Divaina - ලියූ ප‍්‍රථම ගීය තාමත් මා අසා නෑ; ප‍්‍රවීණ ගේය පද රචක ප‍්‍රියානන්ද විජේසුන්දර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

priya1  
දසුනේ පවා සිහිලක් වෙමී සසරේම ළං ළං වෙලා
 
  මේ පාලූ සීත රාති‍්‍රයේ
 කියා දෙන්න රහසින්
 පේ‍්‍රමය නම් කිමැයි කියා
 
 සමන් කුඹුකගේ ලියූ තනුවක් ගයන්නී චන්ද්‍රලේඛා පෙරේරා. මෙවන් ජනප‍්‍රිය ගීත රැුසක පද රචකයා ගැන කතා කරන්නයි අද අපේ මේ සූදානම.
 
 ප‍්‍රියානන්ද විජේසුන්දර ගේය පද රචකයෙක් පමණක් නොවේ.. නිවේදකයෙක් මෙන්ම ලේඛකයකු ලෙස ද කටයුතු කළ අයෙකි. එහෙත් අද ඔහු වෙසෙන්නේ නවසීලන්තයේය. මීට බොහෝ කලකට පෙර නවසීලන්තයට ගිය ප‍්‍රියානන්ද බිරි`ද සහ දරුවන් සමගින් එහි වාසය කරයි.
 
 සඳ රෑ සිහිනයේ
 රැඳෙනා දිගැසියේ
 කල්පනා මීවිතේ
 පිරුණා ආදරේ
 
 මම 1995 වසරේ ඔක්තෝබර් මාසයේ තමයි ලංකාවෙන් ගියේ.
 
 ළමා කාලයේ මම හිටියේ දකුණු පයාගල. ඒ මගේ උපන් ගම. පුංචි කාලේ මම රෝගාබාධයන් දෙකකින් පෙළුණා. එකක් ඇදුම රෝගය. අනෙක මම ගොතයි. කතා කරන්න බෑ. කතා කළත් වචන පිටවෙන්න සෑහෙන වෙලාවක් ගතවෙනවා. මම ගොළුවෙයි කියලා මගේ අම්මා, තාත්තා, නෑදෑයෝ විශාල දුකකින් හිටියේ. ඇදුම රෝගය නම් ප‍්‍රතිකාර කරලා සුව වුණා. මම මුලින්ම ගියේ පයාගල කතෝලික පාසලට. ඉන් පස්සේ කළුතර බාලිකා විදුහලටත් අනතුරුව තිස්ස මධ්‍ය මහා විද්‍යාලයටත් ගියා. මේ කාලෙ වෙද්දී මට කතාකරන්න සෑහෙන අමාරුයි. දහම් පාසැලේදී නායක හාමුදුරුවෝ සෑහෙන උත්සාහ කළා මට කතා කරන්න හුරුකරන්න. ඒ නිසා හැමදාම උදේට මට කතාවක් පවත්වන්න දෙනවා. අම්මා ගුරුවරියක්. අම්මා පුංචි කතාවක් ලියලා දෙනවා. ඒත් මට බෑ. ළමයින් හිනාවෙනවා මම ගොත ගහද්දී. හිනාවෙන ළමයින්ට හාමුදුරුවෝ වේවැලක් තියාගෙන දඬුවම් කරනවා. තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙදී එල්මෝ පෙරේරා කියන ගුරුතුමා මාව ගත්තා වාසවදත්තා කියන නාට්‍යයේ බ‍්‍රාහ්මණගේ චරිතයට. ගුරුතුමා කිව්වා හැන්දෑවට ඉර බහින වෙලාවට මුහුදු වෙරළට යන්න...ගලක් උඩට වෙලා මුහුදත් එක්ක හයියෙන් කතා කරන්න...මුහුදත් එක්ක හයියෙන් පොත් කියවන්න... ඔයාට හිනාවෙන්න කවුරුත් නෑ කියලා. දකුණු පයාගල මුහුද අයිනෙ මගේ ගෙදර තිබුණේ. පයාගල මුහුද මැද්දේ තියෙනවා මහගල කියලා පුංචි ගල් පර්වතයක්. බාදිය වෙලාවට මම මේ ගල් පර්වතයට පයින් ඇවිදගෙන ගිහින් ගල උඩට වෙලා තනියම කතා කරනවා. බාදිය ගිහින් වඩදිය ඇවිත් ආපහු බාදිය එනතුරු මම මුහුදත් එක්ක කතා කරනවා. ඒත් කතා කරගන්න බැහැ. සමහර වෙලාවට මගේ ඇස් වලින් කඳුළු එනවා. ඒ විදිහට මාසයක් දෙකක් මුහුදත් එක්ක කතා කරද්දී මට කතා කරන්න පුළුවන් වුණා. ඉන් පස්සේ මම බ‍්‍රාහ්මණගේ චරිතය කළා. ඔය කාලෙදී මගේ නැන්දා එස්රාජ් වාදනය පුහුණුවෙන්න ගියා. තනියට එක්ක ගියේ මාව. මගේ බාප්පා ළ`ග කවි පොතක් තිබුණා. මම මේ කවි කියවන්න පටන්ගත්තා. බාප්පා කවි ලියන දිහා බලාගෙන මමත් කවි ලියුවා. බාප්පගේ යාළුවෙක් ළ`ග තිබුණා කැඩිච්ච ග‍්‍රැමෆෝන් දෙකක්. එකක් මම ඉල්ලා ගත්තා තැටියක් එක්ක. මම ඒක ඇ`ගිල්ලෙන් කරකවමින් නිවේදකයෙක් විදියට ගී තෝරන වැඩසටහන්, නිවේදන කටයුතු කාමරයකට වෙලා තනියම කරන්න පටන් ගත්තා. මේක දැකපු මාමා කෙනෙක් ළමා මණ්ඩපයට අයැදුම්පතක් දැම්මා. ළමා මණ්ඩපයේ හිටියේ සරත් විමලවීර මහත්තයා. ළමා මණ්ඩපයට පස්සේ මම කරු අයියගේ සරස්වතී මණ්ඩපයට ගියා. පේ‍්‍රමකීර්ති ද අල්විස් තමයි අපිව මුලින්ම බලන්න ආවේ. මට වයස අවුරුදු දොළහක් විතර ඇති. පේ‍්‍රම් අයියා මගේ ළ`ගට ඇවිත්,
 
 ”මේ මල්ලී මොකටද ආවේ” කියලා ඇහුවා. ”දන්නෑ අයියේ මාමා අයැදුම් කළා මම ආවා” කිව්වා.
 
 ”ලියන්න ද සින්දු කියන්න ද ගීත රචනා කරන්න ද ආවේ” කියලා පේ‍්‍රම් අයියා ඇහුවා. මම දන්නෑ කිව්වාම එහෙනම් ඔයා ඔය ඔක්කොම ටික කරන්න කියලා කිව්වා. මම ඒ ඔක්කොම කළා. පේ‍්‍රමකීර්ති ද අල්විස් කමයි මට නියත විවරණ දුන්නේ. පේ‍්‍රම් අයියට මම හරිම ආදරෙයි. එයා තමයි ගුවන් විදුලියේ මගේ ගුරුවරයා. ඉන් පස්සේ එතනට ආවා කරු අයියා. මම නැගිට්ටා. මම මේ ඉන්නේ ගුවන් විදුලියේ දැවැන්තයන් එක්ක නේද කියලා මට හිතුණා. මේ කාලෙදි මම ගායක ගායිකාවන්ට සින්දු ලියලා තැපැල් කරනවා. ඉස්කෝලේ යාළුවෝ විහිළු කරනවා
 
 ” ඕවා කියන්නේ කවුද බන් කියලා”. මේ අතර දවසක් මට තැපැල් පතක් ලැබුණා. ”ආදරණීය මල්ලී...මගේ බිරිඳ ලාලනී සෝමසිරීගේ සරල ගී වැඩසටහනට ඔබේ ගීයක් තෝරා ගත්තා” කියලා. ප‍්‍රචාරය වන දිනය වෙලාව පවා ස`දහන් කරලා තිබුණා. මට මේක අක්ත පත‍්‍ර ලැබුණා වගේ. මම හැමෝටම කිව්වා. ගීය යන වෙලාවේ මම ඉස්කෝලේ. ඩිස්ප‍්‍රීන් ගේන්න යනවා කියලා ගුරුතුමියට කියලා ළ`ග කඩයකට ගියා ගීය අහන්න. එත් ඒ වෙලාවේ කඬේ අය මීටරය වෙනස් කරලා ප‍්‍රවෘත්ති අහන්න පටන් ගත්තා. සින්දුව අහන්න බැරි වුණා. මේ ළ`ගදී මට ලාලනී අක්කා හමුවුණා. මම මගේ මේ මුල්ම ගීය මෙතෙක් අහලා නෑ. ඇය මා ඉදිරියේ ගීතය ගායනා කළා. ඉන් පස්සේ මම දිගටම ගීත ලියන්න පටන් ගත්තා.
 
 දෑස නිලූපුල් තෙමා
 කඳුළු මුතුවැල් සලා
 දෙතොල සුසුමින් පුරා ඉකි බි`ද
 හ`ඩනු මල් මාලියේ
 
 (තනුව මහාචාර්ය සනත් නන්දසිරී ගැයුම විශාරද ගුණදාස කපුගේ*
 
 මගේ ජනප‍්‍රිය වුණු මුල්ම ගීතය වගේම කපුගේ ගැයූ මුල්ම ගීයත් ”දෑස නිලූපුල් තෙමා” ගීයයි. ක්‍ෂේත‍්‍රයේ හැම කෙනෙක්වම දැනගන්න කලින් තමයි මම කපුගේව හඳුනාගත්තේ. ඔහු ගුවන් විදුලියට සම්බන්ධ නැති කාලේ. ඉන්දියාවට ගිහින් ආපු අලූත. කැස්බෑවෙ ගයාත‍්‍රි කලායතනයේ එයා උගන්වනවා. මම දකිනවා උස පුද්ගලයෙක් බස් එකේ යනවා. ඔලූව වදිනවා බස් එකේ වහලේ. ඔහු නැවීගෙන යනවා. මමත් බස් එකේ හොරණ යනවා. මම දන්නේ නෑ මේ කපුගේ කියලා. කපුගේගේ මල්ලී මගේ මිත‍්‍රයෙක්. දවසක් මගේ මිත‍්‍රයා බස් එකේ හිටියා. කපුගේත් අතර මඟදී බස් එකට ගොඩවුණා. මිත‍්‍රයා කිව්වා මේ මගේ අයියා කියලා. අපි හ`දුනාගත්තා. පස්සේ දවසක කපුගේ ගුවන් විදුලියේ දහවැනි මැදිරියෙන් එළියට එද්දී මට කපුගේ හමුවුණා.
 
 ”අනේ මචං දෙයියෝ දැක්කා වගේ හවස රෙකෝඩිං එකක්. සින්දුවක් ලියා ගන්න ඕනේ” කියලා කිව්වා. ”මම ලියලා දෙන්නම්” කිව්වාම ”නෑ මේ දැන්ම ලියා ගන්න ඕනේ” කිව්වා. පස්සේ දෙන්නම කැන්ටිමෙන් තේ එකක් බීලා සිගරට් එකකුත් ගහලා දහවැනි මැදිරියට ආවා. මට මෙලඩිය අහගන්න කියලා කපුගේ පියානෝව වාදනය කළා...මම ”දෑස නිලූපුල් තෙමා” සින්දුව ලියුවා. එදාම රෙකෝඞ් කළා.
 
 ප‍්‍රියානන්ද හොරණ විiාරත්නයේ උසස් පෙළ විiා ගුරුවරයකු ලෙස ද සේවය කර තිබේ. ඔහු රූපවාහිනි වැඩසටහන් සංස්කාරකවරයෙකි, කැමරා ශිල්පියෙකි, ප‍්‍රසංග නිවේදකයෙකි, කුඩා කල හරිහැටි කතා කරගත නොහැකිව උසුළු විසුළුවලට ලක්වූ ප‍්‍රියානන්ද පසු කලෙක ගාලූමුවදොර පිටියේ ලක්‍ෂ ගණනක රසිකයන් ඇමතූ ප‍්‍රසංග නිවේදකයකු විය. එකල චිත‍්‍රකතා පත්තරවලට ‘නිදිකුම්බා’ ඇතුළු චිත‍්‍ර කතා ඔහු රචනා කළේය. ගුවන්විදුලියේ සහන නිවේදකයකු වූ ඔහු ටී. එන්. එල්. නාළිකාවේ ප‍්‍රවෘත්ති නිවේදකයකු ද විය. ටී. එන්. එල්. හි ප‍්‍රථම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය කළේ ද ඔහුය. ‘විල්තෙර’ සහ ‘පටලැවිල්ල’ ටෙලිනාට්‍ය දෙකෙහි සංස්කාරකවරයා ද වූ ප‍්‍රියානන්ද එදා පේ‍්‍රමකීර්තිගේ නියත විවරණය සත්‍යයක් කරමින් සෑම ක්‍ෂේත‍්‍රයකම සිය දස්කම් පෙන්වූවේය.
 
 සදා උකුළු තල මා සුව යහනට
 තොලගින් මැතිරූ නැලෙවිල්ලෙන්
 හැරලා මා සුව සිහින විමානෙට
 නිදිගන්වා මා ඔබ තුරුලේ
 (තනුව සහ සංගීතය - අතුල සෝමසිරී ගායනය විශාරද නීලා වික‍්‍රමසිංහ*
 
 ඉ`ගි බි`ගි කරනා
 තරු නෙතුවලට හොරා
 සැ`ගව සිනාසෙමු
 අපි ලොව හිඳින තුරා
 
 (තනුව සහ සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක, ගායනය - විශාරද නීලා වික‍්‍රමසිංහ*
 
 නීලා වික‍්‍රමසිංහ මගේ ගී රැුසක් ගැයුවා. නීලට ලියූ ‘සදා උකුළුතල’ ගීයේත් විශේෂත්වයක් තියෙනවා. අම්මා ගැන කියන්නේ. ඒ කාලේ ආධුනික තරගවල මේ ගීය ගැයූ හැම කෙනෙක්ම පළමු ස්ථානය දිනාගත්තා.
 
 මගේ ආත්මය ඔබෙන් මුදා හැර
 සුවපත් කළ පින ඔබට අයිති වේ
 ළඳුනේ නැවතත් ම`ගතොට හමුවී
 ඔබ පව් පුරවා ගන්න එපා..
 
 (මහාචාර්ය සනත් නන්දසිරී)
 
 මේ ගීය විතරයි මගේ අත්දැකීමක් අනුව ලියුවේ. ආදර අත්දැකීමක්. යම්කිසි අවස්ථාවකදී ඇයට මාව එපා නම් ‘හරි එහෙම නම් යන්න’ කියා කියනවා. එතනින් එහාට දෙයක් නෑ. ආයෙත් මුළු සසර පුරාම හමුවෙන්න එපා කියන ප‍්‍රාර්ථනාව තමයි මට කරන්න තියෙන්නේ. ඒ වගේම මම වැඩි පුරම ගීත ලියලා තියෙන්නේ මහාචාර්ය සනත් නන්දසිරීට. සනත් අයියා මම ඇසුරු කළ කලාකරුවන් අතරින් අවංකවම හො`ද මනුස්සයෙක්. සනත් අයියට මල්කාන්ති අක්කට අනුන්ගේ දුක තේරෙනවා. දුකකදී අන්අයට පිහිට වෙන දෙන්නෙක්. යම් යම් අවස්ථාවලදී මගේ හිතේ ඇතිවුණු කලකිරීම් සිත්වේදනාවලදී සනත්, මල්කාන්ති දෙපළ මට ඉදිරියට යන්න දිරි දුන්නා. මම සින්දු ලියන්නේ නෑ කියලා හිතාගෙන උන්නු කාලෙක ගී ලියන්න සනත් අයියා මාව උනන්දු කළා.
 
 බෝ මළුවේ මල් සුව`දක පැටලී
 අම්මා පෙව් කිරි සුව`ද ගලා එන්නේ
 සුපුරුදු උණුහුමකට සිත ඈදී
 ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
 දං බෝවිටියා කැලේ මැදින්
 එන්න හිතයි ඔබ ළ`ගට සැණින්
 
 මම ලංකාවෙන් යන්න හේතු කිහිපයක් තිබුණා. එකක් මරණ තර්ජන. ජවිපෙ ගුවන් විදුලි වැඩසටහනේ නිවේදන කටයුතු කරන්නේ මම කියලා හමුදාවට කවුදෝ කාන්තාවක් පෙත්සමක් යවලා තිබුණා. මේ අසූ අටේදී. හමුදාව මාව අත්අඩංගුවට ගන්න සූදානම් වුණා. ඒ බව දැනගත් මගේ මිත‍්‍ර පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඊට කලින් සූක්‍ෂ්ම ලෙස මාව අත්අඩංගුවට අරන් මගේ ජීවිතය ආරක්‍ෂා කළා. එතකොට මගේ ලොකු පුතාට වයස අවුරුද්දයි. මේ වෙද්දී පේ‍්‍රමකීර්තිව සාගරිකා ගෝමස්ව ඝාතනය කරලා තිබුණේ. ඒ විදිහට මාව මගේ මිත‍්‍රයා ආරක්‍ෂා නොකළා නම් මගේ මරණය නියතයි. මම සන්ධ්‍යා සහ දරුවන් සමඟ නවසීලන්තයට ගියා.
 
 සිත ගාව සිරකාරියයි
 නෙත ගාව ද`ගකාරියයි
 නිකැළැල් හදේ පූජාසනේ
 හැමදාම හිමිකාරියයි
 
 (තනුව, සංගීතය, ගායනය - මහාචාර්ය සනත් නන්දසිරී*
 
 මම සර්වෝදයේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය අංශයේ රැුකියාවකට ගියා. මගේ බිරි`ද සන්ධ්‍යා මට මුලින්ම හමුවුණේ සර්වෝදයෙදී. ඇයත් එහි වැඩකළා. මම ලියූ ගී වලට ඇය ප‍්‍රිය කළා. ඒත් ඒ නිසාම නොවෙයි ඈ මට කැමති වුණේ. ඒ බව මම හො`දාකාරවම දන්නවා. ඒක සංසාරගත බැ`දීමක් වෙන්නැති. මගේ හැම දෙයක්ම ඇය දන්නවා. ඒත් කවදාවත්ම අහලා නැහැ. දැන් සන්ධ්‍යාත් ගී ගයනවා. සී. ඞී. එකකුත් කළා..
 
 තඹරවිල කැකුළ එකලූ කළ මා දිවිය
 සුව`ද කිරි බි`දුව කළා ම`ග එළිය
 නිසල දිය තලයේ ගැඹුර මා දුටුව
 චරිතයයි පරමාදර්ශි ඔබෙන් මා ලැබුව
 
 (පද රචනය සහ තනුව - ප‍්‍රියානන්ද විජේසුන්දර,සංගීතය - මධුරංග අලහකෝන්, ගායනය - සන්ධ්‍යා විජේසුන්දර*
 
 මම ලියූ ගීත ගැන මට මතකත් නෑ...අඩුම ගානේ අත් පිටපතක්වත් නැහැ. මම විවාහ වුණාට පස්සේ මගේ බිරිඳ සන්ධ්‍යා සින්දු ටිකක් එකතුකර ගත්තා. එයා පොතක් කරන්න ලෑස්ති වෙනවා. මම මගේ ගීත එකතුවක් නිකුත් කරලම නැහැ. සන්ධ්‍යා ඒකටත් ලෑස්ති වෙනවා.
 
 එච්. ආර්. ජෝතිපාල, ටී. එම්. ජයරත්න, විශාරද නන්දා මාලිනී, ආචාර්ය අමරදේවයන්, කමල් චිත‍්‍රසේන (කෙළෙසද කිව මැන සිපගත් දෑතට*. ආචාර්ය වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, වරදත්ත අරවින්ද (මට ආරාධනාවක් කළාදෝ*, අසංක ප‍්‍රියමන්ත පීරිස් (සෙනෙහසකට අරුතක් පුරවන්නට* ඇතුළු බොහෝ. පිරිසකට ප‍්‍රියානන්ද ගීත ලියා ඇත.
 
 අද ගී පද රචකයන් පෙර අය කළ දෑ විමසන්නේ නැතිකම මා දකින අඩුවක්. මට පේ‍්‍රමකීර්තිගේ ආරක් තිබුණා. ප්‍රෙඞී සිල්වාගේ කකුළුවා ගීය ලියුවේ මම. ඒත් බොහෝ අය හිතන්නේ එය පේ‍්‍රමකීර්තිගේ පදමාලාවක් කියලා. මම අසංකට ලියූ ගීයත් පේ‍්‍රම්ගේ ශෛලිය.
 
 සෙනෙහසකට අරුතක් පුරවන්නට
 අහසේ තරු ගැන්නා
 පොළොවේ රළ මැන්නා
 පේ‍්‍රම ගී ලියද්දී මම බොහෝ විට කරු අයියාව අනුගමනය කළා.
 
 බි`දුණු කළෙක අමතක කළ
 නොහැකිනම් ළෙ`ද්
 බිෙ`දන බ`දුන් කුමකට
 සුරකිම්ද ආදරෙන්
 
 මම ඒ අයගේ ගුරුහරුකම් අරගත්තා. අද රචකයන්ටත් එහෙම කළ හැකි නම් ගීත රචනා කලාව යළි පෙර තත්ත්වයට ඒවි. අද පරපුරට ස්වර රාග තාල පිළිබ`ද දැනුම අඩුයි...අද සංගීත අධ්‍යක්‍ෂවරුන් බොහෝ දෙනකුට ස්වර ප‍්‍රස්ථාර ලියන්න දන්නෙ නැහැ. එනිසා නිර්මාණ බිහිවෙන්නෙ නැහැ.
 
 මේ උයන් කොනේ නිල් දිය රැු`දුණු විල් තෙරේ
 ඇළේ දොළේ හ`ඩ ඇසුනේ අපේ ආදරේ
 සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
 නුවන් නොදුටු රුව ඇදුණා සිහින් සීතලේ
 
 අජිත් අලහකෝන්

 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles