Divaina - ‘‘අනෝරා’’ ළ`ගදීම තිරයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

anora444  
 ආකාශ් (නිමන්ත හේෂාන්* නැටුම් ශිල්පියෙකි. ඔහුගේ
 
 නර්තන කණ්ඩායමේ ප‍්‍රධාන නැටුම් ශිල්පිනිය වන්නේ
 
 අනෝරා (මේනකා මධුවන්ති* ය. ෂයිනි කණ්ඩායමේ
 
 දෙවැනි නර්තන ශිල්පිනිය වන අතර ඇය අනෝරාගේ
 
 තැන ගැනීමට උත්සාහ ගනී. එම නිසා අනෝරා මෙම
 
 නර්තන කණ්ඩායමට සහභාගී වීමට අදිමදිකමක් දක්වයි.
 
 අනෝරාගේ මෙම හදිසි වෙනස්වීමට හේතුව ඇය ලිංගික
 
 විපර්යාසයකට පත්වී ඇති නිසා යැයි ඇනා කියයි. ඇනා
 
 පවසන්නේ ඇත්තක්ද? අනෝරා ඇත්තටම ආකාශ් මග
 
 හරින්නේ ෂයිනි නිසාමද? ආකාශ් අනෝරා පිළිබඳ කුමන
 
 තීරණයක් ගනීද? මේ ප‍්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා ගත  හැක්කේ ළ`ගදීම තිරගත වීමට නියමිත අනෝරා චිත‍්‍රපටය නැරඹීමෙන්ය.

හෙක්ටර් කුමාරසිරි රචනා කොට අධ්‍යක්‍ෂණය කළ ‘‘ අනෝරා’’ චිත‍්‍රපටය දිවයින පුරා සිනමාහල් රැුසක ප‍්‍රදර්ශනය කිරීමට සූදානම් වේ. මේනකා මධුවන්ති සහ නිමන්ත හේෂාන් ප‍්‍රධාන චරිත මවන මෙම චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සහ ගායනයද, නිමන්ත හේෂාන්ගෙනි.
 ්ග ඵග ඹග ත්‍සකපැ වෙනුවෙන් ක‍්‍රිස් වික‍්‍රමසිංහ, දොන් පේ‍්‍රමදාස, සරත් පොඩි නිලමේ, පුලස්ති බෙත්මගේ, ප‍්‍රියන්ත කළුආරච්චි සහ සුනිල් දිසානායකගේ සම නිෂ්පාදනයකි.
 
 මෙහි ගේය පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න, හිරුණි කුමාරසිරි විසිනි. කැමරා අධ්‍යක්‍ෂණය කපිල සදේශ් විජේරත්න වන අතර සහාය අධ්‍යක්‍ෂණයෙන් රුවන් බණ්ඩාර සහ රංජිත් යාපා ද අල්විස් ද, සංස්කරණයෙන් අජිත් රාමනායක ද, ශබ්ද පටිගත කිරීම අරුණ ප‍්‍රියන්ත කළුආරච්චි ද සහ සහායෙන් පුබුද විජේරත්න ද වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩද ශබ්ද සංයෝජනයෙන් රංග දසනායක දායක වෙති.
 
 සෙසු චරිත සඳහා විජේරත්න වරකාගොඩ, චිත‍්‍රා වරකාගොඩ, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්. ජයසිරි, ගිහාන් ප‍්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, එම්. ජී. දනුෂ්ක, දයාදේව එදිරිසිංහ, සුදර්ශන බණ්ඩාර, දයා වයමන්, බස්නාහිර පළාත් සභාවේ සභානායක හා මන්ත‍්‍රී හෙක්ටර් බෙත්මගේ, උදය කුමාර, නිල්වලා විශ්වමාලි, ලහිරු පෙරේරා, ආචාර්ය අංජලී මිශ‍්‍රා, උපුල් ගුණවර්ධන, දිනේෂ් මුදලිගේ, විශ්තෝෂාන්, ක‍්‍රිෂ් ඊෂාන් ජනිඳු සහ ජනිඳු පහන්ජිත්ද ‘‘අනෝරා’’ චිත‍්‍රපටයට රංගනයෙන් දායක වූහ.
 
 සුජානි ඉන්දිකා

 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles