Divaina - තංගල්ලේදී ‘රෙගේ’ මිහිර විඳින්න; රෝහිත සහ රොහාන්ගෙන් ආරාධනා!

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 rage135
 රෙගේ සංගීත ශෛලිය අපට වඩාත් සමීප වූයේ බොබ් මාලේ නිසාය. එහෙත් රෙගේ උපත බොබ් මාලේටත් කලින් ඈත අතීතයට දිවයයි. ජැමෙයිකාව රෙගේ ශෛලියේ උපත සිදුවූ රටය.
 
 රෙගේ ජනතාව අතරට ආවේ හැට හැත්තෑව දශකයේදීය. එහි ගෞරවය හිමිවිය යුත්තේ බොබ් මාලේටය. බොබ් මාලේ රෙගේ සංගීත ශෛලිය ඔස්සේ කලු සුදු භේදයට සහ යටත්විජිතවාදයට එරෙහි වටිනා පණිවුඩ ජනතාව අතරට ගෙන ආවේය.
 
 රෙගේ ශෛලිය අද තරුණ පරපුර අතර ප්‍රචලිත වී හමාරය. අපේ රටේ ද මේ වනවිට රෙගේ ශෛලියට ආදරය කරන පරපුරක් බිහිව සිටී. ඒ අයට වසර අවසානය රෙගේ සමඟ ගත කරන්නට අවස්ථාවක් උදාවී ඇත. ඒ දකුණුලක මුහුදු වෙරෙළේදීය. “රෙගේ තංගල්ල” සංගීත ප්‍රසංගය හෙට (29දා) තංගල්ල හාර්මනි වෙරළ තිරයේ පැවැත්වේ. රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් ඇතුළු ජයශ්‍රී කණ්ඩායම තවත් කලා ශිල්පීන් පිරිසක් සමඟ “රෙගේ තංගල්ල” ඉදිරිපත් කරති.
 
 රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් නිවුන් සොයුරන් දෙදෙනා වෙසෙන්නේ ඔස්ටි්‍රයාවේ වියනාහිය. ඔවුන්ගේ ‘ජයශ්‍රී’ සංගීත කණ්ඩායම 2003 වසරේදී ලෝක සංගීත සම්මානයද :උදරකා ඵමිසජ ්අ්රා* දිනා ගත්හ.
 
 “අපි දෙන්නා හැම වසරකම ලංකාවේ දකුණු මුහුදු තීරයේ මේ රෙගේ ප්‍රසංගය පවත්වනවා. ගිය අවුරුද්දේ අපි “රෙගේ මිරිස්ස” නමින් මිරිස්සේදී මෙය පැවැත්වූවා... රෝහිත ජයලත් ‘සිනමා කලා’ සමඟ එක්වෙමින් පැවැසුවේය.
 
 හෙට ඉර බහිද්දී අපි ‘රෙගේ තංගල්ල’ ප්‍රසංගය පටන් ගන්නවා. අනිද්දා ඉර නගින තුරා අපි ප්‍රසංගය පවත්වනවා. මේක උළෙලක්. අපේ ‘ජයශ්‍රී’ තමයි මේ උළෙලේ ප්‍රධාන සංගීත කණ්ඩායම. අපේ සම්පූර්ණ සංගීත කණ්ඩායම මීට එක්වන්නේ නෑ. අපි දෙන්නා තමයි කරන්නේ. ඊට අමතරව ශේන් සිංහ විත් ලයන්, චෙක් පොයින්ට් වගේ රෙගේ සංගීත කණ්ඩායම, ඩීජේ ශිල්පීන් මේ සඳහා එක්වෙනවා. ස්පාඤ්ඤයේ සිට ඩීජේ ශිල්පියෙක් පැමිණෙනවා.
 
 ‘රෙගේ ප්‍රසංගය දකුණු වෙරළ තීරයේ විශාලතම ප්‍රසංගයයි. ඇත්තටම රෙගේ කියන්නේ ආදරය සහ සාමය බෙදා ගැනීමක්. රෙගේ ශෛලියට අපි සිංහල ගීත ගයන නිසාම තමයි 2003 දී අපිට සම්මානය ලැබුණේ. රටවල් හැත්තෑ ගණනක සංගීත කණ්ඩායම් සිය ගණනක් අතුරින් තමයි අපි ජයගත්තේ. අපේ ජයශ්‍රී කණ්ඩායම මහාද්වීප තුනක් නියෝජනය කරනවා. ආසියාවෙන් ලංකාවේ තුන් දෙනෙක්, බංගලාදේශයෙන් දෙන්නෙක් අප්‍රිකාවෙන් එක් අයෙක් සහ යුරෝපයේ ඔස්ටි්‍රයාවෙන් එක් අයෙක් ජයශ්‍රී කණ්ඩායමේ ඉන්නවා. අපේ රෙගේ සංගීතයට මේ මහද්වීප තුනේම ආභාෂය තියෙනවා. අපිට ලොව වටා ප්‍රසංග ලැබෙන්නේ ඒ නිසා. බොබ් මාලේගේ පුතාලා එක්ක පවා අපි එකම වේදිකාවේ ගී ගයනවා. රෝහිත ජයලත් පැවැසුවේය.
 
 රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් නාත්තන්ඩියේ උපත ලබා මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත. මේ නිවුන් සොයුරන් දෙදෙනාම අද වෙසෙන්නේ ඔස්ටි්‍රයාවේය.
 
 අපි දෙන්නා ආයෙත් ලංකාවට එනවා සිංහල අවුරුද්දට. ඒ දවස්වලත් අපිට ලංකාවේ ප්‍රසංග තියෙනවා. ඉතින් රෙගේ වෙනස විඳින්න හෙට තංගල්ල මුහුදු තීරයට එන්න කියලා. සියලුම රසිකයන්ට ආරාධනා කරනවා.
 
 අජිත් අලහකෝන්

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles