Divaina - අද සමාජය නර්තන පිපාසාවකින් පෙළෙනවා; රිදී රැයක් හරහා මම වෙනම පිම්මක් පැන්නා - චන්න විජේවර්ධන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

channa145පසුගියදා පැවැත්වූ ‘රිදී රැයක්’ ප්‍රසංගය නිසා කාර්ය බහුලව සිටි චන්න විජේවර්ධන ලද විරාමයකදී ‘දිවයින සිනමා කලා’ සංග්‍රහය සමග එක්විය. ’ රිදී රැයක්’ ආරම්භයේ සිටම නර්තන අධ්‍යක්‍ෂවරයා වූ චන්න පසුගිය ඉරිදා පැවැති එහි දහසය වැනි ප්‍රසංගයේද නැටුම් නිර්මාණය කළේය. ඒ දස්කම් මෙම 31 වැනිදා රාත්‍රියේ දෙරණ ටීවී ඔස්සේ දැකගත හැක.
 
 චන්න සමඟ කළ සම්මුඛ සාකච්ඡාවට මෙසේ ඉඩ සලසමු.
 
 චන්න උපුලි රංගායතනය කොහොමද වැඩ කටයුතු....?
 
 අපේ වැඩකටයුතුවල අඩුවක් නැහැ. මම විතර වෙන්න ඇති නර්තන කණ්ඩායමක් විදිහට වැටෙන්නේ නැතුව දිගටම සංදර්ශන කරන්නේ. අපි දන්නවනේ සමහරුන්ට ප්‍රසංග අඩුවෙලා තියෙනවනේ. අපි දිගටම සංදර්ශන කරන්න ප්‍රධාන හේතුව මම නිර්මාණකරණයේ ඉන්නවා. නිර්මාණය තුළ කතාවක් තියෙනවා. ඕනෑම අංගයක පුංචි කතාවක් තියෙනවා නම් මිනිසුන් ආකර්ෂණය කර ගන්න පහසුයි. මේ වෙද්දී යූ ටියුබ් හරහා මිනිසුන් හැම නැටුමක්ම දැකල තියෙනවා. ඉතිං ඒක අභිබවා යන්න අපි කළ යුතුයි. අපිට දෙදහස් පන්සීයක් විතර චලන තියෙනවා. ඕනෑතරම් චලන තියෙන නිසා අපි නිර්මාණ කරගෙන යනවා. ‘රිදී රැයක් හරහා මම වෙනම පිම්මක් පැන්නා. ඒක විශාල පිම්මක්. මගේ ශිල්පීන් රවි අයියා, මාලිනී අක්කා වැනි ශිල්පීන් සමග නර්තනය කිරීම නිසා බොහෝ අත්දැකීම් ලබා ගත්තා.
 
 ඔබගෙන් අපට යළි මුද්‍රා නාට්‍යයක් බලාපොරොත්තු වෙන්න බැරිද.?
 
 අපේ ‘තාල’ මේ ළඟදී ඕස්ටේ්‍රලියා ගිහින් ආවා. මම එහේ ‘දස්කොන්’ කියලා බැලේ එකක් කරළා තියෙනවා.
 
 අපේ රටේ අයට රස විඳින්න අවස්ථාවක්..?
 
 ඇයි ‘සීගිරිය’ දෙවතාවක් වෙනස් විදිහට කළා. ‘කුවේණී’ කළා. ගිය අවුරුද්දේ කළේ නැහැ. බැලේ තියෙනවා. ඒත් ඉතිං දර්ශන ලැබෙන විදිහටනේ කරන්නේ. අපේ රටේ සියලුම සම්මාන උළෙලවලට මගේ නිර්මාණ යොදා ගත්තේ . මම ඉල්ලලා ගන්නව නෙවෙයිනේ. මේ හැම එකකම මම වෙනසක් කරලා තියෙනවා. ඇත්තටම මම මුද්‍රා නාට්‍යයක් කරන්න ඕනේ. තුනහතරක් සැලසුම් කරගෙන ඉන්නවා.
 
 ඔබේ නර්තන කණ්ඩායම සහ සිසුන් ගැන කතා කළොත්..
 
 අපි පවුලක් වගේ ඉන්නේ. ළඟදී අපි බහරේන් ගියා. ඒ අය ලියුමක් එවලා තියෙනවා නැටුම පමණක් නෙවෙයි විනයත් ඉහළයි කියලා. ප්‍රසංග නවයක් විතර කළා. ඒ නවයම බලපු අය හිටියා. විනය ගැන අපෙන් බොහෝ දේ ඉගෙන ගත්තා කියලා එක් නිලධාරියෙක් ප්‍රකාශ කරලා තිබුණා. අපි යන්නේ සංස්කෘතික දූතයන් විදිහට. නර්තන ශිල්පීන් විදිහට යන අපෙන් ලංකාව ගැන තක්සේරුවක් ඇතිකර ගන්නවා. අපි ඇඳගෙන යන ඇඳුම, ගුවන් යානයේ හැසිරෙන විදිහ, මේ හැම දේකින්ම ශ්‍රී ලංකා කියන එක මනිනවා. මගේ ගෝලයන්ගෙන් කිසිම හානියක් වෙලා නැහැ. සමහර ගෝලයන් ගිහින් වෙනම පන්ති දාගෙන ඉන්නවා. ඒත් අපේ වැඩකදී ඒ අය සහභාගි වෙනවා. එහෙම වෙන්න ඕනේ. කණ්ඩායම කවදාවත් කැඩිලා එළියට ගිහින් නැහැ.
 
 නළු නිළියන් සහභාගිවන රියැලිටි නර්තන වැඩසටහන් ගැන සහ අද නර්තනය තිබෙන තැන ගැන ප්‍රවීණ ශිල්පියෙකු ලෙස ඔබ සෑහීමකට පත්වෙනවද.?
 
 රියැලිටි වැඩසටහන්වලට නළුනිළියෝ දාගන්නේ ඒ ඒ චැනල් මාර්කට් කරගන්න. ඒ වැඩසටහන් යන්නේ වෙන විදිහකට. අද අපේ නර්තනයට කිසිම හානියක් වෙලා නෑ. මිනිසුන්ට නර්තනය පිළිබඳ අද පිපාසාවක් ඇති වෙලා තියෙනවා. දැන් අපි යන හැම තැනකම නර්තනය තියෙනවා. අපි නර්තනය පටන් ගනිද්දී වේදිකාවල කවුරුවත් නැටුවේ නැහැ. අද කිසිම සන්දර්ශනයක් නැහැ නැටුම් නැති. ඉස්සෙල්ලාම සරසවි සම්මාන උළෙලක නැටුවෙත් මමයි. ඒ කාලේ තිබුණේ අමරදේව මහත්තයා ගැයූ සරස්වතී අභිනන්දන ගීය විතරයි. මම ආඩම්බරෙන් කියනවා මම තමයි මුලින්ම නැටුවේ. හැබැයි අද අපේ සාම්ප්‍රදායික නැටුමට කිසිම හානියක් වෙලා නැහැ. එය ඒ විදිහටම කරනවා. නමුත් හුඟ දෙනෙක් රියැලිටි වැඩසටහන් හරහා දරුවන්ට අභ්‍යාස දෙන්නෙ නැතුව අයිටම් විතරක් උගන්වනවා. හරඹ අභ්‍යාස තිබිය යුතුයි. දැන් කරන්නේ තරග දිනන්න බලාගෙන උඩ පනිනවා, පිනුම් ගහනවා. අපේ නැටුම මැකෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ එක්කම දේශීය දේත් අවශ්‍යයි. මම රියැලිටි විනිශ්චය මණ්ඩලයක් ඉඳිද්දී දේශීය නිර්මාණවලට ගරු කරනවා. දැන් අපි දැක්කා දෙරණ ලිට්ල් ස්ටාර්. ඒ ළමයින් ඔක්කොම නැටුවේ දේශීය නැටුම්. මොකද ඒ අය දන්නවා විනිශ්චය මණ්ඩලයේ හිටියේ දේශීය නැටුමට බර තියෙන අය කියලා. මට කියන්න පුළුවන් අපේ නර්තනයට කවදාවත් හානියක් වෙන්නේ නැහැ. අපේ නර්තනයට වටිනාකමක් තියෙනවා. අද නර්තන ශිල්පියා සමාජයේ ඉහළ මට්ටමක ඉන්න කෙනෙක්. පිරිසිදු නර්තනයක් අපිට තියෙන්නේ. එය මිල කළ හැකියි. එක කාලයක් අපේ නැටුමට වටිනාකමක් තිබුණෙ නැහැ. දැන් තියෙනවා. මේ වටිනාකම අපි ඇති කළා. අපට ලැබෙන වටිනාකමට වඩා දෙයක් අපේ සේවය ලබා ගන්නා අයට දිය යුතුයි. නමක් හදා ගන්නවට වඩා අමාරුයි. ඒ නම පවත්වාගෙන යන්න. දැන් අපේ චන්න උපුලී කියන නම සන්නාම ලකුණක් වෙලා.
 
 මෙතෙක් දුරට ගෙන ආ චන්න උපුලී නර්තන සලකුණේ ඉදිරි ගමන ගැන ඔබට සැකයක් නැහැ..?
 
 ඔව්. අපේ දියණිය අශේකා දැන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඇය ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා මම බය නැතුව කියනවා. අපේ නර්තන ශෛලීන් හැම එකක්ම වගේ ඇය ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වගේම රඟපෑමෙනුත් අශේකා ටිකක් ඉදිරියෙන් ඉන්නවා. චන්න උපුලිගේ දුව අශේකා කියල අහගන්න මම කැමැති නැහැ. මම කැමතියි අශේකාගේ අම්මයි තාත්තයි චන්න උපුලී කියලා අහන්න. අද තරමක් දුරට ඒ තත්ත්වයට ඇය ගෙනැවිත් තියෙනවා. අද දරුවො ඉන්නේ අපිට වඩා හුඟාක් ඉදිරියෙන්. අපිට වඩා හොඳින් ඒ අයට අනාගතේ පේනවා. අපෙන් ඉදිරියට යන්න අශේකට අවස්ථාව දීලා තියෙනවා. උපුලියි මමයි අශේකා ගැන හරි ආඩම්බරයි. අපේ නර්තනය ඉහළටම ගෙන යන්න එයාට පුළුවන්. සම්ප්‍රදායට ඉහළින්ම ගරු කරනවා. නිතරම පන්සලත් එක්ක ඉන්න කෙනෙක්. අපේ නර්තනයට ඒක අවශ්‍යයි.
 
 ‘රිදී රැයක්’ වාර්ෂික ප්‍රසංගයක්. අපි ඒ ගැනත් සාකච්ඡා කරමුද.?
 
 ‘රිදී රැයක්’ දහසය වැනි ප්‍රසංගය පැවැත්වුණේ පහුගිය ඉරිදා. සාර්ථක ප්‍රසංගයක්. ඉහළම ප්‍රතිචාර ලැබුණා. සජීවීව නොදැකපු රසිකයන්ට මේ 31 වැනිදා රෑට දෙරණ නාලිකාවෙන් නරඹන්න පුළුවන්. රිදී
 
 රැයක් හැම එකක්ම එකිනෙකට වෙනස්. ඒක තමයි විශේෂත්වය. සින්දු නම් කීප සැරයක්ම යොදා ගන්න පු`ථවන්. ඒත් භාවිතා කරන චලන සහ සංකල්පය එකිනෙකට වෙනස්. ඒකෙන් මටත් වාසියක් වෙනවා. මමත් හැම තිස්සෙම අලුත් දෙයක් හොයාගෙන යනවා.
 
 ’රිදී රැයක්’ කරද්දී මට සීයට සීයක්ම සහාය වෙන්නේ සංගීතා වීරරත්න බව කියන්නම ඕනේ. ඒ වගේම රඟපෑම් පැත්තෙන් රවීන්ද්‍ර රන්දෙණියගෙන් ලැබෙන සහායත් මතක් කරන්න ඕනේ සිනෙස්ටාර් පදනමේ අරමුණ තමයි සිනමා ශිල්පීන්ගේ රක්‍ෂණය. ඒ සඳහා අරමුදල් ශක්තිමත් කිරීමේ පරමාර්ථයෙන් ‘රිදී රැයක්‘ කරන්නේ. මේ පරමාර්ථය ඉටුවෙලා තියෙනවා ප්‍රසංගය නිසා. සමහර ශිල්පීන්ට මාසික දීමනාවකුත් දෙනවා.‘කවදාවත් මේක සාර්ථක වෙන්නෙ නැහැ හොඳ හදවතක් ඇති මුලක් නැත්නම්. ඒ මුල තමයි ‘සිනෙස්ටාර්’ පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහත්මයා.
 
 අජිත් අලහකෝන්
 ඡායාරූප - දයාන් විතාරණ

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles