්‍ෂකයාට සිතෙනු ඇති බව නිසැකය. නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්ගේ ගායන හැකියාව ගැන කිව යුතු නැත. අනූෂා පෙරේරා ද එසේමය. ඒ ගැයුම් වඩාත් අලංකාර කරමින් වාදක මණ්‌ඩලය සිය දායකත්වය දක්‌වද්දී මහේෂ් නිශ්ශංකගේ ප්‍රශ්න ඇසීමේ රටාව, වැඩසටහන මෙහෙයවන අපූර්වත්වය සම්මානයකින් ඇගයීමට මෙතරම් පමා වූයේ මන්දැයි යන පැනයද මතුවේ.

කෙසේ වෙතත් "සිහිනයකි රෑ" මේ සුවිශේෂී වැඩසටහන පිළිබඳ කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ අදහස වූයේ මෙවැන්නකි. පොලිස්‌පතිතුමා තෝරන ගීත ඔහුත් සමග එකට හිඳ ගයන්න ලැබීම ඇත්තටම හීනයක්‌. "සිහිනයකි රෑ" ඒ හීනය හැබෑ කළා. සාහිත්‍යධරයකු, ගීත රචකයකු වන රත්නශ්‍රී විඡේසිංහයන් තේරූ ගී "සිහිනයකි රෑ" වැඩසටහනේ ගැයූ මට පොලිස්‌පතිතුමා තේරූ ගී ගයන්න ලැබීමත් භාග්‍යයක්‌. මේ සඳහා මා තෝරා ගැනීම ගැන පොලිස්‌පතිතුමාට තුති පුද කරනවා. කාන්තා පොලිස්‌ නිලධාරිනී අනූෂා පෙරේරා ද වැඩසටහන අවසානයේ අදහස්‌ පළ කළාය. මාව සේවයට බඳවා ගත්තේ නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිව සිටියදී. අද එතුමා සමග ගී ගයන්න ලැබීම සතුටක්‌. ඒ වගේම පොලිස්‌පතිතුමා තෝරන ගීත ගැයීම හීනයක්‌ වගේ. මාව පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ විශේෂ හැකියාවක්‌ ඇති නිලධාරිනියක ලෙස තබාගත් නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාත් මේ අවස්‌ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා යෑයි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවක්‌ද වන අනූෂා කීවාය. මේක අපි කළ සුවිශේෂී වැඩසටහනක්‌. කබාය තුළ ජීවත්වන මිනිසා ගැන සමාජය තුළ තිබෙන යථාර්ථය හැම වෙලාවේම නිවැරදි නෑ. ගන්නා සමහර තීන්දු තීරණ වැරදි වන්න පුළුවන්. මම පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනෙකු සමගම මේ වැඩසටහන කළා. නිල කබාය තුළ වෙනම මිනිසෙක්‌ ජීවත් වෙන්නේ. ඒ මිනිසා අවදි කරන්න මා ගත් උත්සාහය සාර්ථකයි සියයට සියයක්‌ම. මහේෂ් නිශ්ශංකගේ අදහස එයයි. "සිහිනයකි රෑ" අධ්‍යක්‍ෂවරිය හා නිෂ්පාදිකාවද වන ජයමිණි ඉලේපෙරුම මේ වැඩසටහන ගැන මෙසේ කීවාය.

ඇත්තටම අප කළ "සිහිනයකි රෑ" වැඩසටහන් අතුරින් ඉහළින්ම තිබෙන වැඩසටහනක්‌ තමයි මෙවර කළේ. සමහර අය එනවා ඇවිත් සින්දු තෝරලා යනවා. ඒත් පූජිත් ජයසුන්දර මහත්මයා වැඩසටහන තුළ ජීවත් වුණා. ඔහු එතැනින් ඉදිරියට එළියට ගියේම නෑ. මම මේ වැඩසටහන් එකසිය ගණනම නිෂ්පාදනය කළා. ඒ අතුරින් මා වින්ද එකම වැඩසටහන මෙයයි. ඒ තරම් සුන්දරයි.... හරි පුදුමයි. සැබෑවකි මෙය. මෙතෙක්‌ අප දුටු සිහිනයන්ට වඩා වෙනස්‌ සිහිනයකි. තමන් තේරූ ගීත නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්,කාන්තා නිලධාරිනී අනූෂා පෙරේරා ගයද්දී ඔහු උපරිමව ඒ ගී රසවින්දේය. ආරම්භයේ සිට අවසානය දක්‌වාම ඔහු ජීවත් වූයේ "සිහිනයකි රෑ" තුළය. ඒ රසය ඉරිදා (01 වැනිදා) රාත්‍රි 10.10 ට ජාතික නාලිකාව තුළින් ඔබටද වින්දනය කළ හැකිය.

අජිත් අලහකෝන්

plisss

පිටරටින් ගම්මිරිස් ගෙන්විම වහාම නවත්වා දේශිය ගම්මිරිස් සදහා නිසි මිලක් ලබා දෙන ලෙස ද රබර් මිල ඉහල දමා දෙන ලෙසද ඉල්ලමින් මොනරාගල බදුල්ල මාර්ගය හරස් කර අද (22) උදේ බඩල්කුඹුර නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය.
 

dassaදසුන් ගැන සටහනක්‌ ලියන්න හිතුවෙ හැමෝම දසුන් ගැන ශෝක ප්‍රකාශ නිකුත් කරන නිසාවත් දසුන් එක්‌ක ගත්තු seකහෙ දාන නිසාවත් නෙවෙයි. ආයෙ කවදාවත් දසුන් ගැන ලියන්න, කතා කරන්න මට අවස්‌ථාවක්‌ නොඑන නිසා. ඊයෙ දසුන් සිය දිවිය අවසන් කළා කියල අහපු ගමන් මං ගියා දසුන්ව බලන්න. එතකොට දසුන් ගිහින් පැයක්‌ විතර ඇති. දැක්‌ක ගමන් මට මතක්‌ උනේ අපේක්‌ෂා ටෙලි නාට්‍යයේ මගේ මස්‌සිනා හැටියට දසුන් මුලින්ම රගපාන්න ආපු දවස. එදා ඉදං අයියෙ .. මචං .. උඹ කියාගෙන අවුරුදු ගානක්‌ ඇතුලෙ දසුන් නලූ ජීවිතය ලස්‌සනට හදා ගත්ත. ඒත් ඇයි මල්ලි .. මචං උඹට බැරි උනේ ජීවිතේ ලස්‌සනට හදා ගන්න?

නළුවෙක්‌ගේ උත්කර්ෂය මේක නෙවෙයි. ජීවිතේ අත හරින්න හිතුන එකම කෙනා දසුන් නෙවෙයි. උඹට මට අපි හැමෝටම හිතිල ඇති දැං හිටිය ඇති කියල. ආදරේ කරල ඇති උඹ උඹට ලං වෙන්න බැරි තරං උසකට. " ඒ එකක්‌වත් නෙවෙයි උත්කර්ෂය. ගහගෙන මරාගෙන හරි ජීවත් වෙමු. "මේ ටික මට දසුන්ට කියන්න තිබ්බ. එත් මං යනකොට දසුන් ගිහිං. දසුන්ට ආදරේ කරපු උන් එක එක විදියට ආව දසුන්ව බලන්න. සමහර Faබි ලා දසුන්ව බලල දුක්‌ උනා, පුදුම උනා. සමහරු හිනා වෙවී ආව. ඒ අයට මේක තවත් ටෙලි නාට්‍යයක්‌ වගේ ඇති.

ඒත් ගොඩක්‌ එවුන් sයදජන.ග ඒ ඇත්තටම දසුන්ගේ යාලූවො. ඒත් එකෙක්‌වත් එතන seකහෙ ගැහුවෙ නෑ. ඒත් එතන්ට ආවෙ නැති අය ෙඉ පුරාවට දසුන් එක්‌ක ගත්තු seකහෙ දදා බලාපොරොත්තු උනේ මොකද්ද කියල මට තේරුණේ නෑ. එක්‌කො ඒක වෙන්න ඇති sඑහකැ එක. ඔරුබා එක. නැත්තං ඒ අයට දුක ඇති මේ වෙලාවෙ එතන්ට එන්න බැරි උන එකට. "දසුන් මගේ යාලූවෙක්‌" කියල පෙන්නන්න පුලූවන් හොඳම සාක්‌කිය කලින් ගහපු seකහෙ කියල හිතන්නත් ඇති. කොහොම උනත් දසුන් හැමොගෙම යාලූවෙක්‌. ඒකනං ඇත්ත. දැං බුකියෙ බැඅs හදන අයටනං දසුන්ගෙ මරණය මාර ප්රනැඑ.. දසුන් මාසෙකට කලින් ෙඉ ලියපුව, ගත්තු seකහෙ , මැරෙන්න කලින් ලියපු ලියුම, මැරෙන හැටි වාද කරපුව, මේ මරනය පසුපස කතාව.... යනාදි නොයෙක්‌ සිරස්‌තල එක්‌ක දසුන්ව අන්තිම පාරට ප්රනැඑ කරන්න පුලූවං දැං. මේ හැම දේකම ඇත්ත ඩැරිසදබ එක ගැන දන්න නිසා මට දුකයි. දසුන් ගැන. දසුන් උඹ මේ selfy එකෙන් අයින් උනා. හැමෝම උඹට බැන්නත්, වැරදි කිව්වත් හොද කිව්වත් දැං දස්‌ස නෑ. අපේක්‌ෂා එකේ රගපාන්න ආපු දවසෙ ඉදං 22 වෙනිදා අපි අන්තිමට ගත්තු selfyෙ එක දක්‌වා මං උඹව බලං හිටිය දසුන්. උඹ ගොඩක්‌ වෙනස්‌ උනා. ඒත් අන්තිමට අපේක්‌ෂා භංගත්වයට පත් වෙලා උඹ යන්නම යන වෙලාවෙත් මං උඹ දිහා බලං ඉන්නව. ආයෙ කවදාවත් දසුන් නිශාන් අපිට හමුවන්නේ නැද්ද.. නෑ. අපි ආයෙ හමුවෙනව. දැංම නෙවෙයි. ටික කාලෙකට පස්‌සෙ ආයෙ හමුවෙමු. අපේ නම, හැඩහුරුකම් වෙනස්‌ උනත් අපිට අඳුන ගන්න පුළුවං වෙයි. හරියට එදා අඳුන ගත්ත වගේ. එතකං කොහේ හරි පරිස්‌සමින් හිටපං... මරණය තාවකාලික සමුගැනීමක්‌ විතරයි. මරණයෙන් සියල්ල අවසන් වන්නේ නැහැ.

ධනංජය සිරිවර්ධන - ජනප්‍රිය රංගන ශිල්පී

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles