Divaina - ‘උදුම්බරා’ තිරයේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

udumbara500i
 
 තම රටට රන් පදක්කමක් දිනා දීම තම සිහිනය කරගත් මැදි වයසේ පුද්ගලයෙකු වූ ආනන්ද වටා මෙම කතා පුවත දිගහැරේ. තමා දුටු එම සිහිනය තමාට ඉටු කරගන්නට නොහැකි වූ තැන සිය පුතා වූ සචින් ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයෙකු බවට පත්කොට තම සිහිනය සපුරා ගන්නට ඔහු උත්සාහ කරයි. නමුත් සිය පුතා සහ බිරි`ද නොසිතූ ලෙස හසිදි අනතුරකට මුහුණ දීමත් සමග ඔහුගේ සිහිනය මෙන්ම ජීවිතයද බි`ද වැටේ.
 
 මේ අවාසනාවන්ත බි`ද වැටීමෙන් ජීවිතයේ ඉතාමත් අසීරු කාලයක් පසුකරමින් සිටින ආනන්දට උදුම්බරා නම් ක‍්‍රියාශීලී ධාවනයට දක්‍ෂ ගැහැනු ළමයෙකු මුණගැසේ. උදුම්බරා කඩාවැටුණු ආනන්දගේ ජීවිතයට අලූත් ආරම්භයක් ලබාදෙමින් ඔහුට ජීවත්වීමට හේතුවක් බවට පත්වේ. එතැන් පටන් ඔහු තම රටට රන් පදක්කමක් ලබාගැනීමේ සිහිනය වෙනුවෙන් උදුම්බරාව පුහුණුකිරීමේ වගකීම භාරගනී.
 
 සිහිනය දකින්න, එය විශ්වාස කරන්න එය අත්පත් කරගන්න..

 

udumbara500ii
 
 උදුම්බරා තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කේ. එස්. චමන්ත්රාජ්ගෙනි. නිෂ්පාදනය එම්. ටී.වී. චැනල් පුද්ගලික සමාගම විසිිනි. ජැක්සන් ඇන්තනී, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, රංගනයෙන් දායක වන අතර පාර්ලිමේන්තු මන්ති‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සිනමාවට මෙහිදී හ`දුන්වා දෙයි. ඒ වගේම නදීෂානි ඇන්ඩසන් ද සිනමාවට හ`දුන්වා දෙන නවක නිළියයි. හර්ෂි රසාංගා, රයන් ගමගේ, කෞෂල්‍යා නිර්මාණ ප‍්‍රනාන්දු ද රංගනයෙන් දායක වේ.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles