Divaina - සිනමා කලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

samanti115

 'වේග රිද්ම ගීත ගයමින් ගීත ලෝකයට පැමිණි මා ඉතාමත් කෙටි කලකින් මගේ රටේ සහ ඉන් පිටත සිටින්නන්ගේත් ආදරය සහ ගෞරවය දිනා ගත්තා. ඇත්තටම මෙතනදී ප්‍රසංග වේදිකාවෙන් ලැබුණු දිරිය අමතක කරන්න බැහැ. කලාව සහ සමාජ සේවාවන් වෙනුවෙත් මම සම්මාන ඇගයීම්, ගරු නාම බොහොමයක්‌ ලැබුවා. මේ සියල්ල ජීවිතයට එකතු කරන්නේ පුදුමාකාර සතුටක්‌.

dadunu111

ආදරය, සෙනෙහස, විරහවට නව අර්ථකථනයක්‌ ලබාදෙමින් අප දකින සාම්ප්‍රදායික ආදර කතා තේමාවන්ගෙන් වෙනස්‌ම මානයකට යමින් ප්‍රේක්‍ෂක හදවතේ සියුම්ම තැන පවා ස්‌පර්ෂ වන ආකාරයෙන් දේදුනු ආකාසේ නිර්මාණය වී තිබේ. දිනෙන් දින පරිපූර්ණත්වයට පත්වෙමින් විශිෂ්ට රංග කුසලතා පිළිබිඹු කරන වර්තමාන ශ්‍රී ලංකා සිනමාවේ කඩවසම් පෙම්වතා බවට පත්ව ඇති හේමාල් රණසිංහ චිත්‍රපටයේ ප්‍රධාන

ded555
 
 යෞවන වියෙහි පසුවන සමුද්‍ර සහ විහඟි එකම අධ්‍යාපන ආයතනයක උසස්‌ අධ්‍යාපනය ලබති. සමුද්‍ර ධනවත්ය. පවුලේ බඩ පිස්‌සාය. දඟකාරය. විහඟි සම්ප්‍රදායික නැටුම් ගුරුවරයකුගේ දියණියකි. මව මිය ගොසිනි.

dedunu1

සමුද්‍ර හා විහඟි එකට නැටුම් උගනිති. අධ්‍යයන ආයතනයේ නර්තන තරගයකට ඔවුන් සූදානම් වේ. කණ්‌ඩායමේ සාමාජිකාවක හදිසි අනතුරකට ලක්‌වීම නිසා සමුද්‍ර විහඟි ඇතුළු කණ්‌ඩායම විශාල ගැටලුවකට මුහුණදේ. විහ`ගිගේ නවාතැනේ මිතුරිය පවනීද දක්‍ෂ නර්තන ශිල්පිනියකි. සාමාජිකාවක නැති අඩුව සපුරාලන්නට පවනිට අවස්‌ථාව ලැබෙන්නේ විහඟිගේ ඉල්ලීම මතය. සමුද්‍ර ඊට විරුද්ධ වන්නේ පවනි තමන් ඉගෙනුම ලබන පන්තියට වඩා වසරක්‌ පහළ පන්තියක සිසුවියක නිසාය. විහඟිගේ මැදිහත්වීම මත පවනී කණ්‌ඩායමට එක්‌වේ.

dad4විහඟි හදවතින් සමුද්‍රට ආදරය කරයි. දෙමාපියන්ගේ සිතිවිලි දන්නා සමුද්‍ර විහඟිට ආදරය ප්‍රකාශ නොකරයි. විහඟිගේ ආදරය වටහා නොගත් සමුද්‍ර පවනිට ආදරය කරන්නට පටන් ගනී. සමුද්‍ර, විහඟි සහ පවනිගේ ආදරයට කුමක්‌ සිදුවේද? මේ සංවේදී ආදර කතාව "දේදුනු ආකාසේ" බදාදා (12) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගතවේ.
 
 "දේදුනු ආකාසේ" ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණයකි. 1998 දී "දැහැන" චිත්‍රපටයෙන් සිනමා ගමන අරඹන්නට පෙර ප්‍රියන්ත ජනමාධ්‍යවේදියෙකි. පසුව ඔහු "විමුක්‌ති" (1998), "අරුමෝසම් වැහි" (2003) සහ "ආදරණීය කතාවක්‌" (2016) අධ්‍යක්‍ෂණය කළේය. "දේදුනු ආකාසේ" ප්‍රියන්තගේ පස්‌වැනි චිත්‍රපටය වේ. "දේදුනු ආකාසේ" නිෂ්පාදනය කරන්නේ ඊ.ඒ.පී. ආයතනය සහ "ස්‌වර්ණවාහිනී" නාලිකාව විසිනි. රංගනයෙන් හේමාල් රණසිංහ, ටීනා ශනෙල් ප්‍රනාන්දු, චුලක්‍ෂි රණතුංග, සහෙලි සදිත්මා, ජයලත් මනෝරත්න, ශ්‍රියානි අමරසේන, ප්‍රියංකර රත්නායක, මයික්‌ ප්‍රනාන්දු, කුමාර ජයකාන්ත සහ දසුන් ද සිල්වා එක්‌වෙති. ගීත රචනා උපුල් ශාන්ත සන්නස්‌ගල, නන්ද වික්‍රමගේ සහ ප්‍රියන්ත කොළඹගේය. ගීත සඳහා සංගීතය උදාර සමරවීර සහ චිත්‍රාල් සෝමපාලය. චිත්‍රපටයේ සංගීතය උදාර සමරවීරය. ගීත ගායනා චිත්‍රාල් සෝමපාල, කුෂානි සඳරේඛා, උරේෂා රවිහාරි, මිහිඳු ආරියරත්න, සනුක වික්‍රමසිංහ, උදේශ් ඉන්දුලල , නදිමාල් පෙරේරාය.
 
 තිළිණ ලක්‌මාල් අභයරාජ

swarnalata  'වසූදා' ටෙලි සිත්තමේ පුංචි අම්මා සහ කෝරළේ මහත්තයා හි 'සෙලස්‌තිනා' වෙමින් ප්‍රේක්‍ෂක අවධානයට සහ ආදරයට පාත්‍ර වූ ඇය, වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරයද ජය ගනිමින් එයින් ද නොනැවතී පිටපත් රචකාවියක ද වෙමින් කලා ලොවෙහි නමක්‌ දිනූ රංගන ශිල්පිනියක ලෙස සිය හැකියාව රැකියාව කර ගනිමින් පසුවන්නියකි. නමින් ස්‌වර්ණලතා රණසිංහ වන ඇය සිය කලා දිවියේ නවක තතු 'දිවයින සිනමා කලා' වෙත මෙසේ දිග හැරියාය.
 
 'මම කලා ලොවට පිවිසෙන්නේ 1982 දී. ඒ 'පතිනි' වේදිකා නාටකය සමගින් රංගගතව. ඊට පස්‌සෙ කාලයක්‌ නිශ්ශබ්දව සිටියා. 2005 දී නැවත මගේ ගමන පටන් ගත්තා. වසූදා ටෙලි සිත්තමේ පුංචි ගේ චරිතය නිසා මාව අපේ රටේ ප්‍රේක්‍ෂකයෝ හඳුනාගත්තා. ඊටත් පස්‌සෙ ගුරු ගීතය, හිරුමලී පිංගල දනව්ව සහ කෝරළේ මහත්තයා ඇතුළු ටෙලි නාට්‍ය 50 කට වැඩි සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කළා.
 
 රංගන ශිල්පිනියක ලෙස බලාපොරොත්තු වූ චරිත මේ වන විට ලැබිලද තිබෙන්නේ...
 
 නැහැ. මම ආශාවෙන් සහ බලාපොරොත්තුවෙන් පසුවන චරිත තවම ලැබිලා නැහැ. මම බොහෝම හොඳ දක්‍ෂ අධ්‍යක්‍ෂවරු රැසක්‌ යටතේ රඟපාලා තියෙනවා. නමුත් මට යමක්‌ කළ හැකි සහ සම්මානයකට යා හැකි අභියෝගාත්මක චරිත මට තවම ලැබිලා නැහැ.
 
 මම දන්නවා. මට හැකියාව තිබෙනවා කියලා. ඒත් වේලාවකට හිතෙනවා. මම කොටුවෙලා දොa කියලත්. මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන චරිත සහ සමාජයේ කටකාර, ගණන්කාර චරිත රඟපාන්න මගේ ලොකු ආශාවක්‌ තියෙනවා. උදයකාන්ත වර්ණසූරිය, ටිකිරි රත්නායක වගේ මහත්වරුන්ගේ නිර්මාණ වෙනුවෙන් දායක වීමට මගේ ලොකු කැමැත්තක්‌ තියෙනවා. ඒක මගේ හීනයක්‌.
 
 නමුත් ඔබ වේදිකාවේදී සම්මාන ලබනවා...
 
 ඔව්. මම රඟපෑ මුල්ම වේදිකා නාටකය වූ 'පතිනි' වෙනුවෙන් මා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. ප්‍රවීණ කලා ශිල්පී ටෙනිසන් කුරේගේ 'මෑන් ද මෑන්'හි මම චරිත 2 ක්‌ රඟපෑවා. 'සොල්දර ගෙදර' ප්‍රධාන චරිතයට ජීවය මුසු කළා. වේදිකා නාට්‍ය රැසකදී මගේ රංගන හැකියාව පෙන්වූවා. ලැබුණු ප්‍රතිචාරත් ප්‍රශංසනීය මට්‌ටමක තිබුණා. සම්මාන තව තවත් ලබන්න තරම් මම කරපු මේන් කැරැක්‌ටර් මදි වෙන්න ඇති. ඒ නිසා තමයි හොඳ චරිතයකින් ලොකු සම්මානයකට යැමේ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ.
 
 සිනමාව වෙනුවෙන් ඔබේ රංගන දායකත්වයන් මුදාහැරියා...
 
 ඔව්. 'සතියකට මට රට භාර දෙන්න' තමයි මා රඟ පෑ ප්‍රථම චිත්‍රපටය. ඊට පස්‌සේ 'ජය ශ්‍රී ඇමැති' (කටකාර මාළු වෙළෙන්දිය), "සුභා", සිහිනය දිගේ එන්න, "සඳුළු තලේ කුමාරියෝ" ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවා.
 
 මේ දිනවල ඔබ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්‌...
 
 ඔව්නේ. 'මෙඩි සිනා' හි සිල්වගේ බිරිඳ සහ 'මල් හතයි' නිසා මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 'සියක්‌ තඹර', 'පොකුරු වැස්‌ස්‌ සහ 'කඩවර අඩවිය' එන්න තියෙනවා.
 
 අද කලාව ඔබේ රැකියාව. ඇත්තටම මෙය ජීවත් වීමට ප්‍රමාණවත්ද...?
 
 අවංකවම මේ කලාවෙන් ජීවත්වෙන්න අපහසුයි. මොනවා වුණත් මගේ හැකියාව අද රැකියාව බවට පත්වෙලා කියනවා. ලොකු පුතා චතුරංග ඉන්නේ එංගලන්තේ. ඔහුත් උපකාර කරනවා. පුතා කලින් රැකියාව කළේ මෙහේ. නමුත් එයාට රැකියාව නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා තමයි 2010 වසරේදී පුතා එංගලන්තයට ගියේ. මට පුතාලාම තිදෙනයි. නරේන්ද්‍ර සහ කවිරු අනිත් පුතාලා
 
 පිටපත් රචනයට ඇති හැකියාවෙන් ප්‍රයෝජනයක්‌ ගන්න අර්ථපතියකු හොයන කතාවක්‌ කිව්වා...
 
 ඔව්. මම මේ දිනවලත් පිටපත් කිහිපයක වැඩ අවසන් කරලා තියෙනවා. මම ලියපු පිටපත්වලට අනුව පෝය නාට්‍ය කිහිපයක්‌ සහ ඩී. වී. ඩී. චිත්‍රපට කිහිපයක්‌ නිර්මාණය වුණා. කවුරු හෝ අර්ථපතීත්වයට අත දෙනවා නම් මට හොඳ ටෙලි නාටකයක්‌ කරන්න හැකියාව තිබෙනවා. "සමනල තැන්න" සහ "නිල්ගල තැන්න" නමින් මා ලියූ ලස්‌සන පිටපත් දෙකක්‌ දැනුත් මා ළඟ සූදානම්ව තිබෙනවා. කොහොම හරි මේ කලාව කරන්න මට තව තියෙන්නේ සීමා සහිත කාලයක්‌. ඉතිං... ඒකෙන් කලාවට වගේම රටට වැඩදායී දෙයක්‌ කිරීම තමයි මගේ එකම අරමුණ.
 
 සුජීව තත්සර
 ඡායාරූප- වාසල සේනාරත්න

inoka134

සුළං කිරිල්ලී' සහ 'සින්ෙඩ්‍රල්ලා' සිනමා සිත්තම් තිරයට නගමින්, සිනමා අධ්‍යක්‍ෂ භූමිකාවේ සිය සලකුණ සනිටුහන් කළ ඇය, බොහෝදෙනාගේ අවධානයට සහ කතා බහට නතුවූ චරිතයක්‌ වූවාය. රූබී ද මෙල්, ප්ලොරීඩා ජයලත්, රෝහණී ජයකොඩි සුමිත්‍රා පීරිස්‌ සහ මාලිනී ෙµdන්සේකා යන සිංහල සිනමා චිත්‍රපට අධ්‍යක්‍ෂිකා "හැඳුනුම්පත්" ලාභිනියන් අතර සුවිශේෂී නාමයකට හිමිකම් කියන ඇය, තවමත් නමක්‌ තබා නැති ඇගේ තෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන්ව ඇති මොහොතක අප සමඟ මෙලෙස දොඩමළු වීමු. ඕ, ප්‍රවීණ කලා ශිල්පිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද නම් වන්නීය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles