Divaina - කලාවෙන් සමබර පෞරුෂය ඇති දරුවන් බිහි කරනවා - ආර්. එම්. සී. රන්දෙනි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

dance444
 
 කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ කලා හැකියාවන් ප‍්‍රදර්ශනය කෙරෙන ‘ආනන්දා ගී රඟා’’ ප‍්‍රසංගය අද (09 දා* සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
 
 dance1ඒ සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයීය ප‍්‍රාථමික අංශයේ ප‍්‍රධාන ආචාර්ය ආර්. එම්. සී. රන්දෙනි මහතා සමග අප කළ සාකච්ඡුාවක් මතු දැක්වේ.
 
 ආනන්දා ගී රංඟා ප‍්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් හත්වැනි වරටත් පවත්වන වාර්ෂික විවිධ ප‍්‍රසංගය කලින් කළ ප‍්‍රසංගවලට වඩා මෙවර විශේෂයි. ප‍්‍රාථමික අංශයේ සිසුන් 1500 ක් ඉගෙන ගන්නවා. මේ දරුවන් සියලූම දෙනා ප‍්‍රසංගයට සහභාගී වෙනවා. මෙහිදී අඩු මානසික හැකියා ඇති දරුවන්, විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවන් පවා සාමාන්‍ය දරුවන් සමඟ ප‍්‍රසංගයට සහභාගී කරවා ගන්නවා.
 
 මේ සඳහා සිසුන් තෝරා ගැනීමක් කරනවද?
 
 සාමාන්‍යයෙන් ප‍්‍රසංගයක් කරන්නේ ගායන, රංගන, නර්තන හැකියාව ඇති අය. ඒත් අපි සියලූ දරුවන් වෙනසක් නොකර මේ ප‍්‍රසංගයේ විවිධ කලාංගයන් සඳහා තෝරා ගන්නවා.
 
 මෙම ප‍්‍රසංගය කිසියම් තේමාවක් ඔස්සේ පවත්වන බවයි දැනගන්න ලැබුණේ.
 
 ඔව්. අපි තේමාවක් ඔස්සේ නාට්‍යානුසාරයෙන් ගීත ඉදිරිපත් කරවා. එක පිටපතකට අනුව, ප‍්‍රධාන ආරාධිත අමුත්තා, විදුහල්පතිතුමාගේ කතාව පවා අපි ඉදිරිපත් කරන්නේ මේ නාට්‍යයේ කොටසක් ලෙසින්. දරුවකුගේ උපතේ සිට මරණය දක්වා. උපතට පෙර විවාහය. පළමු බලාපොරොත්තුව, දරු උපතක්. ‘සාරි පොඩිත්තක් ඇඳගෙන’ ගීයෙන් විවාහය ගැන ඉදිරිපත් කිරීමක් කරනවා. ‘මූදු පතුල යට ඉඳලා...’ ගීයෙන් දරු උපත. එතැන් සිට ‘පුංචි පන්තිවල හැබෑම හුරතල්’ ගීයෙන් දරුවාගේ පාසල් කාලය ගැන කියනවා. මේ විදිහට ජීවිතයේ විවිධ අවස්ථා නාටකීය ස්වරූපයෙන් ගීත ඔස්සේ ඉදිරිපත් වෙනවා. පසුබිමින් මේ ගීත වාදනය වෙද්දී අපේ දරුවන් නර්තනයන් සහ රංගනයන් ඉදිරිපත් කරනවා.
 
 ඇයි මෙවැනි වෙනස් ආකාරයේ විවිධ ප‍්‍රසංගයක් පවත්වන්න තීරණය කළේ............
 
 ආනන්ද විද්‍යාලය විසින් සෑම වසරකම සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී විශාල ප‍්‍රසංග පවත්වනවා. ඒ විවිධ නම්වලින් ඒ ප‍්‍රසංගවලදී වැඩිම දායකත්වයක් දක්වන්නේ පාසලේ විවිධ සංගම්වල සාමාජික සිසුන්. උදාහරණයක් විදියට ‘විවාචි කියන ප‍්‍රසංගය ගත්තොත් ඒකට දායක වන්නේ බටහිර සංගීත කවයේ දරුවෝ ‘අනඳ පැහැසරණිය’ සිංහල සාහිත්‍ය කලා සංසදයේ දරුවෝ. අනඳ ප‍්‍රතිභා ගත්තොත් නර්තන ඒකකයේ දරුවන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒවා තුළ අපේ දරුවන්ට ලැබෙන අවස්ථාව අඩුයි. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ රජයේ විෂය නිර්දේශයට අමතරව අපි විවිධ විෂයයන් කරනවා. ඉන් එකක් තමයි නර්තන විෂය. දරුවා පළමු පන්තියට ඇතුළත් කළ දා සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සෑම දරුවකුට ම නර්තනය උගන්වනවා. ඒකට හේතුවක් තමයි පිරිමි දරුවන්ගේ සංයමය ඇති කරගන්න, කලාත්මක හැකියා පැත්තට යොමු කිරීම මෙන්ම අධි කි‍්‍රයාකාරීන් නිරූපණයට අවස්ථාව සලසාදීම. ඊට අමතරව ඉංගී‍්‍රසි, තොරතුරු තාක්‍ෂණය සහ පිහිනීමට අපි ඒ දරුවන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ තුළින් සමබර පෞරුෂයක් ඇති පුද්ගලයෙක් ආනන්දයෙන් දායාද කරනවා කියන පදනමෙන් තමයි මේ විවිධ අංග සිදු කරන්නේ. වර්ෂය පුරා මේ දරුවන් නර්තනය හදාරනවා. ඒ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමේ තෝතැන්නක් තමයි අපේ මේ ප‍්‍රසංගය.
 
 මේ පිළිබඳ දරුවන් තුළ ඇති උනන්දුව...
 
 නර්තන ශිල්පීන් 1500 ක් නේ. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව හෝ නෙළුම්පොකුණ හෝ සුගතදාස කී‍්‍රඩාංගණය වැනි තැනක ශිල්පීන් 1500 ක් යොදාගෙන ප‍්‍රසංගයක් සංවිධානය කළත් ඒක ලොකු අභියෝගයක්. නමුත් මේ පුංචි දරුවන් කිසිම කෙනෙක් ශිල්පීන් නොවේ. ඒ නිසා මේ අය මෙහෙයවීම ඉතා අසීරුයි. නමුත් දරුවන් හරිම කැමැතියි. මේ තුළ කාන්තා චරිත, කාන්තා නැටුම් ඉතා කැමැත්තෙන් කරනවා.
 
 පන්ති තිහකින් අංග තිහක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව පූජා නර්තනයක් ඉදිරිපත් කරනවා. මේ අංග තිස් එකම පුහුණු කරන්න බෑ, එක ආචාර්යවරයකුට. ඒ නිසා අපි මේ සඳහා හය ශේ‍්‍රණියේ සිට දහතුන්වැනි ශේ්‍්‍රණිය දක්වා උගන්වන නර්තන ආචාර්යවරුන්ගේ සහාය ලබාගන්නවා. ඊට අමතරව නර්තන ගුරුවරුන් වන පාසලේ දෙමවුපියන්ගේ සහාය ලැබෙනවා. සහන් රන්වල, ජනනාත් වරකාගොඩ වැනි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ ඉන්නවා අපේ පාසලේ දෙමවුපියන් ලෙස. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහායත් අප ලබා ගන්නවා. දෙමවුපියන්ගේ සහාය විශිෂ්ටයි.
 
 අපි මේ ප‍්‍රසංගය අද (09 දා* 6.30 ට සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පවත්වනවා. මේ මගින් පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට විශාල දායකත්වයක් ලබාදෙනවා.
 
 කූල් ටෙම්පෝ සහ ඉමාෂි පබ්ලිකේෂන් අපට අනුග‍්‍රහය ලබා දෙනවා.
 
 - අලහකෝන්

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles