Divaina - සිනමා සාගරයේ නිල් මැණික

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

mank222සිංහල සිනමා වංශය පිරික්සන කල අපට විවිධාකාර වූ චරිත අධ්‍යයනය කළ හැකිය. මාහැ`ගි පරිදි ලාංකේය සිනමාවේ නළු නිළියන් ප‍්‍රතිරූපයන්ගෙන් හා රංග වින්‍යාසයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් ය. එය දේශීය සිනමාවට නැවුම් බවක් ලැබ දුන් බව හැෙඟ්. ප‍්‍රතිරූපයන් අතින් වෙනස්ම වූ ස්වරූපයන් යුගළක් මේ සිනමාව මත දකිමු. අභාවප‍්‍රාප්ත වූ ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ගව්ව’ හි වූ සොහොයුරාත් සොයුරියත් අප දෘෂ්ටිකෝණයන්ට හසුවූයේ අපටත් හොරාය. ඔවුන් දෙදෙනා අද වන විට පුරාවෘතයන් අතර ජීවමාන අමරසිරි කලංසූරිය සහ මැණික් කුරුකුලසූරිය යන දෙදෙනාය. කලං සහ මැණික් සතු වූයේ මින් පෙර සිනමාව මතට නොපැමිණි බටහිර ආරක ස්වරූපයන් ය. ඉනික්බිතිව ඒ නිළිය පිළිබඳ කෙටි විමසුමක් තනිව සිදු කළ යුතු යැයි සිතූ මා ඊළඟට දැනගත් කරුණින් මවිත වූවෙමි. ඒ ජීවරාණි, ශිරාණි ජානකී යන කුරුකුලසූරිය සොයුරියන්ගේ දාමයේ මීළඟ පුරුක මැණික් බවය. ඇය මනබන්දන රූප සොබාවකින් තිරය කළඹවන්නට සමත් රංගන ශිල්පිිනිියක් වූ බව කිව යුතුමය.

අද වන විට දහස් සංඛ්‍යාත රසික පර්ෂදයකට උරුමකම් කියන ඒ සුරූපිනියගේ උපන් නාමය හයිසින්ත් මැණික් කාන්ති කුරුකුලසූරිය යන්නයි. සිනමාවේ එක් යුගයක කාන්තිමත් රූපණවේදිනිය වූ ජීවරාණි කුරුකුලසූරිය ඇතුළු ස්වකීය සහෝදරියන් තිදෙනා රංගනයේ නියැළෙන අයුරු දැකගන්නට මැණික්ට හැකි විය. ඉන් ඔබ්බට ගොස් රංගනයේ භාරදූරභාවය, නිළියකට පැවරෙන වගකීම, ගනුුදෙනුු කළ යුත්තේ ලක්ෂ ගණනක පේ‍්‍රක්ෂකාගාරයක් සමග බව, විශාල පිරිසක් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමෙහිලා සිදුකරන කැපවීම යනාදී කරුණු කාරණා අවබෝධ කරගත් මැණික් තම රුචිකත්වයට මුල්තැන, රංගනයට ප‍්‍රථම මෝස්තර නිරූපණයට ප‍්‍රිය කළාය. වාසනාවන්තියක ලෙස 1971 වසරේ ‘ගෝයා රැජන‘ තේරීමේ තරගය සඳහා ඇය පියමනින්නේ ද ඉහතින් කී රුචිකත්වය නිසාම විය හැකිය.

නමුත් සිනමාවට අත්‍යන්තයෙන්ම තව තවත් අතිදක්ෂ රූප සුන්දරියන් අත්‍යවශ්‍ය අවධියක මැණික් සිනමාවට අත්පොත් තැබීය. ‘මාතර ආච්චි’ සහ ‘හත්දින්නත් තරු’ ආදී සිනමා පටවල පෙනීසිටි මැණික් මුල්වරට පේ‍්‍රක්ෂක අවධානයට පාත‍්‍ර වන ආකාරයේ රංගනයක නියැළෙන්නේ පෙර සඳහන් කළ ‘අහස් ගව්ව’ චිත‍්‍රපටය හරහාය. අමරසිරි කලංසූරියගේ සහෝදරිය ලෙස එහි චරිත මැවූ මැණික් තවත් දක්ෂතාවකින් යුක්ත බව තරමක් අප‍්‍රකටය. එනම් ඇය ‘සි`ගිති සුරතල්’, ‘නාරිලතා’ ආදී චිත‍්‍රපටවල ළමා නළු නිළි දෙපාර්ශ්වය සඳහාම හ`ඩ සපයා ඇති බැව්ය.

මැණික්ගේ සිනමාගමනය කාලානුරූපීව මැණික් නම් රංගන ශිල්පිනිය හට ආභරණයක් වූවාදැයි හැෙඟනුයේ මුල්කාලීන ඇගේ සිනමා චරිත වලින් ඉස්මතු වූ හිරිමල් භද්‍ර යෞවනියකගේ අංග චලන හා හැසිරීම් නිසාවෙන් විය හැකිය. මැණික්ගේ මතකයේ රැුෙ`දන රංගනයක් මුල් වරට දුටුවේ ’රන් දම්වැල්’ චිත‍්‍රපටයෙනි. එහි අන්තර්ගත වූ ‘ළං වෙන්නදෝ වෙන් වූයේ.....’ වැනි ගීත අදටද සමාජය විඳින සිනමා ගීතයන් ය. මැණික් විටෙක ප‍්‍රතිභාවෙන් මුදුන්පත් වීම පිණිස කුසලතා පරිපූර්ණත්වයේ ඉනිම`ගට ගොඩවී සිටිනු දක්නට ලැබුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ද ගෝඞ් කිං’ හි කාශ්‍යප රජුගේ නැඟණිය, සුනිල් ආරියරත්නයන්ගේ ‘බඹා කෙටූ හැටි’ හි මේනකා සහ ’ක‍්‍රිස්තු චරිතය’ හි මරියා මග්දලේනා ආදී මනෝරම්‍ය සිනමා රැු`ගුම් තුළිනි.

කෙටි කලක් අධ්‍යාපනික හේතූන් මත සිනමාවෙන් ඈත්ව සිටි මැණික් යළි සිනමාව වෙත කැඳවාගෙන ඒමේ ප‍්‍රශංසාව ද ’බඹා කෙටූ හැටි’ චිත‍්‍රපටයෙන් ඇය නැවත තිරයට සමීප කළ සුනිල් ආරියරත්නයන් හට පුදකළ යුතුය. විටෙක මැණික් කුරුකුලසූරිය ජනප‍්‍රිය ධාරාවේ ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපට හරහා අතිසාර්ථක වූ බවට ’නොම්මර 17’, ‘රජවැඩකාරයෝ, ‘පෙරළිකාරයෝ’ වැනි චිත‍්‍රපට සාක්ෂි දරනු ඇත. මැණික් කුරුකුලසූරිය සරසවිය කුසලතා සම්මානයක් වෙත ඔසවා තැබුවේ චන්ද්‍රන් රත්නම්ගේ ‘ආදර කතාව’ චිත‍්‍රපටය ස`දහා ඈ පණපෙවූ කාන්ති නම් චරිතයයි. ඒ තුළින් මැණික් තම රංග වින්‍යාසයත්, ස්පර්ශ කළ හැකිවූ ආඛ්‍යාතයත් මැනවින් පේ‍්‍රක්ෂකාගාරයට උකහා දෙන්නට සමර්ථ ය. ‘ප‍්‍රාර්ථනා’, ‘බිත්ති හතර’, ‘සැණකෙළිය’, ’පාරමිතා’, ‘හිත හොඳ කොල්ලෙක්’ ‘පෙම් රජ දහන’, ’නැවත අපි එක්වෙමු’, ‘ඔබ මට විශ්වාසයි’, ‘ඉන්ස්පෙක්ටර් ගීතා’, ’සක්විති සුවය’, ’තනි තරුව’, ‘විජේ සහ අජේ’, ’සාජන් නල්ලතම්බි’ සහ ’ළඳුනි ඔබ දෙවඟනකි’ ආදී චිත‍්‍රපට නාමාවලියකටම මැණික් උරුමකාරිනියක වී හමාරය. වටිනුයේ ඇය කෙතරම් රඟපෑවාද යන්න හෝ රඟපෑ කෘති මොනවාද යන්නට වඩා ඇගේ රංගනය තුළ නොවූ විරූ ගුණාංගයන් ය.

මා දකින ලෙස ඇය නිළියන් අතර කැපී පෙනෙන්නට වූ එක් හේතුවක් නම් ඈ සතු වූ සුන්දර සිනහවය. ජීවරාණියගේ මඳහසට වැඩි සුකුමාල ලලනා භාවයක් මැණික්ගේ සිනහව ප‍්‍රාණවත් කළාය. ඇගේ ඇවිදීම, දිවීම, නර්තන වින්‍යාස ආදී චලන ද ඇගේ සොයුරියන් සේ නොවීය. ඊට හාත්පසින්ම වෙනස් යුරෝපීය රිද්මයක් ඇගේ ආත්මගතව විටෙන් විට තිරය මත පුන පුනා නැෙඟන්නට විය. එයට හේතුවන්නට ඇත්තේ ඇතැම් විට මෝස්තර නිරූපණය කිරීම විය හැකිය. ‘ක‍්‍රිස්තු චරිතය’ මැණික්ගේ යථාර්ථය දක්නට ලැබුණේ ලාංකේය වපසරියෙන් ඔබ්බට ගිය චරිතයක නිසා බව හැෙ`ග්. මගේ පුද්ගලික මතයට අනුව මෙරට යුරෝපීය ආභාසයක් සහිත රංග රටාවකට උරුමකම් කියන නිළියන්ගේ ආරම්භය මැණික් බවය. කෙසේ නමුදු ඇයද සොයුරියන් මෙන්ම අතිදක්ෂ මෙන්ම ජනකාන්ත රංගන ශිල්පිණියක වූ බව සක්සුදක් සේ සුපැහැදිලිය. ‘සීතල ගිනි ක`දු’ තිරගත වී හමාරවීමත් සමග මැණික් තිරයේ නිහැඬියාවකට මුලපුරා නැවත සහෘද අප ඇමතුවේ ‘සැමීගේ කතාව’ හි වැඩහිටි චරිතයක් තුළිනි. පාසල් වේදිකාවේ සිට පුංචි තිරය, සිනමාව සහ රූපසුන්දරී කිරුළ (ඵසිි ඹබසඩැරිැ ීරස ඛ්බන් 1980* දක්වාම මැණික්ගේ දියමන්ති සේ සුපසන් ගමන් මඟ අතරතුර අතිරමණීය නිර්මාණ රැුසක් ද සිනමාලෝලී අපට නොමසුරුව තිළිණ කිරීම සතුටට කරුණකි.

ආකාශ් තාරුක පෙරේරා

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles