Divaina - ගායන දිවියේ තිස්වසරක් සපිරූ ගාමිණී පතිරණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

gayakaya222
 
 ගුවන් විදුලි ගායන ශිල්පියකු හා සංගීත අධ්‍යක්‍ෂකවරයකු වන ගාමිණී පතිරණ නම්වූ කලාකරුවාගේ කලා ජීවිතයට තිස්වසරක් සපිරිණි.
 
 ගාමිණී පතිරණ සංගීත ශිල්පියා, ප‍්‍රතිභා පූර්ණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල කලාකරුවාගේ වියෝවෙන් පසු දිවංගත ජනාධිපති ශ‍්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ උදාගම්, ගම්උදා, ඇඟලූම් කම්හල් වේදිකා තුළ අඛණ්ඩව ගීත ගායනා කිරීම තුළින් ජනතාවගේ ප‍්‍රසාදයට පත්විය. ඔහු විසින් පසුව ගායනා කරන ලද ජනපි‍්‍රය ගීත වන ජෝජ් රොබ්සන්ද සිල්වා ලියූ සෙනෙහස ඔබගේ කෙලෙස පතන්නද, සමන් චන්ද්‍රනාත් ලියූ ‘‘ඔබ ආදරෙන් මගෙන්,’’ ආචාර්ය අජන්තා රණසිංහ ලියූ ‘‘ඔබට නැති දෝ දැනෙන්නේ’’ (යුග ගායනා කර ඇත්තේ ඉන්ද්‍රාණි පෙරේරා ගායන ශිල්පිනිය සමග* ආනන්ද පද්මසිරි ලියූ ‘‘ජීවිතේ ගෙවෙයි පාරේ’’ සහ ඒරානන්ද හෙට්ටිආරච්චි ලියූ ‘‘සුන්දර දවසක’’ ගීත ජනාදරයට පත්වී ඇත.
 
 ගාමිණී පතිරණ සංගීත අධ්‍යක්‍ෂවරයා විසින් තනු නිර්මාණය කළ ගී අතර විශාරද නිර්මලා රණතුංග ගායනා කරනු ලබන ‘‘පෙම්පත් පුරා’’ ගීතය. කලාශූරී ලතා වල්පොළ ගායනා කරන සීත නිල් සාගරේ ගීතය, ඇන්ජලීන් ගුණතිලක ගායනා කරනු ලබන කඳුළු දුක් ජීවිතේ හා උරේෂා රවිහාරි ගායනා කරනු ලබන ‘‘ආසාවේ පෙම්මල් තටාකේ’’ ගීත ඇතුළු ගීත රාශියක් ශ‍්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත‍්‍රය අතර ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. ඊට අමතරව සංගීත දැනුම සොයන දරු දැරියන් වෙනුවෙන් සිප්සර කලායතනාධිපති ලෙස බොරැුල්ල කලා ආයතනයෙන් මාලිගාවත්ත කෙත්තාරාම විහාරස්ථානයේදීත් සංගීත දැනුම බෙදා දෙන ගාමිණී පතිරණ කලාකරුවා ඉදිරියේදී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයට අගනා සේවයක් ඉටුකිරීමට බලාපොරොත්තු වේ.
 
 දිවයිනේ එළිමන් වේදිකාවේ මෙන්ම විදේශීය සංචාර මගීන් සංගීත ප‍්‍රසංග වේදිකාවේ ගී ගයන සියලූ ගායක ගායිකාවන් වෙනුවෙන් සංගීතය සපයා ඇත. ගාමිණී පතිරණ කලාකරුවා ඉදිරියේදීත් සංගීත ලොවේ ඔබ සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. මෙම ප‍්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සුපර් රිදම්ස් වාදක මණ්ඩලයයි. විදුලි ඕගනයෙන් සංගීතවේදී ගාමිණී පෙරේරා සහයෝගය දක්වයි. මෙදින කතනය වෙනුවෙන් පි‍්‍රයන්ත විජේසිංහ සමග නන්ද උඩුවිල දායක වේ.
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles