Divaina - ටවර්හෝල් යුගයේ සිට එන සංගීතඥයා ලෙස්ලි ද සිල්වා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

lesly222දෙව්ලොව දෙවියන්ගෙන් මිනිස් වගට ලැබුණු මාහැඟි දායාදය වන්නේ සංගීතයයි. භාරත දේශයෙන් සිරිලකට ප‍්‍රදානය වූ අසමසම අතිශ්‍රේෂ්ඨ බුදුදහමට පමණක් දෙවැනි වන, භාරතීය කලා ශිල්ප සමූහය මෙරට මුල්බැස ගත්තේ යෝග්‍ය තෝතැන්නක් ලංකා භූමිය තුළ වූ බැවිනි.
 
 නර්තනය, ගායනය සහ වාදනය ප‍්‍රගුණ කරමින් ඒ ඔස්සේ, එම කලා ක්‍ෂේත‍්‍ර අතික‍්‍රමණය කරමින් කිරුලූපලන් අපේ කලාකරුවන් රටට දැයට සම්පත්ම විය.
 
 දෙවියන් දුන් සංගීත කලාව හදාරා සාමාන්‍ය පොදු මිනිසුන්ගේ සිත්සතන් කලා රසයෙන් මුසපත් කරවන කලාකරුවා දේව¥තයෙක් මැයි.
 
 සංගීත කලාවට සිය ජීවිතයෙන් වැඩි කොටසක් මිඩංගු කළ කීර්තිමත් ටවර් හෝල් යුගය තෙක් බැඳුණු අතීතයක් ඇති, ප‍්‍රවීණ නාඩගම්, නූර්ති හා ග‍්‍රැමෆෝන් ගීත ගායක සහ ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ සරල ගී ගායක වාදන ශිල්පී තානාපති ලියනරාලලාගේ ලෙස්ලි ද සිල්වා මහතා (71* අද අපි හඳුනාගනිමු.
 
 1930, 40, 50 දශකවල බිහිවූ කලා නිර්මාණ තුළින් මෙරට රසික ජනතාව අමන්දානන්දයට පත්කළ සුපතල මහා සංගීතවේදී මොහොමඞ් ගවුස්, (අමරදේව ගාන්ධර්වයාණන්ගේ ගුරුවරයෙකි)
 
 සාදිරිස් සිල්වා, එඞී ද සිල්වා, ලක්‍ෂ්මී බායි, විමලා ජයසිංහ, පර්සි පෙරේරා වැනි උත්තුංග ප‍්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලැබූ, සුප‍්‍රකට සංගීතවේදී එච්. ඩබ්. රූපසිංහ මාස්ටර්ගේ ශිෂ්‍යවරයෙක්වූ, ටී. එල්. ජාන් සිල්වා මහතාගේ පුතනුවන්ව, වර්ෂ 1947 නොවැම්බර් 27 දින කොළඹ, මරදානේදී උපත ලද ලෙස්ලි සිල්වා මහතා දසවසක් ඇවෑමෙන්, එනම් 1957 දී සිය පියාණන්වූ කලාභූෂණ, ප‍්‍රවීණ සංගීතඥ, ගුවන් විදුලි ගායක ජාන් සිල්වා මහතාගේ ගුරු උපදේශ හා ආශිර්වාදයෙන් කලාවට පිවිසියේය.
 
 ලෙස්ලි තරුණයාගේ කලා කුසලතා පිබිදවීමට ඔහුගේ මුත්තනුවන් සර්පිනාව සහ සංගීත විශාරද සිරිමාන්න තෙලිජ්ජගොඩ සූරින් පෙරදිග සංගීතයද පුහුණු කළේය.
 
 මේ වනවිට, පුරා හැට වසරක් තිස්සේ ලාංකීය කලා රසික සිත්සතන් පිනවන්නට ඔහුට හැකිවිය. වර්ෂ 2011 රාජ්‍ය කලා භූෂණ සම්මානයද යටියන්තොට, සියඹලාපිටිය, වීරඹුගෙදර සංස්කෘතික මධ්‍යස්ථාන මගින් උපහාර සම්මානයෙන් ඔහු පිදුම් ලබා ඇත. නූර්ති ගී, නාඩගම් ගී ග‍්‍රැමෆෝන ගී සංගීත ප‍්‍රසංග තුළින් දහස් සංඛ්‍යාත කලාලෝලීන්ට කලාවේ ආනන්දය සුමිහිරි සරින් බෙදාදීමට දායකවූ, ලෙස්ලි මහතා එදා රුවන්වැල්ල, කරවනැල්ල ප‍්‍රදේශවල සංගීත ප‍්‍රසංගවලට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්වූ වග ඔහුට ලැබුණු ලියුම් වලින් පෙනී යයි.
 
 නූර්ති හා නාඩගම් ගීත ක්‍ෂේත‍්‍රයේ ගෞරවය රැුකගත් අදීන කලාකරුවෙක් ලෙස කාහටත් අතදුන් ලෙස්ලි මහතා රජරට, මහනුවර සහ ස්වදේශීය සේවයේ ගුවන් විදුලි වැඩසටහන්වලටද සම්පත්දායකයෙක් ලෙස සම්බන්ධව ඇත.
 
 නීතිඥ ජෝන් ද සිල්වා සූරින් උදාකළ නූර්ති නාඩගම් ගීත කලාවේ ස්වර්ණමය යුගය තවදුරටත් ගිලිහී යාමට ඉඩනොතබමින්, හෙතෙම දිවයිනේ විදුහල් රැුසකට ගොස් පාසල් දරුවන්ට කලාවේ අගය වටහාදීමටද කි‍්‍රයා කළේය.
 
 මොහුට පහත දැක්වෙන සංගීත භාණ්ඩ මනාව වාදනය කළ හැකිය.
 
 සර්පිනාව, තබ්ලාව, වයලීනය, ඉන්ග්ලිෂ් මැන්ඩලිනය, ජපන් මැන්ඩලිනය, බටනලාව, ඩොල්කිය සහ ඩෝලය මේ සංගීත උපකරණ සියල්ලම හුරු පුරුදුය.
 
 එසේම, ඔහු සතුව තිබූ, අගනා කලා නිර්මාණ පිටපත් (නාට්‍ය* රැුසක් නොබෝදා බත්තරමුල්ල සුහුරුපාය, 15 වන මහලේ පිහිටි ජන සංගීත සංරක්‍ෂණ මධ්‍යස්ථානයට බාරදුන්නේ, සියදිවි දෙවෙනි කොට සුරැුකි මේ වස්තු මතු පරපුරේ කලාකාමීන්ගේ ප‍්‍රයෝජනයටද ඉඩහසර තබමිනි. එසේ ජාතියට පරිත්‍යාග කළ නිර්මාණ මෙසේය.
 
 සඳ කිඳුරු සින්දුව හෙවත් කිඳුරු නැටුම, ලපටි කුසුමා හෙවත් කපටි සුළු මව, සිරිසඟබෝ රජ පුවත, සීතා ලක්‍ෂ්මණට කී කවි, ඥාන සවුන්දරී, රාමායනය හෙවත් රාවණා නාඩගම සහ පොතේ විරිදුව
 
 ජීවිතයේ සැඳෑ සමය ගතකිරීමට වාරියපොළ ඊතණවත්ත සිවල්ලවගෙදර, පීමාවෙල පදිංචි වූ ලෙස්ලි සිල්වා කලාකරුවාණන්ගේ පුතුන් දෙපලද ඔහුට සහාය වෙති. කෙසේ වෙතත්, වියපත්ව සිටින බොහෝ ලාංකීය කලාකරුවන්ට මුහුණපෑමට සිදුවන අපහසුතාවය මේ මහතාටද පැමිණ තිබේ.
 
 ඔහුට ලැබෙන විශ‍්‍රාම වැටුපේ විෂමතාව ඉවත්කර ගැනීම, පදිංචි නිවස සුවපහසුවට තනා ගැනීම, බේත් හේත් ගැනීමටත් අක්‍ෂි සැත්කමක් සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීම, ආර්ථික මට්ටම තරමක් ඉහළට දමා ගැනීම, ඉන්ග්ලිෂ් මැන්ඩලිනයක් මිලට ගැනීමද ඔහුගේ අහිංසක සිහින අතර වෙයි.
 
 මේ අව්‍යාජ කලාකරුවාට යම් උපකාරයක් කිරීමට කලා ලැදි පින්වතෙක් හෝ පින්වතියක් ඉදිරිපත් වන්නේ නම් එය ලොකු වටිනාකමක් ලැබෙන මානවවාදී සද්කි‍්‍රයාවක් බව කිව යුතුය. වියපත්වූවත්, රෝගී වූවත් සාමාජික කලාකරුවෙක් ලෙස ඔහු තවමත් බමුණාකොටුව ප‍්‍රා.ලේ. කාර්යාලයීය සංස්කෘතික බලමණ්ඩල රැුස්වීම්වලට පැමිණ අපගේද සවන් පිනවයි. සිත නිවයි. දුරකථන අංක 0785491954 ඇමතීමෙන් ඔහු සම්බන්ධ කරගත හැකිය.
 
 මාස්පොත - සෙනරත් පොන්නම්පෙරුම
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles