Divaina - රෝගීන්ට ප‍්‍රතිකාරයත්, ජනතාවට රසාස්වාදයත් දෙන්න සූදානම් - සාලිය උඩුවැල්ල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

salaya145
 
 
 ඔහු නමින් සාලිය. සාලිය උඩුවැල්ල. රුසියාවේ කර්ස් නුවර වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන සාලිය නිවාඩුවකට ලංකාවට ආ අතරේ සංගීතයට තියෙන ඇල්ම නිසාම අලූත් සිංදුවක් සමඟ රූප රචනාවකුත් කරලා ගීතය ගයන අතරේ රූප රචනාවටත් පෙනී සිටින සාලියගේ මේ අලූත්ම කලා කටයුත්තට බොහෝ ප‍්‍රතිචාර ලැබෙමින් පවතින අතරතුර අපි ඔහු මුණගැසුණා.
 
 * සාලියට නිවාඩුවක් ලැබිලා වගේ?
 
 ඔව්. අවුරුද්දකට වතාවක් අපට පුංචි නිවාඩුවක් ලැබෙනවා. ඒක ගත කරන්න ලංකාවට ආවා.
 
 * නිවාඩුව ගත වුණේ් සංගීතයත් එක්ක?
 
 මගේ එකම විනෝදාංශය තමයි සංගීතය සමඟ කටයුතු කිරීම. ඒ නිසා මම නිවාඩුවට එන්න කලින්ම ලංකාවට ඇවිත් මායම් කතාවේ කියන මේ ගීතය කරන්න ප්ලෑන් කරගෙනයි ආවේ.
 
 * ඔබ සංගීතයට යොමු වෙන්නෙ?
 
 පාසල් අධ්‍යාපනයට යොමු වෙනවත් එක්කම. මම හිතන්නෙ හෝඩියේ පන්තියේ ඉඳලා මම ගීත ගායනයට යොමු වුණා.
 
 * ඒ කියන්නෙ සංගීතය විෂයක් හැටියට හැදෑරුවා?
 
 පාසලේදී සංගීතය ඉගෙන ගත්තා. මගේ හැකියාවන් හඳුනාගෙන අම්මයි තාත්තයි මාව රෝයල් කොලොජ් ඔෆ් මියුසික් ආයතනයටත් ඊට අමතරව වික‍්‍රමපාල පල්ලියමුල්ල සහ අතුල ලියනාරච්චි කියන ගුරුවරු දෙපළ වෙත යොමු කළා. ඒ හරහා තමයි මගේ දක්ෂතා ඔප මට්ටම් කරගන්න ලැබෙන්නෙ.
 
 * සංගීතයට මෙතරම් ඇලූම් කරන ඔබ පූර්ණ කාලීන සංගීත ශිල්පියෙක් වීමට නොසිතුවේ?
 
 සංගීතය වගේම වෛද්‍ය වෘත්තියත් මගේ ජීවිතේ අංක එකේ තියෙන දෙයක්. අනික හැකියාව සහ අවස්ථාව තියෙද්දි ඒ සඳහා යොමු නොවෙන එකත් අපරාධයක්. මේ දෙඅංශයම මට ඕනෑ.
 
 * වෛද්‍ය වෘත්තියත්, සංගීත කටයුතුත් අතර තිබෙන පරස්පර සම්බන්ධය ඉදිරියේදී ඔබට අභියෝගයක් වුණොත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා. ඉදිරියේදී මම වෛiවරයෙක් විදිහට ජනතාවට සේවය කරන අතරතුර සංගීතය හරහා ඔවුන්ට රසාස්වාදය ලබා දෙන්න මට හැකිවේවි.
 
 * මේ ඔබේ පළමු නිර්මාණයද?
 
 නැහැ. මම පාසල් යන කාලේ මගේ ගීත හතරත් ඇතුළත් කරල ‘පුංචි පුංචි මල් කියලා’ සීඞී තැටියක් කළා. ඒක තමයි පළමුවැනි නිර්මාණය. ඒ අතරතුර තවත් ගීත කීපයක් කරලා තියෙනවා. මේ මගේ දොළොස් වැනි ගීතය.
 
 * අලූත්ම ගීතය ගැන විස්තර ටිකක් කියමුද?
 
 ඇත්තටම මේ ගීතය අලූත්ම තේමාවක් යටතේ ලියැවුණු ගීතයක් කියලා කියන්න පුළුවන්. පද රචනාව කසුන් කොන්ඩ සිංහගෙ. අනුෂ්ක දසනායක සංගීතය මුසු කරපු මෙහි රූප රචනාවට මටත් ඕෂදි හිමාෂත් රංගනයෙන් දායක වුණා.
 
 * කොහොමද ලැබෙන ප‍්‍රතිචාර
 
 කියන්න සතුටුයි. මේ වෙද්දි ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. නවකයෙක් හැටියට ඒක මම කවදාවත් බලාපොරොත්තු නොවුණ තත්ත්වයක්.
 
 * ගායකයෙක් විදියට ඔබේ ඉදිරි බලාපොරොත්තු අපේ රටේ සංගීත ලෝලින්ට වෙනස්ම ආකාරයේ රසාස්වාදයක් දිය හැකි අර්ථවත් ගීත
 
 ගායනය තුළින් ඔවුන් වෙත සමීප වෙමින් දක්ෂ
 
 ගායන ශිල්පියෙක් වීම තමයි බලාපොරොත්තුව.
 
 
 
 ධම්මික හේවාවසම්
 
 ඡුායාරූප -
 
 සමන් රණවීර


 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles