Divaina - ගණකාධිකාරියකු වෙන්න ඉගෙනගත් මා ගී තනු රචකයෙක් වුණා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

geethaman135
 
 ශබ්ද පරිපාලකවරයකු මෙන්ම ගීතනු නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන කලා ශිල්පියකු අපට පසුගියදා මුණ ගැසුණි. ඔහු මේ වන විට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන සහායකවරයකු මෙන්ම ශබ්ද පරිපාලකවරයකු ලෙස කටයුතු කරන තරිඳු දිසානායකය.
 
 ඔබේ පාසල් කාලය ගැන කිව්වොත්?
 
 මම මාතර රාහුල විiාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. ඉන් පස්සේ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළට කළේ වාණිජ ඒ අනුව මගේ බලාපොරොත්තුව තිබුණේ කවදා හරි ගණකාධිකාරිවරයෙක් වෙන්න. උසස් පෙළ කරලා ඉවරවුණාට පස්සේ මම කී බෝඞ් වාදනය කළා. ඒ අතරතුර ශබ්දාගාරවල පටිගත කිරීම්වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මේ කාලය තුළ මට කීර්ති පැස්කුවෙල් ලාසිලානියන්ස් වාදක මණ්ඩලයේ නායක නොයෙල් රණසිංහ යන මහත්වරුන් හමුවුණා. මම කීබෝඞ් වාදන ශිල්පියකු හැටියටත් කටයුතු කරලා තියෙනවා.
 
 දැනට ඔබ නිර්මාණ කීයක් කරලා තියෙනවද?
 
 ‘‘ගීත 15 කට විතර ගී තනු නිර්මාණ කර තිබෙනවා. විශේෂයෙන් නවක ගායන ශිල්පීන් සඳහා ඒවගේම ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන්ගේ ගීත පටිගත කිරීමේ කටයුතු ගුවන් විදුලියේදී හා මගේ නුගේගොඩ ශබ්දාගාරයේදී කරලා තිබෙනවා.
 
 ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
 
 2009 වර්ෂයේ අගභාගයේදී මා ශබ්ද පරිපාලන පාඨමාලාවක් හැදෑරුවා. ඒ අනුව මා ගුවන්විදුලියේ නිෂ්පාදන සහායකවරයකු හැටියට සම්බන්ධ වුණා. මුලින්ම මා සරල ගී වැඩසටහන පටිගත කළා. මා මුලින්ම කළේ රෝහණ සිිරිවර්ධන මහත්මාගේ සරල ගී වැඩසටහනයි. ඊට පස්සේ ‘‘ස්වදේශීය රටා’’ සිටි එෆ්. එම්. එකේ ආදරණීය ක්ලැරන්ස්’’ ස්වදේශීය සේවයේ ‘‘මී ළ`ග මීවිත’’ වැනි වැඩසටහන් සඳහා දායක වෙනවා.
 
 චාරක සමරවීර මහත්මයා තමයි මට ගුවන් විදුලියට යන්න හු`ගක් උදව් කළේ. එතුමා දැනට ජිවතුන් අතර නැහැ. මා ගුවන්විදුලියට එන්න කලින් වැඩ කළේ කීර්ති පැස්කුවෙල් මහතාගේ සොනික් ශබ්දාගාරයේ. අනුර රණසිංහ, විමලසිරි ගමගේ කියන ජ්‍යෙෂ්ඨ ශබ්ද පරිපාලකවරුන් දෙන්නා යටතේ මා පුහුණුවෙන නිලධාරියකු විදිහටයි මා එතැන සිටියේ. ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඞ්සන් සමරසිංහ මහත්මයා, හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ටී. ඞී. කේ. ඒ ජයන්ත, හිටපු සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම, විපුල් ධර්මප‍්‍රිය ජයසේකර, භද්‍රජි සෞම්‍ය කුමාර, ප‍්‍රසන්න චන්දන බණ්ඩාර යන මහත්වරුන් මගේ ගමනට ලබාදුන් ශක්තිය මට අමතක කරන්න බැහැ.
 
 දැන් ඔබ ඔබේම ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. ඒ ගැන කිව්වොත්?
 
 ‘‘ඔව් මං නුගේගොඩ, පාගොඩ පාරේ ‘‘නේටිව්ස්’’ :බ්එසඩැි* කියලා ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. 2012 දී මේ ශබ්දාගාරය පටන් ගත්තේ. මෙහි ගීත පටිගත කිරීම්, වෙළෙඳ දැන්වීම්, ජිංගල්ස් වගේම ගුවන් විදුලි නාට්‍යය හඬ කැවීම් පටිගත කරනවා.
 
 පවුලේ විස්තරයක් කළොත්?
 
 ‘‘තාත්තා ආතර් දිසානායක. අම්මා තිලකා දිසානායක. නංගි සුදම්මි දිසානායක. මගේ බිරිඳ වින්ධ්‍යා දිසානායක. මගේ මේ ගමනට පවුලේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ශබ්දාගාරය පටන් ගන්න මගේ් දෙමාපියන්ගෙන් තමයි සහාය ලැබුණේ. ඔවුන් අවශ්‍ය සම්පත් ටික ගන්න මට සහාය වුණා. ඊට අමතරව බිරිඳගෙන් හා නංගිගෙන් විශාල සහයෝගයක් ලැබුණා.
 
 ‘‘මගේ බිරිඳ සංගීත ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඇය සෞන්දර්යය විශ්වවිiාලයේ උපාධිධාරිනියක්. දැනට ඇය සංගීත පන්ති පවත්වාගෙන යනවා. ඇය ගායනය, වාදනය දෙකම උගන්වනවා. මගේ නංගිත් සංගීත විශාරදවරියක්.
 
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 ඡුායාරූප - ධර්මසේන වැලිපිටිය


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles